Tuesday, May 31, 2016

පිරමිඩ ගොඩනැගුනු හැටි මුල සිට (පලමු කොටස)

සියවස් ගනනක් පුරා මිනිසා විසින් කල විශාලතම නිර්මාණය ලෙස සැලකූ මිසර පිරමීඩ වල විකාශණය ගැන ලිපිපෙලක් අද සිට....


පිරමීඩයක් කියන්නේ මුදුනේදි එක්වන ත්‍රිකෝණාකාර ආනත මුහුනත් සහිත නිර්මාණයක්. ලොව රටවල් කිහිපයකින්ම පිරමිඩ වලට සමාන නිර්මාණ හමුවුනාට, ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඊජිප්තු පිරමීඩ.
මුලින්ම මිසරයේ මියගිය ප්‍රභූන්ගේ සිරුරු මමිකරණය කරලා තැම්පත් කලේ ''මස්ටබා'' කියන සොහොන් වල. මස්ටබා කියන වදනේ තේරුම සදාතනික ගෘහය යන්න. පැරණි මිසර ජාතිකයන් විශ්වාස කලා තමන්ගේ ශරීරය හා ආත්මය තදින් බැදී තියනවා කියලා. එයාලා විශ්වාස කලා මරණයෙන් පසු ශරීරය සම්පූර්ණයෙන් විනාශවීම සිදුවුනොත්, ඊලග ආත්මයෙත් පැවැත්ම නැතිවෙනවා කියලා. ‍

මමිකරණයේදි මුලින්ම සිරුර පිරිසිදු කරලා, අවයව ඉවත් කරනවා. පසුව ශරීරයේ ජල ප්‍රමාණය අඩු කර ඹෟෂධ ඇතුල් කිරිම සිදු කරනවා. ඖෂධ ඇතුල් කර වෙලීම සිදුකරන අතර කැටයම් කරුවන් විසින් සකස් කල මුහුනත් මගින් සරසනු ලබන්නේ ඉන් අනතුරැවයි.

මමිකරණය කරගැනීම හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මේ සදහා එකල ඉහල පිරිවැයක් යනවා. ඒ නිසා ප්‍රභූන්, පූජකයන්, රජවරුන්ගේ සිරුරු තමා මෙලෙස මමිකරණය කරලා තියෙන්නේ. 
නමුත් පිරමිඩ වල රජවරුන්ගේ සිරුරු වලට අමතරව, සේවකයන්ගෙත් සතුන්ගේත් මමි හමුවුනු අවස්ථා තියනවා. මෙලෙස සේවකයන් මමිකරණය කලේ රජුගේ මරණින් පසු ආත්මයේදිත් ඔහුට අවැසි සේවකයන් ලබාදිමට බවයි පැවසෙන්නේ.මෙලෙස මමිකරණය කල සිරුරු ආරක්ෂාකාරිව තැබීමට මස්ටබා ඉදිකරා.
       
වර්තමානයේ දක්නට ලැබෙන පිරමිඩ තැනීම ආරම්භය උනේ මිසරයේ ජෝසර් නම් පාරාවෝ රජතුමා වෙනුවෙන්. මෙම පිරමිඩය තැනිමට උපදෙස් දුන්නේ ජෝසර් පාරාවෝ රජුගේ පුරෝහිත ලෙස සැලකෙන ඉම්හුටොප් විසිනුයි. සකාරා සුසාන ප්‍රදේශයේ තැනූ මෙම පිරමිඩය බාහිර පෙනුමින් පඩිපෙලක් වැනිය. එක මත මත තැනූ මස්ටබා වලින් මෙය සමන්විත වීම මෙම පෙනුම ලැබීමට හේතුවයි. මෙය හුනුගල් පිරමීඩයක් විය. නමුත් මෙම පිරමීඩයේ ගර්බයේ ජෝසර් රජුගේ සිරුර තැම්පත් කිරිම සිදු නොවීය. සිරුර තැම්පත් කලේ පිරමීඩයට යටින් සැදු වෙනත් කුටියකයි. මෙම කුටිය කලු ගල් වලින් තනනු ලැබූවකි.
                                            

ජෝසර් රජු 


 
මුල් කාලිනව සිරුරු තැම්පත් කල  ‘‘මස්ටබා‘‘

ස්ටෙප් පිරමිඩය

කොෆූ වැනි අති දැවැන්ත පිරමීඩ තැනීමේ මූලාරම්භක පිරමිඩය මෙයයි.

පඩි පෙලක් ලෙස තැනුනු පිරමිඩ, ඔපදැමු ආනත මුහුනත් සහිත පිරමීඩ බවට පත්වූ හැටි ඊලග ලිපියෙන්........


- රොෂීන් ප්‍රනාන්දු

No comments:

Post a Comment