Sunday, December 4, 2016

NASA එකෙන් ඩොලර් 30,000ක් ගන්න කැමතිද?

ඔයාලා NASA ආයාතනය ගැන දන්නවානේ. 
එයාලාට මේ ගැටලුවට උත්තර හොයාලා දෙන කෙනෙකුට ඩොලර් 30,000 ක් ලබාදෙන්න ඔවුන් සූදානම්.





අභවකාශයට යන්නෙත් මිනිස්සුනේ. එයාලටත් මලපහ කරන්න අවශ්‍ය වෙනවා. නමුත් ගුරුත්වාකර්ෂණය අඩු තැනක මේ දේවල් කරන්න යනකොට ගැටලු මතු වෙනවා. මේ ගැටලු තවත් වැඩි කරනවා අජටාකාෂ ගාමින් ඇදන් ඉන්න කිලෝ ගානක් බර ඇදුම නිසා. ඔය ඇදුම හිතුන හිතුන වෙලාවට ගලවන්න පුලුවන් ඇදුමක් නෙවෙයිනේ.

දැනට අභ්‍යවකාශයේ රදවා ඇති, අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින අජටාකාශගාමින් භාවිතා කරන්නේ විශේෂ උරාගැනිමක් සහිත ඩයිපර් වර්ගයයි. නමුත් එහි රැදි සිටින අජටාකාශගාමින් පවසන්නේ ඩයිපර් බාවිතය තාවකාලික විසදුමක් බවත්, එය ශරිර සෞඛ්‍යයට එතරම් සුදුසු නොවන බවත්ය. 

ඩයිපර් දිර්ඝ කාලිනව භාවිතය නිසා, විවිධ ආසාදන මතුවිමේ වැඩි සම්බාවිතාවක් හැකියාවක් පවතිනවා. 

මේ ගැටලුවට දැන් NASA ආයතනය ස්ථිර විසදුමක් සොයමින් සිටිනවා.  NASA ආයතනය මගින් මෙම ගැටලුවට නිසි විසදුම් සපයන්නෙකුට ඩොලර් 30,000 මුදලක් ලබාදීමට සුදානම්.

මල අපද්‍රව්‍ය කලමණාකරය කිරිම, ගැඹුරු විශ්වය පිලිබදව ගවේෂණය කිරිමේදිද බලපාන සාදකයක්. මේ ගැටලුවට ලැබෙන විසදුම්, ඉදිරි ගවේෂණ කටයුතු සදහාද බලපානවා.

ඔබත් දක්ෂයෙක් ද?
ඔබටත් අවස්ථාව තියනවා පිලිතුරු හොයන්න.



No comments:

Post a Comment