Monday, February 6, 2017

උපත් පාලන පෙති

උපත් පාලන ක්‍රම ගැන මූලික හැදින්වීමක් පෙර ලිපියකින් 
අපි කතා කලා.
අද වන විට බහුලව බාවිතා වන තාවකාලික උපත් පාලන ක්‍රමයක් වන
උපත් පාලන ගිලින පෙති ගැනයි අද කතා කරන්න යන්නේ.






පෙර ලිපිය මෙතනින් කියවන්න.

අනවශ්‍ය ගැබ්ගැනිම් වලකා ගන්නට, දරුවන් අතර නිසි පරතරයක් තියාගන්නට, තම කුටුම්බයට ගැලපෙන ප්‍රමානයට දරුවන් බිහිකරගන්නට වගේම මවගේ හා දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය රැකගන්නටත් උපත් පාලනය අවශ්‍යමයි.  

විවාහකයන්ට  පමනක් නෙවෙයි, අවිවාහකයන්ටත් උපත්පාලන පෙති නිර්දේශ කරන අවස්ථා තියනවා.  








උපත් පාලන ගිලින පෙති ගැන කතා කරන්න කලින්, ඔසප් චක්‍රය, ගැබ්ගැනිම හා හෝමෝන බලපාන ආකාරය ගැන සරල සිංහලෙන් කතා කරලා හිටියොත් පහසු වේවි කියලා හිතනවා.

වැඩිවියට පත්වූ, ගර්භණි නොවු, හා ආර්ථවහරනය සිදුනොවු නිරෝගී කාන්තාවකගේ සාමාන්‍යෙයන් සැම දින 28 කට වරක්ම ඔපස් වීම වෙනවා. ඔපස් චක්‍රය තුල සිදුවන සිදුවීම් බොහෝමයි. ඔසප් චක්‍රය හෝමෝන මගින් පාලනය වෙනවා.

කාන්තාවකගේ ඩිම්බ කෝෂය මගින් ඊට්‍රජන් හා  ප්‍රොජෙස්ටරෝන් හෝමෝන දෙකක් නිකුත් කරනවා. එමෙන්ම මොලයේ පූර්ව පිටියුටරියෙන්  FSH හා LH යන හොමෝන ශ්‍රාවය කරනවා.

සාමාන්‍යෙයන් ඔසප් චක්‍රයේ 14 වැනි දින ඩිම්බකෝෂය මගින් ඩිම්බ නිකුත් කිරිම සිදුකරනවා. ඒ වන විට ඉහත සදහන් කල හෝමෝන වන උදව්වෙන් ඩිම්බකෝෂයේ ඇතුල් බිත්ත වල ඝනකම වැඩි වෙලා, ශුක්‍රාණු ඇතුල්විම පහසු විම සදහා ගැබ්ගෙලේ මියුකස් වල ඝනකම අඩුවෙලා ගැබ්ගැනිමකට ගර්භාෂය සුදානම් වෙලායි තියෙන්නේ. ඩිම්බ මෝචනය වන විට ශුක්‍රාණුත් පැලෝපිය නාලයට ඇතුල්වෙලා තිබුනොත් සංසේචනය සිදුවෙලා ගැබ්ගැනිම වෙනවා. 

ගර්භාෂයේ ඇතුල්බිත්ති ඝනකම වැඩිවෙලා නිසා, පැලෝපිය නාලය හරහා එන සංසේචනය වුන යුක්තානුව (බ්ලාශ්ඨ කෝෂ්ඨය කියලායි ඒ අවස්ථා‍ෙවේ හදුන්වන්නේ)  ඝනකම් ගර්භාෂ බිත්ති තුල ගිලි රෝපනය වෙනවා. මෙය අධිරෝපනය කියලා හදුන්වනවා.

නමුත් ඩිම්බ මෝචනය වෙන වෙලාවේ ශුකානු ඇතුල්වෙලා තිබුනේ නැතිනම් ගැබ්ගැනිමක් නැනේ්. මේ නිසා ඇතිවන  හෝමෝන මදකම නිසා ගර්භාෂයේ ඇතුල්බිත්ති ගැලවී ගිහින් ඝනකම අඩුවෙනවා. මෙය තමයි ඔසප් වීම ලෙස හදුන්වන්නේ.  ඔන්න ඔහොමයි සිද්ධිය සරලවම කිව්වොත්.

උපත් පාලන පෙති වලත් අන්තර්ගත වන්නේ ඊට්‍රජන් හා ප්‍රොෙජස්ටරෝන් කියන හෝමෝන වර්ගම තමයි. දින 28 හා 21 පෙති ලෙස පවතිනවා්‍. එමෙන්ම වෙලද පොලේ මිශ්‍රපෙති හා එක් හෝමෝනයක් පමණක් අඩංගු පෙති ලෙස ගන්න තියනවා.

ඔබට ගැලපෙන උපත් පාලන පෙති වර්ගය තෝරාගැනිමට වෛද්‍යවරයකු හමුවෙලා තිරණය කරන්න පුලුවන්.

ඔබ දින 29 පෙති භාවිතා කරනවානම් සැම දිනකම යොදාගත් වෙලාවකදි එය බොන්න වෙනවා. එකදවසක් හරි අමතක වුනොත්, මතක් වුන සැනින් බොන්න.  නමුත් දින 21 පෙති නම් හැමදාම බොන්න ඕනා වෙන්නේ නැ. 

නිසි ආකාරයට පෙති භාවිතා කිරිම මගින් නිසි භාවිතය මගින් ඩිම්බ මෝචනය වලක්වා , ගැබ්ගෙලේ මියුකස් පටලයේ ගණකම වැඩිකර, එන්ඩොමෙට්රි්යමේ ඝනකම අඩු කරනවා එමගින් අධිරෝපනය වලකනවා. එමගින් උපත් පාලනයක් සිදුකරනවා.

ඔබේ වයස 40 ඉක්මවා ඇත්නම්, දුම්පානය කරයි නම්, මහතින් වැඩිනම්, දියවැඩියාව තිබේනම්, ඊට්‍රජන් හෝමෝන අසාත්මිකතාව පවතිනම්, අධි රුධිර පීඩනය පවතිනම්, ගැබ්ගෙන ඇතැයි සැකනම්,කිරිදෙන මවක් නම්, අක්මාව ආශ්‍රිත ගැටලු පවතිනම් උපත් පාලන පෙති භාවිතයට ප්‍රථම වෛද්‍යවරයකු හමුවන්න.

උපත්පාලන පෙති භාවිතයේ වාසි

  • ලොව පුරා වසර ගනනක් භාවිතා වන සාර්ථක ක්‍රමයකි.
  • භාවිතය පහසුය.
  • පහසුවෙන් නැවැත්විය හැක.
  • අධි රුධිර වහනය නවතනවා.
  • ඔසප් චක්‍රය ක්‍රමවත් කරයි.
  •  ඔසප් වේදනා අවම කරයි.
  • කුරුලැ අවම කරන බව සොයාගෙන ඇත. (එහෙමයි කියලා නිර්දේශ නැතුව බොනවා නෙවෙයි)
  • ඩිම්බකෝෂ හා ගර්භාෂයික පිලිකා අවම කරයි.
ඒකයි කිව්වේ විවාහක අයට වගේම අවිවාහක අයටත් උපත්පාලන පෙති නිර්දේශ කරනඅවස්ථා තියනවා කියලා.

යම්  යම් සංකූලතා ද වාර්තාව නැතුවා නොවේ.

විවාහා වූ සැනින් දරුවෙක් ලැබෙන්න නව යුවල අකමැති නම්,  විවාහයට මාස 2කට පමණ පෙර ඇතිවන පලමු ඔසප් දිනයෙන් උපත්පාලන පෙති භාවිතය අරබන්නට පුලුවන්. වෛද්‍යවරයෙක් එක්ක කතා කරන්න ලැජ්ජා වෙන්න එපා. අනික යුවලම යන්න අමතක කරන්නත් එපා.


මම හිතනවා ඔයාලාට හොද අදහසක් ලැබෙන්න ඇති කියලා. 
මේ ලිපියේ ඉඩ මදි හදි​සි උපත්පාලන පෙති ගැන කතා කරන්නට.
ඒක ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න.

- රොෂින් ප්‍රනාන්දු
වෛද්‍ය ශීෂ්‍ය






      

No comments:

Post a Comment