Wednesday, March 8, 2017

සුලගින් දුවන නෙදර්ලන්ත දුම්රිය පද්ධතිය

නෙදර්ලන්ත දුම්රිය සේවය ලෝකයටම වැඩදායි අලුත් වැඩකට අතගහලා තියෙනවා.







පුනර්ජනනිය බලශක්තිය ගැන නමක් දිනා සිටින නෙදර්ලන්තයේ විදුලි දුම්රිය සියල්ලම මේ වනවිට ධාවනය වන්නේ සුලං බලයෙන් උත්පාදනය කරන විදුලිය භාවිතයෙනි.



නෙදර්ලන්ත විදුලිබල සමාගම හා දුම්රිය සේවය එකට එක්ව සිදුකරන ව්‍යාපෘතිය, 2018 ජනවාරි මසයේදි සම්පුර්ණ කිරිමට තිබුනද, පසුගිය ජනවාරියේදි විදුලි දුම්රිය සදහා 100%ක්ම සුලං විදුලිය ලබා දිමට හෙතෙම සමත්විය.

නෙදර්ලන්ත විදුලි දුම්රිය විසින්  මගීන් ලක්ෂ 6කට ප්‍රවාහණය සපයයි. දිනකට දුම්රිය ගමන්වාර 5500ක් පමණ සිදුකරයි. මෙම දුම්රිය සියල්ලම වායුසමිකරණය කල අති නවින පන්නයේ දුම්රිය වේ.



මෙම ව්‍යාපෘතිය වෙනුවෙන්ම නව සුලං බලාගාර ඉදිකල අතර, එක් සුලං බලාගාරයකින් පැයකට  උත්පාදනය කරන විදුලියෙන්, විදුලි දුම්රියක් සැතපුම් 120ක් ධාවනය කල හැක.


රට වටේටම මුහුද තියෙන, ඇති තරම් සුලං තියෙන අපේ රටේ කොච්චර දෙයක් කරන්න පුලුවන්ද?

- රොෂීන් ප්‍රනාන්දු



No comments:

Post a Comment