Saturday, April 22, 2017

හිරු එලියට දෙසට හැරෙන ශාක

හිරු එලිය වැටෙන පැත්තට ශාක හැරි වැඩෙනවා ඔයාලා දැකලා ඇතිනේ. කොහොමද මෙහෙම වෙන්නේ?






ශාක මෙසේ අාලෝකය ලැබෙන දිශාවට අනුව නැමී වැඩිම Phototropism / ප්‍රභාවර්තනය ලෙස හදුන්වනවා.

ශාක වර්ධනය හා විවිධ කාර්යයන් සිදුවිම සදහා ශාක වර්ධක ද්‍රව්‍ය නිපදවනු ලබයි. පෙරදි මෙම වර්ධක ද්‍රව්‍ය, ශාක හෝමෝන ලෙසද හදුන්වනු ලැබුවා.



මෙම ප්‍රභාවර්තන කාර්යය සදහා ප්‍රධාන වශයෙන් දායක වන්නේ "ඔක්සීන" නම් වර්ධක ද්‍රව්‍යයයි.
ශාක අග්‍රස්ථ වලින්ද වැඩි සාන්ද්‍රණයකින් යුතුව ඔක්සින නිපදවනු ලබයි. 




ශාකයකට යම් එක් දිශාවකින් වැඩි වශයෙන් එලිය ලැබෙන විට, අග්‍රස්ථයේ ඊට ප්‍රතිවිරුද්ද පැත්තේ ඔක්සින සාන්ද්‍රණය ඉහල යයි.
මෙසේ සිදුවිම සම්බන්දව නිගමන කිහිපයක්ම පවති.
1) ආලෝකය වැටිම නිසා, ඔක්සින සක්‍රිය පරිවහනයෙන් අලෝකය අවම පැත්තට ගමන් කිරිම.
2) එලිය වැටෙන පැත්තේ අඩු ඔක්සින සාන්ද්‍රණයක් නිපදවිම.
3) අග්‍රස්ථ විභාජක මගින් නිපදන ඔක්සින ඊට පහලින් පිහිටි අනුයාත පෙදෙස් වලට බෙදාහරිමේදි ආලෝකය අවම පැත්තට වැඩි වශයෙන් සාන්ද්‍රණය කිරිම.

මෙවැනි හේතු නිසා, ආලෝකය වැඩි පැත්තට වඩා අඩු පැත්තේ ඔක්සින සාන්ද්‍රණය වැඩිවේ. ඔක්සින විසින් එම පැත්තේ සෛල දික් කරයි.වර්ධනය සාපේක්ෂව වේගවත් කරයි. මේ හේතුවෙන් ආලෝකය වැඩි පැත්තට වඩා, අඩු පැත්තේ සෛල සාපෙක්ෂව දික් වේ. මේ නිසා ආලෝකය දෙසට ශාක මුදුන් නැවේ.

- රොෂීන් ප්‍රනාන්දු

No comments:

Post a Comment