Monday, May 15, 2017

අවුරුදු 10 ක දැරියක් මිලියනපතියෙක් කල බිම්කඩ

නොසිතු මොහොතක පොලවෙන් මතුවූ නිධානය නිසා බිහිවූ ‘‘  ලොව ලාබලතම කලුජාතික ධනවතිය‘‘ ගැන ඔබ දැන සිටියාද?



සාරා රෙක්ටර්

ක්‍රි.ව 1902 වසරේදි සාරා රෙක්ටර් උපත ලබන්නේ ඇමරිකාවේ ඔක්ලහෝමා හි කලු ජාතිකයින් වෙසෙන කුඩා නගරයකදිය. ඇගේ මව හා පියා වූ ජෝසප් හා රෝස්, කලු ජාතික වහල් පරපුරකින් පැවත එන්නන් වූ අතර, ඒ දෙපලගේම පියවරුන් තම නිදහස උදෙසා ඇමරිකානු සිවිල් යුද්ධයටද සහභාගි වි තිබුනා.

මහත් පරිශ්‍රමයකින් පසුව ඇමරිකාව තුල වහල් මෙහෙය අහෝසි කරනු ලැබුවා.  19 වන සියවසේ අගභාගයේදි ඇතිවූ දේශපාලන ප්‍රතිසංස්කරණ සමගින් පෙර වහල් සේවයේ යෙදුනු පිරිස් වෙත නව බිම් කඩක් ලබාදිමට කටයුතු සුදානම් කෙරුනා. ඒ වෙනුවෙන් විශේෂ කොමිසමක්ද පත්කරනු ලැබුවා.

මේ අනුව සාරා රෙක්ටර් හා ඇගේ පවුලේ සාමාජිකයින් වෙතද නව ඉඩම් ලැබුනා. අක්කර 160ක වපසරියකින් යුතු විශාල ඉඩම් ඔවුන් වෙත ලැබුනත්, ගල් බොරලු සහිත පසක් සහිත කදුකර ඉඩම් වූ හෙයින් කෘෂිකර්මාන්තයට මෙම ඉඩම් සුදුසු වූයේ නැ. එමෙන්ම සාරාට ඉඩම ලැබුනේද දුරබැහැරකිනි.

ඉඩමෙන් ආර්ථික ලාබයක් ලැබුවද නොලැබුවද, රජයට ඩොලර් 30ක වරිපනම් ගෙවිම අනිවාර්ය වුනා.  ඩොලර් 30 වුවත්, එයද සාරාගේ පවුලේ බත් පතට දැනෙන්න ගනනක් වුනා. ඒ හේතුවෙන් සාරාගේ පියා මෙම ඉඩම විකුනා දැමිමට උත්සහ කලද එම උත්සහයද ව්‍යාර්ථ වුනා. 

වියදම් පියවා ගැනිමේ අරමුණින්, සාරාගේ ඉඩම ස්ටැන්ඩඩ් ඔයිල් සමාගටම ( Standard Oil Company) කල්බදු දීමට හැකිවුනා. 

ස්ටැන්ඩඩ් ඔයිල් සමාගම සමග කියවෙන වැදගත්ම නමක් තමයි ජෝන්.ඩී.රොකෆෙලර් කියන්නේ.  නූතන ඉතිහාසයේ සිටි ධනවත්ම පුද්ගලයා වන්නේ ජෝන් ඩි රොකෆෙලර් මහතායි. ඇමරිකාව, ඇමරිකාවක් කිරිමට උර දි කටයුතු කල රොකෆෙලර් ගේ ආරක්ෂිත ඉන්දන නිෂ්පාදන හේතුවෙන් ලොව පුරා පහන් වූ නිවාස බොහෝමයි. ඇමරිකාවේ දුම්රිය රජු වන වැන්ඩබිල්ට් (කොමඩොර්) හා රොකෆෙලර් අතර ව්‍යාපාරික බලය වෙනුවෙන් පැවැති සටන තමයි රොකෆෙලර්ව මෙතරම් ශක්තිමත් කරන්නේ. ඒ ගැන වෙනම ලිපියකින් කතා කරමු.



ස්ටැන්ඩඩ් ඔයිල් වෙත දුන්න ඉඩම හාරද්දි මෙන්න කලු රත්තරන් මතු වෙන්න ගන්නවා. දවසකට බැරල් 2500 ක පමණ විශාල තෙල් නිධියක් සාරාගේ ඉඩමේ යට තිබිලා තියෙන්නේ.  ඩොලර් 30හේ බදු ගෙවාගන්න බැරුව හිටි සාරාගේ පවුලට දැන් දිනකට ඩොලර් 300ක් ලැබෙනවා. 

එකල පැවැති සමාජ වාතාවරණය අනුව වතු පිටි සහිත කලු ජාතික දරුවන්ව, සුදු දෙමාපියන් වෙත පැවැරිම සිදුකෙරුනා. රෙක්ටර් පවුල වෙත ඇතිවූ බලපැම් හේතුවෙන් සාරා ගේ  භාරකාරිත්වයද, පවුලේ හිතවතකු වූ ටී. පෝටර් වෙත පැවැරිම සිදුවුනා.තෙල් වලින් දහස් ගනනක මුදල් ලැබිමත් සමග සාරා මුලු ඇමරිකාව තුලම ප්‍රසිද්ධියට පත්වුනා. 

සල්ලි වලට කොහෙද පාට බේද!!

ඇය වෙත ණය යෝජනා,තෑගී වැනි බොහෝ දේ ගලා එන්නට වුනා. 12 හැවිරිදි මේ දැරියට ජර්මනියෙන් මංගල යෝජනා පවා ආවා. ඇයට පලමු පන්තියේ දුම්රිය ගමනට පවා අවසරය ලැබුනා.

සාරා 18 වැනි වියට එලැබෙන විට, මිලියනපතිනියක් වි අවසන්. ඒ වන විටත් ඇය විසින් බැදුම්කර,සුරැකුම්පත් හා අක්කර 2000කට ආසන්න භුමියක් උපයාගෙන අවසන්. නමුත් 1930 දශකයේ ඇතිවූ මහා ආර්ථික අවපාතය (Great Depression) හේතුවෙන් සාරාගේ ව්‍යාපාර බොහොමයක් පරිහානිය ලක්වුනා.

සාරා විවාහ පත්වන්නේ මධ්‍යමපාන්තිකය වූ කෙනෙත් කැම්බලේ සමගයි.  1930 වසරේදි ඔවුන් දික්කසාද වූ අතර ඒ වනවිට දරුවන් 3ගේ දෙමාපියන් වුනා.

වැඩක් නැ කියලා හිතපු බිම් කඩකින් ලැබුනු දේ දැක්කානේ!!!
වාසනාව කොහේ හැංගිලා තියනවා කියලා හිතාගන්න බැ. 



No comments:

Post a Comment