Tuesday, May 16, 2017

මිලියන ගනනින් ජිවිත බේරන එන්නත් දායක කල මිනිසා

ලිපිය කියවන හැමෝමට එන්නත් විදලා ඇතිනේ. එන්නත් කරනවා කියන වචනේ ඇහෙනකොටත් සමහරු කැමති නැ. නමුත් ලොව පුරා භාවිතා වන එන්නත් නිසා වසරකට මිලියන ගනනින් ජිවිත බේරෙනවා.  අද ලොව පුරා බාවිතා වන පොදු, ප්‍රසිද්ධ එන්නත් වලින් බොහොමයක් හදුන්වාදුන් මනුලොව දෙවිකෙනෙක් ගැනයි මේ කියන්න යන්නේ.



සරම්ප,කම්මුල්ගාය,හෙපටයිටිස් A හා B, මෙනින්ජයිටිස්. නිව්මෝනියා ගැන ඔයාලා අහලා ඇතිනේ. 
එහෙනම් මේ පුද්ගලයාව කවදාවත් අමතක කරන්න එපා. මොකද එම රෝග වලක්වාගන්න එන්නත් හදුන්වා දුන්නේ මොහුයි.
අද ලොව පුරා භාවිතා  වන ප්‍රධාන එන්නත් ලැයිස්තුවේ ඇතුලත් එන්නත් 14න් 8ක්ම මෙතුමන් විසින් සොයාගත්ත එන්නත්. මීට අමතරව තවත් එන්නත් වර්ග 40කට අධික ප්‍රමාණයක් ඔහු සොයාගත් ගිණුමට ඇතුලත්.

ඔහු නමින්,
මොරිස්  හීල්මන් (Maurice Hilleman)



ලුවිපාස්චර්,එඩ්වඩ් ජෙනර්, සැබින්,සැල්ක්,අැලෙක්සැන්ඩර් ෆ්ලෙමින් තරමින් මොරිස් හිල්මන් ගේ නම විද්‍යාව සබැදි කරුණු වලදි ඇහෙනනේ නැ. ඇහෙන්නේම නැති තරම් වගේ. 

1919 අගොස්තුවේදි මොන්ටානා හී සාමාන්‍ය ගොවි පවුලක හිල්මන්, නිවුන් සොයුරියක සමග එක්ව මෙලොව එලිය දකිනවා. නමුත් ඔහුගේ නිවුන් සොයුරියට ජිවත්විමේ වාසනාව ලැබෙන්නේ නැ. නිවුන් සොයුරිය මෙන්ම ඔවුන්ගේ මවද ප්‍රසූතයෙන් දිනකට පසුව මියයනවා. 

වසංගත සමග සටන් කල මොරිස් උපත ලබන්නේද, ඉන්ෆ්ලුවන්සා වසංගත සමයක වීම විශේෂත්වයකි. 1918 ඉන්ෆ්ලුවන්සා වසංගතය ලොව පුරා දරුණු ලෙස පැතිරගියා. එවක ජනගනයෙන් 5% තරම් ප්‍රමාණයක් බිලිගන්නට වසංගතය සමත්වුනා.

ගොවිපලක සතුන් අතර වැඩුනු මොරිස්ගේ කුඩාකාලය ගෙවිගියා. ඔහු තම අධ්‍යාපනය සම්පුර්ණ කරන්නේද තවත් අර්බුදකාරි යුගයකදියි. එවක පැවැති දරුණු ආර්ථික අවපාතය හේතුවෙන් රටේ පැවැතියේ ව්‍යාකූල තත්ත්වයකි. 

මෙවැනි රැකියාවිරහිත වාතාවරණයක් යටතේදිද රැකියාවක් සොයාගැනිමට මොරිස් හට හැකියාවක් ලැබුනත්, ඉදිරි අධයාපන කටයුතු හේතුවෙන් ඒ සියල්ලඅත්හැර දමනවා. 

21 හැවිරිදි වියේදි ක්ෂුද්‍රජිවවිද්‍යාව පිලිබද මූලික උපාධිය සම්පූර්ණ කරන මොරිස්, චිකාගෝ විශ්ව විද්‍යාලයෙන් තම ආචාර්ය උපාධිය සම්පූර්ණ කරගන්නවා. ඔහුගේ උපාධි නිබන්දනය,  chlamydia නම් ලිංගික සම්ප්‍රේෂණ රෝගය සම්බන්දව සැකසුවකි. ඉන් ඉදිරියට අපිට ඔහුගේ දැවැන්ත සොයාගැනිම් ගැන කතා කරන්න අවස්ථාව ලැබෙනවා.

ඹෟෂධ සමාගමක් වන E.R. Squibb & Sons සම්බන්ද වන මොරිස් ඔවුන් සමග එක්ව, ජැපනීස් එන්සැපලයිටීස් (Japanese encephalitis) සදහා එන්නතක් සොයාගැනිමට සමත් වෙනවා. එකට පැසිෆික් සාගර කලාපයේ දෙවැනි ලෝක යුද්ධය දරුණුවට ඇවිලෙමින් තිබුනා. සටන් වදින හමුදාව ජැපනිස් එන්සෙපලයිටිස්  හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව තිබුනා. මෙම එන්නත් සෙබලුන්ගේ දිවි බේරිමට මෙන්ම සටනේ ජයග්‍රහණය සදහාද හේතු වූවා.

1948 වසරේදි මොරිස්,  Department of Respiratory Diseases at Army Medical Center සමග සම්බන්ද වනවා. මෙහිදි මොරිස් දිර්ඝ ලෙස ඉන්ෆ්ලුවන්සා වෛරස වල විකෘති ගැන පරික්ෂණ සිදුකරනවා. මෙහිදි වෛරස වල සිදුවන විපර්යාස අනුව වාර්ශික වසංගත තත්ත්ව ඇතිවන ආකාරය පැහැදිලි කරගන්නවා.

1957 හොංකොං හීදි නව ඉන්ෆ්ලුවන්සා මාදිලියක් සොයාගැනිම මොරිස් සමත් වෙනවා. දැඩි පරිශ්‍රමයකින් මාස 4ක් තුලදි එන්නත් නිපදවා, ඒවා මිලියන ගනනින් බෙදාහැරිමට ඔහු සමත් වෙනවා.  මේ නිසා ඉන්ෆ්ලුවන්සා තත්ත්වයේ බලපෑම සැලකිය යුතු තරමින් අවම වෙනවා. 

මොරිස් ගේ දිවියේ වැදගත් සංධිස්ථානයක් ලෙස ඔහු, Merck & Co. සමග එක්වීම සැලකිය හැකියි.  Merck තුල රැදෙමින් මොරිස් තවත් වැදගත් පරික්ෂණ ගණනාවක් සිදුකරනවා.

වරක් මොරිස්ගේ ප්‍රිය දියණිය හට කම්මුල්ගාය (mumps) වැලදෙනවා. මොරිස් විසින් තම දියනියගෙන් වෙන්කර ගත් සාම්පල, පරික්ෂණ වලට භාජනය කර කම්මුල්ගාය එන්නත නිපදවනු ලබනවා.  

කම්මුල්ගාය, සරම්ප හා  රුබෙල්ලා ප්‍රතිරෝධි ප්‍රකට එන්නතක් වන MMR එන්නතද (MPR එන්නත) ද මොරිස් විසින් දායද කරනු ලබනවා. මෙය, වෛරස වර්ග කිහිපයක් සදහා වන පලමු අනුමත එන්නත ද  වීම විශේෂත්වයකි.

මොරිස් හා පිරිස එක්ව  හෙපටයිටිස් B සදහා එන්නතක් සොයාගැනිමට සමත් විය. අදද රටවල් 150කට ආසන්න සංඛ්‍යාවක මෙම එන්නත් භාවිතා වේ. හෙපටයිටිස් B එන්නත මොරිස්ගේ පරික්ෂණ දිවියේ  විශාලතම ජයග්‍රහණයකි.

මොරිස් කිසිම විටෙක නව ඔෟෂධ සැදීමට මැලි වූයේ නැ. එමෙන්ම උත්සහය අත්හැරියේද නැත. එම උත්සහයේ ප්‍රතිපලයක් ලෙස එන්නත් 40කට වැඩි ප්‍රමාණයක් දායද කරන්නට ඔහු සමත්විය. එමෙන්ම වැදගත් වෛරස ගනනාවක්ම ලොවට අනාවරණය කරන්නට සමත්විය. 

2005 වසරේදි ඔහු තම ජිවිත ගමන අවසන් කොට නික්ම ගියේය. 

නමුත් ඔහු සෑදු ඖෂධ බලයෙන් වසරකට මිලියන ගනනකගේ දිවි බේරීමට සමත් වන්නේය.

-රොෂින් ප්‍රනාන්දු

















2 comments:

  1. දැනුමට යමක් එක් කල ඔබට තුතී

    ReplyDelete