Monday, May 22, 2017

අලුත්ම ග්‍රහයාව පාතාලයට ඇද දැමු දැරිය

කලක් අප සෞරග්‍රහ මණ්ඩලයේ සාමාජිකයකු වූ ප්ලුටෝ ග්‍රහයා ගැන අපේ මිතුරන් හොදින් දැනුවත් ඇතිනේ. ප්ලූටෝ සොයාගත් අවස්ථාවේ එයට නම් තැබුවේ කුඩා දැරිවියක් බව ඔබ දන්නවාද?
 ප්ලූටෝ නමේ තේරුම කුමක්ද?




ප්ලූටෝ, කලක් අප සෞරග්‍රහ මණ්ඩලේ 9 වැනි ග්‍රහලොව ලෙස හැදින්වූවා. නමුත් අද වන විට ප්ලූටෝ සැලකෙන්නේ වාමන ග්‍රහයෙකු ලෙසයි.  අපගේ සදටත් වඩා කුඩා ග්‍රහයකු වන ප්ලූටෝ ඉර වටා එක් පරිභ්‍රමණයක් සදහා ගත කරන කාලය පෘථිවි වර්ෂ 248ක්. හිරුට ඉතා දුරින් පිහිටිම නිසා ඉතාමත් සීත ග්‍රහයෙක්.

1930 වසරේදි ඇමරිකානු ජාතික ක්ලයිඩ් ටොම්බර් (Clyde Tombaugh) විසින් ප්ලූටෝව සොයගැනිමේ ගෞරවය හිමිකරගන්නවා.

ප්ලූටෝ අනාවරණය කරගත් ක්ලයිඩ්

නමුත් ප්ලූටෝට නම් තබන්නේ ක්ලයිඩ් නම් නෙවෙයි. ඒ පුද්ගලයා හොයාගෙන අපිට එංගලන්තයට යන්න වෙනවා.

ක්‍රි.ව 1918 වසරේදි වෙනේෂියා බර්නි, එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හීදි උපත ලබනවා. ඇගේ පියා මහචාර්යවරයෙක්. ඇගේ සීයා වූ ෆැල්කොනර් මදන්, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල  පුස්ථකාලාධිපතිවයෙක්.

​බර්නි කුඩා කල

1930 වසරේ දිනක  උදැසන කුඩා බර්නි තම සීයා සමග The times පුවත්පත  බලමින් සිටින විට අපූරු පුවතක් මේ දෙපලගේ නෙත ගැටිනි. ඇමරිකානුවෙක් අලුත් ග්‍රහලොවක් සොයාගත් බව එහි සදහන් වි තිබිනි. කුලුදුල් ග්‍රහලොවට තවමත් නමක් යොදා නොමැති බවද එහි සදහන් විය.



‘‘සීයේ, ප්ලූටෝ කියන නම හොදයිද?‘‘ එය කුඩා බර්නිගේ යෝජනාව විය.

‘‘ප්ලූටෝ‘‘ යනු රෝම දේවකතා වලට අනුව පාතාලයට/අපායට අධිපතියා වේ. ග්‍රීක දේවකතා වල මෙම දෙවියා හදුන්වන්නේ ‘‘හේඩිස්‘‘ යන නමිනි. 

කේබල් පණිවිඩය


බර්නි ගේ මෙම නාම යෝජනාව ඇගේ සීයා විසින් තම මිතුරු තාරකාවිද්‍යාඥයකු මාර්ගයෙන්  ක්ලයිඩ් වෙත දන්වා යවනවා. ක්ලයිඩ් ද ප්ලූටෝ යන නාමයට ප්‍රිය කිරිම නිසා, අපගේ සෞරග්‍රහ මන්ඩලයේ 9 වැනි ග්‍රහලොව ප්ලූටෝ ලෙස නම්කරනු ලැබුවා.

ප්ලූටෝ නම යෝජනා කරන විට බර්නි යාන්තමින් 12 වැනි වියට පා තැබුවා පමණයි. ඇය පැවත එන්නේ ග්‍රහා-තාරකා වලට නම් තබන පරපුරකින් වීමද වි‍ශේෂයි. බර්නිගේ සීයාගේ සොයුරා වූ හෙන්රි මදන් විසින් අගහරුගේ  ෆෝබොස් හා ඩේමුස් යන  චන්ද්‍රයන්ට නම් තැබු පුද්ගලයා වේ.

බර්නි විසින් කුඩා කල නම් තැබූ ප්ලූටෝ ග්‍රහලොව, ඇගේ ජීවිතයේ අවසන් භාගයේදි වාමන ග්‍රහයකු ලෙස නම්කරනවා. 

බර්නි හට උපහාර දැක්විමක් ලෙස  6235 Burney ලෙස  ග්‍රහයකු නම් කර තිබෙනවා.

ඔන්න ඔහොමයි පුංචි බර්නි අලුත්ම ග්‍රහයෙක්ව පාතාලයට දැම්මේ!!!

- රොෂීන් ප්‍රනාන්දු
වෛද්‍ය ශිෂ්‍ය

මේ ලිපිත් කියවන්න

තවත් මෙවැනි ලිපි කියැවිමට ‘‘සැගවුනු ඉතිහාස කතා‘‘ ලේබලයට පිවිසෙන්න...








6 comments:

  1. නියමයි. අදයි ගොඩ වැදුණේ මේ බ්ලොග් එකට. මගේ බ්ලොග් රෝලට දාගත්තා දැන්.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා නලින් මිතුර.
      විවිධ ක්ෂේත්‍ර ගණනාවක් යටතේ ලිපි ගනනාවක්ම බ්⁣ලොග් අඩවියේ පලකර තිබෙනවා.
      ලේබල වලට පිවිසිමෙන් ඔබට පහසුවෙන් එම ලිපි බලාගත හැකියි

      නව දැනුම එකතුකරගත් දිනයක් වේවා.
      ස්තුතියි

      Delete
  2. තවත් බ්ලොග් එකක් මෙහි හැඩවැඩ ඇතුවා
    හිතත් සතුටුවන ලිපියක් දී ඇතුවා
    තුතිත් දෙමිය වටිනා ලිපි මෙහි ඇතුවා
    හෙටත් ඇවිත් මෙය බලන්න හිත ඇතුවා.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. තුති මිතුර,
      ජයවේවා!!!

      Delete