Monday, May 29, 2017

Touchscreen වැඩ කරන හැටි

Touchscreen, ජංගම දුරකතන වලට පමණක් සීමා වූ දෙයක් නෙවෙයි.  ATM, සුපිරිවෙලද සැල් වැනි මෙකි නොකී ස්ථාව බොහෝමයකදීම Touchscreen සහිත උපාංග ඔබට හමුවෙලා ඇති. ඇත්තටම Touchscreen වැඩකරන්නේ කොහොමද? එන්න අපි කතා කරමු.






Touchscreen කරලියට පැමිණිමත් සමගම එතෙක් පැවැති විද්‍යුත් උපාංග වෙනස්ම මානයකට රැගෙන ගියා. ජංගම දුරකතන වලින් කී පෑඩ් ගැලැවී ගියා. ඒ ඉඩත් අරගෙන තවත් දුරකතන තිරය විශාල වුනා. මීට අමතරව ඉතාමත් පහසුවෙන් දුරතකන මෙන්ම ආදාන උපාංග ක්‍රියාකරවන්න හැකියාව ලැබුනා. ඇගිල්ලේ වටිනාකම තවත් වැඩි වුනා නොවැ. 

Touchscreen පසුපස බොහෝ තාක්ෂණික විවිධත්වයක් තිබුනාට, මේ අතුරින් වඩාත්ම ප්‍රචලිත හා බහුලවම භාවිතා වන Touchscreen තාක්ෂණ දෙකක් වන Resistive හා Capacitive ගැන පැහැදිලි කරන්නයි යන්නේ.

මුල් කාලේ ආපු Touchscreen සහිත ස්ක්‍රීන් තරමක් තදින් ඔබන්න ඕනා වැඩ කරන්න. එතකොට තමයි නිවැරදි ස්ථානය ක්ලික් වෙන්නේ. ඔයාලාටත් මේ අත්දැකිම ඇති. සමහර වෙලාවට ස්ටයිලිස් එකක් බාවිතා කරන්නත් වෙනවා. මෙම තාක්ෂණය  Resistive Touchscreen කියලා හදුන්වනවා.

Resistive Touchscreen හී ක්‍රියාකාරිත්වය එතරම්ම සංකීර්ණ නෑ. 



Resistive Touchscreen තාක්ෂණයේදි ස්ථර දෙකක් භාවිතා වෙනවා. මෙහි පිටතින්ම පවතින ස්ථරය පාරදෘෂ්‍ය ස්ථරයක්. එහි ඇතුල් පැත්තේ ඉන්ඩියම් ටින් ඔක්සයිඩ් ආලේප කරලා තියෙනවා. ඉන්ඩියන් ටින් ඔක්සයිඩ් කියන්නේ පාරදෘෂ්‍ය විද්‍යුත් සන්නායක රසායනික ද්‍රව්‍යයක්. ඇතුලු ස්ථරය විද්‍යුත් සන්නායකයි. බාහිර ස්ථරය හා ඇතුල් ස්ථරය අතර පාරවිද්‍යුත් අවකාශයක් තියනවා.

ඔබ විසින් බාහිර ස්ථරය ස්පර්ෂ කිරිමේදි, එය නැමි අැතුල් ස්ථරයේ ගෑවෙනවා.  එවිට ඇතිවන විද්‍යුත් සංඥාව මගින් ඔබ ස්පර්ශ කල ස්ථානය දුරකතනය මගින් හදුනාගන්නවා.



Resistive Touchscreen තාක්ෂණය බහුලව භාවිතා වනවා. කල්පැවැත්ම අතින්ද ඉදිරියෙන්. ATM යන්ත්‍ර වලත් බහුලවම භාවිතා වන්නේ මෙයයි. වාසි තරම්ම අවාසිත් තියනවා.

Resistive Touchscreen තාක්ෂණයේදි ඔබට මල්ටි ටච් හැකියාව නැ. මල්ටි ටච් සූමින් බෑ. ඔබ ස්ක්‍රින් එක ප්‍රමාණවත් තරම් එබුවේ නැත්තම්  වැඩ කරන්නේ නැති වෙන්න පුලුවන්. ඔබේ ස්පර්ශයට එතරම්ම සංවේදි නැ. දර්ශන තිරයට උඩින් තවත් ස්ථර කිහිපයක් තියන නිසා, දර්ශණ වල ගුණාත්මක භාවයටද ගැටලු ඇතිවෙනවා.

ඉතින් මේ ගැටලු වලට විසදුමක් සොයන්න තව තවත් විද්‍යාඥයින් පරික්ෂණ කලා. එහි ප්‍රතිපලයක් ලෙස, Capacitive Touchscreen තාක්ෂණය එලි දකිනවා.  අද වන විට බොහෝ ස්මාට් දුරකතන වල Capacitive Touchscreen දකින්න ලැබෙනවා.

මෙහි ක්‍රියාකාරිත්වය තරමක් සංකීර්ණයි.



Resistive Touchscreen වලදි වගේ Capacitive Touchscreen වලදි ඔබ ස්ක්‍රින් එක මතට එල්ල කරන පීඩනය භාවිතාකරන්නේ නැ. මෙහිදි භාවිතා කරන්නේ විද්‍යුත් ආරෝපණයක් දැරිමේ හැකියාවයි. 

මිනිස් සම විද්‍යුත් සන්නායකයක් මෙන්ම ධාරිත්‍රකයක් ලෙසත් කටයුතු කිරිමේ හැකියාව තියනවා. මෙම සංසිද්ධිය, Capacitive Touchscreen හීදි භාවිතයට ගන්නවා. 

Capacitive Touchscreen මත එකිනෙකට ලම්බකව පිහිටි කම්බ ජාලයක්  පවතිනවා. මෙම කම්බි මිනිස් කෙස් ගසකටත් වඩා කුඩායි. මෙම කම්බි මගින් ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇතිකරනවා. ඔබේ ඇගිල්ල තිරය සමග ස්පර්ශ වූ විට, මෙම ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයේ සමතුලිතය බිද වැටි, නව සමතුලිතයක් කරා එලැබෙනවා. එයින් ඇතිවන සංඥාව මගින් දුරකතනය ඔබ ස්පර්ශ කල ස්ථානය හදුනාගනු ලබනවා. 

Capacitive Touchscreen, සාපෙක්ෂව ස්පර්ශ සංවේදියි. මේ නිසා ගොඩක් වැඩ ගන්න පුලුවන්.  Resistive Touchscreen  වල වගේ ස්ථර ගොඩක් නැති නිසා, සාපේක්ෂව තුනියි. 

ඔන්න ඔහොමයි වැඩේ සරලවම කිව්වොත්.

විද්‍යාඥයන් මෙතනින් නැවතිලා නැ. ඔවුන් තව තවත් පරික්ෂණ සිදුකරනවා. අනාගතයේදි නවතාවයකින් යුතු  Touchscreen බොහොමයක් දැකගන්නට හැකිවේවි.

පහත ලිපි වලිනුත් ඔබේ දැනුමට යමක් එකතු කරගන්න.



අලුත් ලිපි දැනගන්න අපිව FOLLOW කරන්න
යාලුවන්ටත් බලන්න Share කරන්න...




5 comments:

  1. මට තිබුන ප්‍රශ්නයකට මේ ලිපියෙන් පිලිතුරු සපයලා... ස්තූතියි ඔබට

    ReplyDelete