Friday, June 16, 2017

පාරවල් නෑ, කාර් නැ, බෝට්ටු විතරයි...

මේ වැනිසිය නෙවෙයි. සාමාන්‍යයෙන් ජල නගරයක් කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ වැනිසිය. නමුත් මේ කියන්න යන්නේ පුංචි වැනිසිය ගැනයි.






යුරෝපා මහද්වීපයේ නෙදර්ලන්තයේ පිහිටා ඇති ගීතොන් (Giethoorn) කියන්නෙත් සාමාන්‍ය ගමක්. නමුත් මෙහි එක් විශේෂත්වයක් තියෙනවා.

පාරවල් නැ. කාර්,වැන්,බස් නැ. ගමනාගමන කටයුතු සිද්ධ වෙන්නේ ඇලමාර්ග හරහායි.



ගීතොන් නගරයේ ප්‍රධාන වාහනය වන්නේ බෝට්ටුවයි. මීට අමතරව බයිසිකල් සදහා සැකසූ කුඩා පාරවල් කිහිපයක් තිබුනත්, ඇවිද්ද පයයි, හබල් ගාන අත් දෙකේ හයියෙනුයි තමයි ගීතොන් වැසියන් තම ගමන් පහසුව සලසාගන්නේ.



ගීතොන් හී ජනගහණය 2500කට ආසන්නයි. නිවාස 1000ක් පමණ තිබෙනවා.  නිවාස ඉදිකර ඇත්තේ ඇල මාර්ග ආසන්නයේමයි. මෙයින් ඉතාම සුන්දර දසුන් මැවෙනවා.







වැනිසියේ වගේම මෙහිත් ගිනිනිවීමේ රථය, බෝට්ටුවක්. ගීතොන් ගොවියන් තම වගාබිම් වලට  යන්නෙත්  බෝට්ටුවේන්.



ජලය හා ඊට හැඩගැසුනු මිනිසුන් නිර්මාණය කරන සුන්දරත්වය හේතුවෙන් ගීතොන් නිබද සංචාරක ආකර්ෂණයට නතුවෙනවා.



No comments:

Post a Comment