Monday, June 26, 2017

ඇට නැති දිවේ මෙම වගතුග දැන සිටියාද?

දිව කොච්චර වැදගත්ද කියලා ආයි කියන්න ඕනා නැනේ. කෑම කන්න, රස දැනෙන්න උපකාර වන දිවේ මෙම තතු ගැන ඔබ දැන සිටියාද?





  • දිව තනි පේශියක් නොවේ.



බැලූබැල්මට දිව, ලොකු තනි පේශියක් ලෙස පෙනෙනවා. නමුත් දිව කියන්නේ පේශිමය අවයවයක්. පේශි 8ක එකතුවක්. එම පේශී 8න් 4ක් අස්ථි සමග සම්බන්දයි. ඉතිරිය හැඩය පවත්වාගෙන යනවා.
එම පේශීන් මෙසේය,

  1. Genioglossus
  2. Hyoglossus
  3. Styloglossus
  4. Palatoglossus
  5. Superior longitudinal
  6. Inferor longitudinal
  7. Transverse
  8. Vertical


  • අලුත් වෙන රසාංකුර
රස දැනීමට වන රසාංකුරයක 5000-10000 අතර සංඛ්‍යාවක් මිනිස් දිවේ තියෙනවා. එක් රසාංකුරයක සාමාන්‍ය ජිවිත කාලය දින 14ක් පමණයි. පසුව පැරැණි ඒවා අලුත් රසාංකුර මගින් ප්‍රතිස්ථාපනය වෙනවා. ඒ කියන්නේ, සෑම දිනකම  ඔබේ දිවේ ඇති රසාංකුර 10%ක් අලුත්ම ඒවා.

  • වයසට යනකොට රස දැනිම අඩුයි.
වයස්ගත වෙත්ම, රසාංකුර අලුත් වීමේ වේගය අඩුවෙනවා. එතකොට දිවේ ගොඩක් ඉතිරි වෙන්නේ පරණ, වැඩ කරන්නේ නැති එවායි. ඒ නිසා රස දැනිම අඩු වෙනවා.


  • දිවට දැනෙන රස මොනාද?
අපේ දිවට ප්‍රධාන ලෙස හදුනා ගත හැක්කේ රස 5ක් පමණි
ඒවා නම්,

  1. පැණි රස
  2. ඇඹුල් රස
  3. තිත්ත රස
  4. ලුණු රස
  5. උමාමි

  • සැර යනු වේදනාවකි.
කටට සැරට කෑම කන්න කවුද අකමැති? සැර රස කිව්වාට  ඇත්තට සැර කියන්නේ වේදනාවක්. ඔබේ ස්නායු උත්තේජ අනුව මොලය මෙය හදුනාගන්නේ වේදනාවක් ලෙසයි. 


  • රස හදුනාගන්න පැති බෙදිලා තියනවාද?


 දිවේ විවිධ රසයන් හදුනාගන්න පැති බෙදිලා තියනවා කියලා පොතපතේ පවා සදහන් වෙනවා. උසස් පෙලටත් ඉගැන්නුවා. නමුත් ඇත්තම කතාව නම්, දිවේ සෑම තැනකින්ම වගේ රස 5ම හදුනාගන්න පුලුවන්. දිවේ දාරයන් වල සංවේදිතාව ටිකක් වැඩි එක විතරයි විශේෂත්වයකට තියෙන්නේ.



  • වැඩිපුර රස දැනෙන ‘‘Supertaster‘‘
 සාමාන්‍ය අයට වඩා වැඩිපුර රසට සංවේදි අය සුපර්ටේස්ටර් ලෙස හදුන්වනවා. මෙයාලාට වැඩිපුර තිත්ත රස දැනෙනවා. පිරිමින්ට වඩා ගෑනු අය අතර මෙය සුලබයි.


  • දිව ගිලෙයිද?

දිව ගිලෙන්න තරම් තිබහයි !! මෙවැනි වෙලාවක දිව ගිලෙයිද?
නැ! බය වෙන්න එපා! ඔබේ දිව ගිලෙන්නේ නැ. මුඛ පත්ලට හා අස්ථි සමග හොදින් සම්බන්ද වෙලා තියෙන නිසා, දිව ගිලෙන්නේ නම් නැ.


අලුත් දෙයක් දැනගන්න ඇතැයි සිතනවා.
දිනපතා අලුත් වන පොස්ට් බලන්න 
අපිව follow කරන්න.



No comments:

Post a Comment