Tuesday, June 6, 2017

න්‍යෂ්ඨික ලෝක යුද්ධය වැලැක්වූ මුහුද යට තුන්කොන් සටන

සීතල යුද්ධය අතරතුර ඇතිවෙන්නට ගිය න්‍යෂ්ඨික යුද්ධයක් වැලැක්වීම සදහා මුහුද යට මතවාදි සටනක් සිදුකල එක්තරා වීරවරයකු ගැනයි මේ ලිපිය දිගහැරෙන්නේ.





ක්‍රි.ව 1962!
කියුබානු මිසයිල අර්බුදය!!
සීත යුද්ධයේ උච්චතම අවස්ථාවක්!!!
 ‍

ලොවම න්‍යෂ්ඨික යුද්ධයකට අත පොවන මානයේ සිටි යුගයක්. ලෝක බලවතුන් ලෙස ඇමරිකාව හා සෝවියට් රුසියාව එකිනෙකා දෙසට අවි අමෝරා සිටියා. ක්ෂණයකින් සිදුවන කුඩා සෙලවීමකදි පවා සටනක් සිදුවිය හැකි යුධ උනුසුමකින් ලොවම පීඩා වින්දා.



ඇමරිකාව විසින් ඉතාලියේ හා තුර්කියේ න්‍යෂ්ඨික මිසයිල අටවා තිබු අතර, එකට එක කිරිමක් ලෙස සෝවියට් රුසියාව විසින් කියුබාවේ තම මිසයිල ස්ථාපිත කර තිබුනා. තම රට පේන මානයේ අටවා ඇති මිසයිල හේතුකොට ගෙන මුලු ඇමරිකාවම බියපත් වූ බව නම් කිසිදු සැකයක් නැ. ඔවුන් තම ආරක්ෂාව සදහා උපරිම ක්‍රියාමර්ග යොදමින් සිටියා.

මේ අතරතුර රුසියාවට අයත් ඩීසල් සබ්මැරින පෙලක් විශේෂ ක්‍රියාන්විතයක් සදහා පිටත්වනවා. රහසිගත මෙහෙයුමක් වූ මෙය, කියුබාව තුල රුසියානු යුධ බලය  තවත් ශක්තිමත් කිරිමේ අරමුණින් දියත් වුනා. මෙම සබ්මැරින   T-5 nuclear torpedo වලින් සන්නද්ධයි.

පෙර කී පරිදි මෙම මෙහෙයුම විශේෂයි. සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රබල අවියකින් ප්‍රහාරයක් දීමට පෙර මූලස්ථානයෙන් අවසර ලබාගත යුතුයි. නමුදු මෙම මෙහෙයුමේදි මූලස්ථානයෙන් අවසරයකින් තොරව ප්‍රහාර දිමේ ලිඛිත අවසරය ලබා දී තිබුනා.

රුසියානු සබ්මැරින වල දේශපාලන නිලධාරියකුද සේවය කරනවා. ඔහු විසින් සබ්මැරිනය තුල දේශපාලන වාතාවරණය නිරික්ෂණය කරනවා. සෝවියට් රුසියානු දේශපාලන දර්ශණය සබ්මැරිනය තුල ස්ථාවරව පවත්වාගෙන යැම ඔහුගේ වගකීමයි.  

මිසයිල ප්‍රහාරයකට පද්ධතිය ක්‍රියාත්මක කිරිම සදහා විශේෂ යතුරක් තිබෙනවා. මෙම විශේෂ යතුර, දෙකට කැඩිය හැකි යතුරක්. විටෙක විශේෂ යතුර, යතුරු දෙකක් ලෙසද පැමිණෙනවා.  මින් එක කොටසක්/ යතුරක් කපිතාන් ලගත් අනෙක දේශපාලන නිලධාරියා සතුවත් පවතිනවා. පද්ධතිය ක්‍රියාත්මක කරන්න මේ යතුරු දෙකම හෝ යතුරේ කොටස් දෙකම අවශ්‍යයි.



මෙම සබ්මැරින පන්තියෙන් වඩාත්ම සුවිශේෂි, කැපිපෙනෙන සබ්මැරින වූයේ B-59 නම් ඩීසල් සබ්මැරිනයයි. අපේ කතාව දිගහැරෙන්නේ B-59 වටායි.

B-59 සම්බැරිනයේ කපිතාන් ලෙස වැලන්තින් සාවිත්ස්කි, දේශපාලන නිලධාරියා ලෙස ඉවාන් මස්ලෙනිකෝව් හා සබ්මැරින අණදෙන නිලධාරි ලෙස වසිලි ආර්කිපෝව් කටයුතු කරනවා.

සති දෙකක ඇවැමෙන් පසු, සබ්මැරින බලඇණිය කියුබාව ආසන්න මුහුදට පැමිනෙනවා. කියුබාව ආසන්න සර්ගැසෝ මුහුදේදී මොස්කව් මූලස්ථානයෙන් විශේෂ පණිවිඩයක් සබ්මැරින ලැබෙනවා. මෙහෙයුම  වෙනස් කල බවත්, මදක් රැදි සිටින ලෙසත් ඔවුන්ට නියෝග ලැබෙනවා. ඒ අනුව සබ්මැරින, සර්ගැසෝ මුහුදේ සැගවෙමින් කාලය ගත කරනවා.

මේ අතරතුර සතුරු සබ්මැරින ගැන ඉව, ඇමරිකාවට දැනෙනවා. ඔවුන් තම උපරිම බලයෙන් සබ්මැරින දඩයම දියත් කරනවා. වොෂින්ටනයෙන් සෘජු අණදිම් ලැබෙනවා. මේ අතරතුර B-59 හා මොස්කව් අතර ගුවන්විදුලි සබදතා බිදවැටෙනවා. B-59 සතුරන් අතර හිරවෙලා.

ඇමරිකානු සබ්මැරින නාශක නෞකාවලට B-59 සම්බැරිනය පිලිබවදව හෝඩුවාවක් ලැබෙනවා. ඔවුන් මුහුදු පත්ලේ සැගව සිටි සබ්මැරිනය සොයාගන්නවා. පෙර සදහන් කල පරිදි B-59 සබ්මැරිනය ඩීසල් සබ්මැරිනයක්. එයට දීර්ඝ කාලයක් මුහුදු යට සැගවී සිටිමේ හැකියාවක් නැ. (ඩීසල් සබ්මැරින පිලිබදව පෙර ලියූ ලිපිය පහලින් අමුණා ඇත.)

ඇමරිකානු නෞකා විසින් B-59 සබ්මැරිනය සැරිසරණ මුහුදු ප්‍රදේශයට බෝම්බ (depth charges ) දමනු ලබනවා. මෙහි අරමුණ   B-59 සබ්මැරිනය මුහුද මතුපිටට ගැනිමයි. 

නමුදු  B-59 සෙබලුන් සිතන්නේ මෙය ඇමරිකාව විසින් තමන්ට එල්ල කරන ප්‍රහාරයක් ලෙසයි. ඔවුන් මොස්කව් මූලස්ථානය සම්බන්ද කරගැනිමට උත්සහ දැරුවත් එයද ව්‍යාර්ථ වෙනවා. දැන් ඔවුන්ට ඉතිරි එක විකල්පයි. ප්‍රති ප්‍රහාර!!!

 B-59 කපිතාන් හා දේශපාලන නිලධාරියා තම න්‍යෂ්ඨික ටෝපිඩෝ වලින් ප්‍රහාර දීමට සූදානම් වනවා. ඔවුන් පද්ධතිය ක්‍රියාත්මක කිරිම සදහා යතුරු පවා සූදානම් කර තිබුනා. නමුත් සබ්මැරිනයේ දෙවැනි විධායකයා වූ වසිලි න්‍යෂ්ඨික ප්‍රහාරයට කැමැත්ත පලකර නැ. ඔවුන් 3 දෙනා මුහුද යට මත ගැටුමකට මැදි වුනා. 

වසිලි

කපිතාන් හා දේශාපාලන නිලධාරියා කැමැති වුවද වසිලි ගේ අකමැත්ත හේතුවෙන් න්‍යෂ්ඨික ප්‍රහාරය වැලකී ගියා. සබ්මැරිනයේ බැටරි බලය අවම වීම හේතුවෙන් මුහුදු පතුපිටට ගත් අතර පසුව ලැබුනු විධානයන්ට අනුව  B-59 සබ්මැරිනය අැතුලු බලඇණිය සෝවියට් රුසියාව නැවත ගමන් කලා.

B-59 

සෝවියට් රුසියාව හා ඇමරිකාව අතර පසුව සිදුකෙරුනු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා වලදි තුර්කියේ ඉතාලියේ හා කියුබාවේ ස්ථාපිත කර තිබු මිසයිල ඉවත් කරගනු ලැබුවා. මෙසේ කියුබානු මිසයිල අර්බුදය විසදි ගියා.

නමුත් එදා මුහුද යට  B-59 සබ්මැරිනය තුලදි වසිලි විරෝධය නොදක්වන්නට ටෝපිඩෝව නිදහස් වන්නට තිබුවා. එසේ වුවානම් ඇමරිකානු මහද්විපය හා ආසියානු මහද්වීපයට වන විනාශය සුලුපටු නැ.

"Vasili Arkhipov saved the world"
මෙය ඇමරිකාවේ ජාතික ආරක්ෂක ලේඛනාගාරයේ ප්‍රධානියාගේ කියමනකි.



- රොෂීන් ප්‍රනාන්දු

සබැදි ලිපි










No comments:

Post a Comment