Monday, July 17, 2017

කොල ඇපල් කරිය


ලගදි ඇපල් කරියක් කන්න අවස්ථාව ලැබුනා.

රෙසිපිය මිතුරන් සමග බෙදාගන්න හිතුවා.






ඇපල් ගුණ පලතුරක්. ඇපල් වලට ආස නැත්තේ කවුද?
පලතුරක් වගේම ව්‍යාංජනයක් ලෙසත් කන්න පුලුවන්. 

අවශ්‍ය ද්‍රව්‍ය


  • ලොකු කොල ඇපල් ගෙඩි 2ක්. ලෙලි ගහන්න අවශ්‍ය නැ. ඒ වගේම  කපද්දි ඇට අයින් කරන්නත් අවශ්‍ය නැත.
  • තෙල්
  • ලූණු බාගයක්
  • පොඩියට කපපු  සුදුලූණූ බික් දෙකක් 
  • මිරිස් තේහැන්දක්
  • බැදපු තුනපහ තේ හැන්දක්
  • කහකුඩු ජුන්ඩිත්තක්
  • කරපිංචා  අවැසි පමණට
  • වේලපු මිරිස්  - 1 හෝ 2ක්
  • පොල් කිරි කෝප්ප කාලක්
  • වතුර කෝප්ප බාගයක් 
  • ලුණු ඇති පමණ
  • සීනි තේ හැදි බාගයක්
  • අබ ඇටත් හිත පිරෙන ප්‍රමාණෙට


පිලියෙල කරගන්න හැටි

ඇපල්, ලූණු, සුදු ලුණු ඒ ඒ කලාවට කපා ගන්න ඕනා. අත කපා ගන්නැතුව හරිය..
තාච්චිය ලිපේ තියලා තෙල් දාලා රත් කරගන්න ඕනා.
තෙල් රත් වුනාම, ලූණු, සුදුලුනු, කරපිංචා, අබ කලමනා දාගෙන ලූණු ටික ගානට එනකං බැදගන්න.
ඕකට මිරිස්කුඩු, කහකුඩු, තුනපහකුඩු දාලා තත්ත්පර 30ක් විතර හැදිගාන්න. මතක හැදුන ලිපේ ගින්දර දමනය කරන්න.
පස්සේ කපාගත් ඇපල් එක්කරන්න. පරිස්සමට හැදිගාන්න. 
මිනිත්තු 10-12 විතර ගින්දර මද පමණට දමනය කරලා විටින් විට හැදිගාන්න. වහන්න අවැසි නැ.
පස්සේ පිලිවෙලින් වතුර හා පොල්කිරි දමා වහලා මිනිත්තු 5 පමණ වහලා තැම්බෙන්න දෙන්න. (කැමැති නම් සයිඩර් ටිකකුත් දාන්න පුලුවන්)
මෙන්න මෙතැතනදි සිහි කල්පනාවට ගත යුතු කරනව නම්,
ඔයාලාට ඇපල් හැපෙන ගානට ඕනැනම් අඩු වේලාවක්ද, මෘදු කෑලි කැඩෙන ගානට ඕනැනම් වැඩිවෙලාවක්ද තම්බන්න ඕනා.
දැන් දිවේ ගානට ලුනු දාගන්න.

ලිපෙන් බාගෙන බෙදන් කන්න තියෙන්නේ

No comments:

Post a Comment