Tuesday, July 4, 2017

ජපනා, පැරිස් ගියොත් ලෙඩ වෙයි...

ප්‍රංශයේ පැරිස්(Paris) සුන්දර නගරයක්. කවුරුත් යන්න සිහින මවන නගරයක්. නමුත් පැරිස් යන  සමහර සංචාරකයන්ට අමුතුම මානසික පෙරළියකට මුහුණ දෙන්න සිදුවෙනවා. මෙම තත්ත්වය බොහෝ විට දකින්න ලැබෙන්නේ ජපාන ජාතිකයන් අතරයි.






මේ කතා කරන්න යන්නේ,
Paris syndrome ගැනයි.

Paris syndrome යනු පැරිස් නගරයේ සංචාරය කරන සමහරක් සංචාරකයින් තුල ඇතිවන තාවකාලික මානසික ආබාධයක්. අනපෙක්ෂිතව  එකවර ඇතිවන අධික කම්පනය,  හිංසාකාරි හැගීම් ජනිත වීම,  මානසික ව්‍යාකූල බව,  යම් යම් දෑ මැවී පෙනිම, කරකැවිල්ල, අධික දාඩිය දැමිම හා වමනය ඇතිවීම මෙහිදි සිදුවෙනවා.  Paris syndrome බොහෝ විට ඇතිවන්නේ ජපාන ජාතිකයින් අතරයි.

පැරිසිය ගැන හැමෝම හිතන් ඉන්නේ ලස්සන සුන්දර පිරිසිදු තැනක් විදිහට. නමුත් පෙන්නන තරම්ම හැමදේම ලස්සනට හොදට සංවීධානය වෙලා නැ. තම සංචාරය හොදින් ගත කරන්න පැරිසියට එන පිරිසට, එකවරම තමන් බලාපොරොත්තු වූ සිහින නගරය හා සත්‍ය පැරිසිය අතර වෙනස අවබෝධ වුනාම ව්‍යකූලතාවක් ඇතිවනවා. 

එමෙන්ම අවධාරණය කල යුතු කාරනාව නම්, එක්තරා ජපාන මාධ්‍යක් විසින් ජපානය තුල Paris syndrome ලබාදුන් අනියම් ප්‍රචාරණය ද  ජපාන ජාතිකයන් තුල අනිසි බියක් ඇතිකිරිමට හේතුවුනා.

එමෙන්ම සංචාරකයින් මුහුණ දීමට සිදුවන අනෙත් ප්‍රධාන ගැටලුව වන්නේ  භාෂා බාධකයයි. එමෙන්ම ප්‍රංශයේ හා ආසියාතික සංස්කෘතින්ගේ වෙනස්කමද එකවරම දරාගන්නට සමහර සංචාරකයින්ට අපහසුයි.

අද වන විට ලෝකය දියුණුයි. සන්නිවේදනය දියුණුයි. සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දේ හුවමාරු ව අවසන්. ඒ  නිසා අද සංචාරකයින් තමන් යන තැන පෙරට වඩා දැනුවත්. අද වන විට ජපාන සංචාරකයින් විශාල ප්‍රමාණයක් පැරිසියට වාර්ශිකව පැමිණෙනවා.

වර්තමානය වන විට Paris syndrome එතරම්ම සංචාරකයින් තුලින් වාර්තා වෙන්නේ නැ. වසරකට සිද්ධින් 20ක් පමණ ප්‍රමාණයක් තමයි වාර්තා වෙන්නේ.  Paris syndrome ට ලක්වූ පිරිසට ප්‍රතිකාර හා උපදේශණය සැලසීම සදහා පැය 24 මුලුල්ලේ ක්‍රියාත්මක වන මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා.

Paris syndrome සමාන තවත් තත්ත්වයක් ලෙස Jerusalem syndrome හැදින්විය හැකියි. ජෙරුසෙලමේ සංචාරයේ නිරත සංචාරකයින් හට ද මෙවැනිම තාවකාලික මානසික කැලබීමක් ඇතිවීමේ හැකියාවක් වාර්තා වෙනවා. 

සබැදි ලිපි







1 comment:

  1. තව විස්තර තියෙනවා නම් හොඳයි වගේ...

    ReplyDelete