Friday, July 14, 2017

වමද? දකුණද? දෙකමද?

ඔබේ හුරු අත මොකක්ද? 
බොහෝ දෙනෙක්ගේ දකුණු අත. තවත් පිරිසකගේ වම් අත. 
මේවා මෙහෙම වුනේ කොහොමද?
 සරලව කතා කරමු.




හුරු අත (handedness) ගැන කතා කරද්දි, අපට හමුවන අතිබහුතරය දකුණත හුරු අයයි(90%ක් තරම්). වමත හුරු අයද සැලකිය යුතු පිරිසක් හමුවන අතර, ඉතාමත්ම සුලු ප්‍රමාණයකට දෙඅතින්ම එකවර  සමානව      ( ambidexterity) වැඩ කල හැකි අයද වනවා.  ambidexterity තරම්ම නොවුනත් දෙඅතින්ම එකවර යම් වැඩ කටයුතු කලහැකි පිරිස  mixed-handedness ලෙස හදුන්වනවා.

අතිතයේදි නම් වමත්කරුවන්ට නපුරු ලෙස සැලකූ බවට සාධක පවා තිබෙනවා.  වමත්කරුවන් අඩුකුලේ දාලා සැලකුවා. අශූභ දෙයක් ලෙස සැලකුවා.

ලතින් බසින් ‘‘වම‘‘ හදුන්වන්නේ, sinistra ලෙසයි. (මෙය ලතින් බසේ දෙවැනි වර්ගයේ විශේෂණ පදයක් වන අතර, එය ලිංග අනුව දීර්ඝ ආකාරය sinister, tra, trum ලෙස වේ.)  අශුභ/දුෂ්ට යන තේරුම් දෙන sinister යන පදයට උත්පත්ති දුන්නේද එමයි. මෙයින්ම තේරෙනවානේ ‘‘වම‘‘ ගැන අතීත මතය!

අතීතය දැන් වෙනස් වෙලා.හුරු අත තේරෙන්න බලපාන සාධක ගැන කතා කරමු දැන්.

හුරුඅත තේරීම පටන් ගන්නේ මව්කුස ඉන්නා කලයේ දීමයි. උපතින් පසුව සිදුකරන ක්‍රියාකාරකම් හා අනුවර්තන හේතුවෙන් හුරුඅත තහවුරු වීම සිදුවන බවයි දැනට පිලිගන්නා මතය.



අපගේ මොලයේ මස්තිෂ්ක අර්ධගෝල වල අපගේ ක්‍රියාකාරකම් පාලනය කරන ස්ථාන ගනනවක් පිහිටා තියනවා. මෙම ස්ථාන සංවේදන ලබාගැනිම(sensory), චාලක ප්‍රතිචාර දැක්විම (motor) ලෙස නැවත සකස්ව පවතිනවා.  එක් මස්තිෂ්ක අර්ධගෝලයක් මගින් ඊට ප්‍රතිවිරුද්ධ පැත්ත පාලනය කරන බව පිලිගැනිමයි.

ලිවිම හා කතන චාලක ප්‍රදේශ බෙදි පිහිටිමට වඩා, එක් අර්ධගෝලයක් මත විශේෂිකරණය විම මගින් වැඩි ප්‍රතිලාභයක් ලබාගැනිමට හැකියාවක් ඇත. මස්තිෂ්ක බාහිකයේ බෙදීම ඉතාමක් සංකීර්ණයි.

ප්‍රමුඛ වූ අර්ධගෝලයේ ලලාට කණ්ඩිකාවේ(frontal lobe) හි පහල කොටසේ (inferior frontal gyri) පිටුපස කොටසේ කතන චාලක ප්‍රදේශය(broca's) පිහිටිම සිදුවේ.

වම් අර්ධගෝලය ප්‍රමුඛ වූ අයවලුන් දකුණ හුරු අය වන අතර දකුණු අර්ධය පුමුඛ වූ අයවලුන් වම් අත හුරුඅය වේ.

එමෙන්ම හුරු අත සදහා ජානමය බලපෑමක් ද තිබෙනවා. මෙය මෙන්ඩල් ගේ සරල ප්‍රවේණියෙන් පැහැදිලි කල හැකි දෙයක් නොව, සංකීර්ණ ප්‍රවේණික රටාවක්.  මේ සදහා ජාන ගනනක් දායක වෙනවා. 

මවුකුස තුල සිටින අවසන් මාස තුන (තුන්වන ත්‍රිමාසිකය) තුල භූෑණය සිටින පිහිටිම අනුවද හුරුඅත තීරණය වන බව පරික්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා. 

එමෙන්ම මේ සදහා බලපාන වෙනත් මත කිහිපයක් තිබෙන නමුත්, සැලකිය යුතු ලෙස පරික්ෂණයට භාජනය කර නැත.


සුලුතරයක් වන වමත්කරුවන් වෙනුවෙන් ලෝක වමත්කරුවන්ගේ දිනයක් නම්කර තිබෙනවා. සෑම වසරකම අගෝස්තු 13 වැනි දින එය සමරනවා.


අලුත් දෙයක් දැනගන්න ඇතැයි සිතනවා.
තවත් ලිපියකින් හමුවෙමු!!!

5 comments:

  1. මම අකුරු ලියන්නෙත්, කෑම කන්නෙත්, පස්ස හෝදන්නෙත් වමෙන්.

    ReplyDelete
  2. මගේ අප්පච්චි වමත්. ලියන්නේ වමතින්. අනේ ඒ උනාට මම වමත් නෙවෙයිනේ. මම ඉස්සර ටිකාරියක් ඉරිසියා කළා වමත් අයට. ඒක නැති උනානේ ! හි හි හි

    Thanks

    ReplyDelete
  3. මට දැනගන්න කියන්නකෝ හොද බෙහෙතක් කකුල් පැලෙනවට ගාන්න පුථවන් ?

    ReplyDelete
    Replies
    1. නිසි පරික්ෂාවකින් හා කරුණු විමසිමකින් තොරව පැවසිම සුදුසු නොවේ. හැකිනම් පහත ෆේස්බුක් ප්‍රොෆයිලය හරහා සම්බන්ද කරගන්න.
      ස්තුතියි

      https://goo.gl/gNJnxf

      Delete