Tuesday, August 29, 2017

අමුතු ආසාවකට, සදෙන් ගෙනා ගල් උස්සයි!

ක්‍රි.ව 1969 හා 1972 අතර ඇපලෝ යානාවලින් චන්ද්‍රයා තරණය කල ගගණගාමින් විසින් සදේ දාපු සෙල්ලම් දිහා ලොවම අවධානයෙන්. ඔවුන් සදේ අඩිය තිබ්බා විතරක් නෙවෙයි, එහි පාෂාණ සාම්පල පරික්ෂණ සදහා පෘතුවියට රැගෙන ආවා. 
මෙම අගනා වස්තූන් වල වටිනාකම දත් පරික්ෂකයින් විශේෂිත තත්ත්ව යටතේ ඒවා ගබඩා කර තබාගත්තා.
නමුත් 2002 දී මේ පාෂාණ සාම්පල වලට කිසිවෙකු නොපැතු දෙයක් සිදුවෙනවා.



සදෙන් ගෙනා පාෂාණ සාම්පල, ඇමරිකාවේ හූස්ටන් හී ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පරික්ෂනාගාර තුල ගබඩා කර තිබුනා. 2002 වසරේදි එම සාම්පල කොටස් ප්‍රමාණයක් හා අගහරු ගේ සාම්පල ප්‍රමාණයක් පැහැර ගන්නවා. නමුත් කෙටිකලකින් මෙම සොරුන් කොටුකරගැනිමට ඇමරිකානු මධ්‍යම විමර්ෂණ කාර්යංශය සමත් වෙනවා. සොරකම පිලිබද ගවේෂණ වලදි පුදුම එළවන සුලු තොරතුරු රැසක් එලියට එනවා.



සොරකමේ මහාමොලකාරයා  ජොන්ස්න් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේම එවකට පුහුණුව ලබමින් සිටි තඩ් රොබට්ස් නම් පුද්ගලයායි. ඔහු විසින් 2002 ජූලි මස දිනක රාත්‍රියේ තම පෙම්වතිය වූ ටිෆි ෆොව්ලර් සමග අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඇතුල් වී  බරින් රාත්තල් ගනනාවක් වූ පාෂාණ  සොරකම් කර කාරයක දමාගෙන පලාගොස් තිබෙනවා.

තඩ්, පුහුණුව අතර

නගරය අතැර ඌටා වෙත පලාගිය ඔවුන්, පාශාණ සදහා ගැනුම්කරුවකු සොයා අන්තර්ජාලයේ වෙළදදැන්විමක්ද පලකර තිබෙනවා. තඩ් විසින් දැන්විම පලකිරිම හා ගැනුම්කරුවන් වෙත විද්‍යුත් ලිපි යවා ඇත්තේ Orb Robinson යන ව්‍යාජ නාමය භාවිතා කරමිනි.

මේ වෙලද දැන්වීම දුටු බල්ගේරියානු ගැනුම්කරුවකු දැන්විමේ අන්තර්ගත කරුණු ගැන සැකපහලකොට මේ පිලිබදව ඇමරිකානු මධ්‍යම විමර්ෂණ කාර්යංශයට (FBI) දන්වා තිබෙනවා. වහා ක්‍රියාත්මක වූ FBI ආයතනය උපාය දූතයන් යොදවමින් 2002 ජූලි 20 වැනි දින රාත්‍රියේදි ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඕලැන්ඩෝ හී ආපනශාලාවකදි තඩ් හා ඔහුගේ සචරයින් අත්අඩංගුවට ගන්නවා. පාෂාණ ඒ අසල ලැගුම්හල් කාමරයකින් සොයාගන්නවා.

වරදට දඩුවම ලෙස තග් ට වසර 8 සිරදඩුවම් නියම වෙනවා. පාශාණ සොරකමට අමතරව ඌටා කෞතුකාගාරයකින් ඩයිනෝසර අස්ථියක් සොරකම් කිරිම සම්බන්දවද ඔහු වැරදිකරු වෙනවා. සොරකමට සහය දැක්වූ සහචරයන්ටද දඩුවම් ලැබෙනවා.

බැලුබැල්මට මෙය සාමාන්‍ය සොරකමක් ලෙස පෙනෙනවා. නමුදු ඇතුලන්තය මීට වෙනස්.

තග් විසින් මෙම සොරකම හුදෙක්ම මුදල මතම සිදුකලාක් නොවන බව ඔහුගේ පාපොච්ඡාරණයේදි හෙළිවුනා. එහිදි හෙලිවූ කරුණු අනුව ඔහු විසින් තම පෙම්වතිය වෙත චන්ද්‍ර පාෂාණ ලබාදිමේදි ආසාවකින්ද පීඩිතව තිබෙනවා. මෙය සද තම පෙම්වතියට දායාද කිරිමක් ලෙසත් විටෙක ඔහු හදුන්වනවා. පාෂාණ පෙම්වතිවයට දුන්නා පමණක් නොව, ඕලැන්ඩෝ හී ලැගුම්හලේදි සොරකම් කල පාෂාණ මත ලිංගික ක්‍රියා වලද ඔවුන් දෙදෙනා නිරත වූවා යැයි තඩ් විසින් හෙලිදරව් කලා.

සිරගතවීමත් සමග තඩ් ට පෙම්වතියගෙන් වෙන්වූ තඩ් ට, නැවත ඇයව මුණගැසෙන්නේ නැ. අද වන විට  ඔහු ක්වොන්ටම් භෞතික විද්‍යාව පිලිබද විද්වතෙක්.

වැඩිදුර තොරතුරු දැනගන්න අවැසි නම්,
බෙන් මෙස්රිච් ලියූ,
Sex on the Moon: 
The Amazing Story Behind the Most Audacious Heist in History
කෘතිය කියවන්න
(ISBN - 978-0307741349)





ආදරයක් කල හරඹයක්!!!

- රොෂීන් ප්‍රනාන්දු



No comments:

Post a Comment