Thursday, August 24, 2017

ඩිකන්ස් ගේ භූතාත්මය පොත් ලියයි?

වික්ටෝරියානු යුගයේ ඉංග්‍රිසි මහා සාහිත්‍යධර චාල්ස් ඩිකන්ස් මහතා ගැන නොඇසු කෙනෙක් නොමැත. ඔලිවර් ට්විස්ට්, ක්‍රිස්මස් කැරොල්, ඩේවිඩ් කොපර්ෆිල්ඩ්.... වැනි කතා අදටත් ජනප්‍රියයි.
ඔහුගේ මරණින් පසු භූතාත්මය විසින් සිදුකලායැයි කියවෙන ග්‍රන්ථ රචනයක් ගැනයි අද කතාවෙන් දිග හැරෙන්නේ.





තම කතාවන් අතර ප්‍රේක්ෂකයන් ඇදබැඳ තබාගත් ඩිකන්ස්, 1870 වසරේදි කිසිවෙකු නොසිතු ලෙස දෑස් පියාගන්නවා. මේ කීර්තිධර සාහිත්‍යධරයා දීන සෞඛ්‍ය තත්ත්වයකින් කලක් තිස්සේ පෙලෙමින් සිටි අතර ආඝාතය ඔහුගේ දිවිතොර කලේය. 

ඩිකන්ස්

මරණ මංචකයේදි ඔහු විසින් The Mystery of Edwin Drood කෘතිය රචනයේ යෙදි සිටියා. ඩිකන්ස් ගේ මරණයත් සමග  ඔහුගේ ග්‍රන්ථනාමාවලියට,  The Mystery of Edwin Drood එක්වන්නේ සමාප්තියක් නොමැති නිර්මාණයක් ලෙසයි.

The Mystery of Edwin Drood කතාව අභිරහස් / ප්‍රබන්ධ වර්ගීකරණයට අයත් වේ. මෙහි එන එඩ්වින් ඩෘඩ් අනාතයකු වන අතර රෝසා බඩ් කාන්තාවක් සමග ප්‍රේමයෙන් බැදේ. රෝසා එඩ්වින් ගේ බාරකරු වූ ජේන් ජැස්පර් සමාගමයෙන් සංගීතය ඉගෙනගනි. ඩෘඩ් හා රෝසා විවාහා ගිවිස ගෙන සිටින විට නෙවිල් ලැන්ඩ්ලස් නැමැත්තෙක් ඔවුන්ගේ ආලය මැදට පැමිනේ. රෝසා පිලිබද විශේෂ ඇල්මක් නෙවිල් තුල පවති. නෙවිල් හා ඩෘඩ් අතර විරසයක් ඇතිවේ. මේ අතර ඩෘඩ් අතුරුදහන් වේ. ඩෘඩ් ට සිදුවූයේ කුමක්ද?

කතාව අවසන් කිරිමට පෙර ඩිකන්ස් මියගියේය. ඩිකන්ස් සිතා සිටි පිරිදි ඩෘඩ්ට කුමක් උනිද?
ඩිකන්ස් මියයාමට පෙර The Mystery of Edwin Drood කෘතියෙන්  පරිච්ඡේද 20ක් පමණ අවස්ථා 6කදි ජනතාඅයිතියට පත්ව තිබූ නිසා, පාඨකයන් ද  අවසානයක් දැකිමේ ආසාවකින් පසුවිය.

මේ හේතුවෙන් විවිධ පුද්ගලයින් අවස්ථා කිහිපයකදීම කතාවට සමාප්තිය සටහන් කිරිමට උත්සහ කලේය.
ඒ අනුව පුද්ගලයින් කිහිප දෙනෙකුම අවසානය ලියා ප්‍රකාශයට පත්කලේය.

මේ අතර පුදුම එලවන සුළු කතාන්දරයක් මතුවන්නේ ඇමරිකාවෙනි.


1873 වසරේදි මුද්‍රණකරුවකු වන  තෝමස් පවර් ජේමිස් නැමැත්තකු විසින් චාල්ස් ඩිකන්ස් ගේ ආත්මය පැමිණ තමන්ට The Mystery of Edwin Drood  හි අවසානය පැවසූ බව පවසමින් කෘතියේ සංස්කරණයක් ප්‍රකාශයට පත්කලේය.

ඔහු පවසන ආකාරයට 1873 වසරේ දිනක කුලි නිවසක දී ඔහුට භුතාත්ම කැදවන්නියක් මුණගැසි ඇත. එහිදි ඇතිවූ කතාවක් දුරදිග යැමෙන් ඔවුන් විසින් භූතාත්ම කැදවීමක් සිදුකර ඇත. මෙහිදි කැදවූ භූතාත්ම අතරින් ජේමිස් හට ඩිකන්ස් ගේ ආත්මය හමුවී ඇත. 

භුතාත්මය ලබාදුන් තොරතුරු අනුව ජේමිස් විසින් යමක් ලියූ බව එමඅවස්ථාවට සහභාගි වූවන්ද සාක්ෂි දේ. ජෙමිස් පවසන ආකාරයට ඉන්පසු අවස්ථා කිහිපයකදිද ඩිකන්ස්ගේ ආත්මය ජෙමිස් වෙත උපදෙස් දී ඇත. ඒ අනුව ජේමිස් විසින් The Mystery of Edwin Drood හී අවසානය ලියා ඇත.




මෙය The Mystery of Edwin Drood by Charles Dickens as Continued by Thomas Power James ලෙස ප්‍රකාශයට පත්විය. ජේමිස්ගේ කෘතිය ඇමරිකාවේ පාඨකයන් අතර පිලිගැනිමකට ලක්විය.

විස්වාස කිරිමට අපහසූ වූද  අරුම වූද භූතාත්ම රචනය පිලිබදව කැලබීමක් ඇතිවිය. නොයෙක් ආකාරයේ විචාරයන් හා ගැරහුම්ද ලැබිණ. ඇමරිකාව තුල යම් පිලිගැනිමක් ලැබුනද ඩින්ස්ගේ රටෙන්(බ්‍රිතාන්‍යෙයන්) කෘතියේ නව අවසානය පිලිබදව එතරම් සුබදායි පිලිගැනිම් නොලැබුනේ, කෘතියේ ගැටලුවකටත් වඩා ඩිකන්ස්ගේ ආත්මය හා සම්බන්ද පිලිගැනිමට අපහසු කාරණාව හේතුවෙනි. නමුදු ශර්ලොක් ගේ තාත්තා, සර් ආතර් කොනන් ඩොයිල් මේ අවස්ථාවේදි ජේමිස් ගේ සහයට පැමිණි බවද මතක්කල යුතුයි.

නමුත් ඉන්පසුව තෝමස් ජේමිස් ලේඛන කලාව තුල අමතව ගියේය. ඔහු ගේ නව නිර්මාණ ගැන අසන්නට ලැබුනේ නැත.

අවසානයක් නොමැතිව තිබියදිත්, ඩිකන්ස්ගේ පාඨකයන් හා අනෙකුත් කතුවරුන් විසින් අවස්ථා ගණනාවකදිම  The Mystery of Edwin Drood හී අවසානය තමන්ට හැගෙන පරිදි රචනා කලේය. චිත්‍රපට, නාට්‍ය හා ටෙලිනාට්‍ය වලට පාදක විය. නමුත් මේ සියක් වූ කාරනා අතරින් ජේමිස් ගේ අවසානය ප්‍රකට වන්නේ එහි අත්භුතභාවය නිසාවෙනි. 

මීට දෑඅවුරුද්දට පෙර ප්‍රකට ප්‍රවෘත්ති පත්‍රයක් වන ඩේලිමේල් හා බැකිංහැම් විශ්වවිද්‍යාලය එක්ව කල සමික්ෂනයක් මගින් හෙලි වූ කරුණු අනුව ජැස්පර් විසින් ඩෘඩ් මරාදැමු බව බොහෝ දෙනෙකු පිලිගන්නා බව හෙලිවිය.

ඔයාලාත්  The Mystery of Edwin Drood  කියවන්න.
ඩිකන්ස්ගේ අවසන් පොතට
අවසානයක් යෝජනා කරන්න!

No comments:

Post a Comment