Monday, August 21, 2017

පරමාණු බෝම්බ ගෙනගිය ඉන්දියානාපොලිස් මුහුදු පත්ලෙන් හමුවේ!

හිරෝශිමා හා නාගසාකි යනු ලෝක ඉතිහාසයෙන් කිසිදා මැකිය නොහැකි මතකයන් ඉතිරිකල නගරයන් දෙකක් වේ. 1945 අගෝස්තුවේ හිරෝශිමාවට පතිත වූ පරමාණු බෝම්බ උපාංග ඇමරිකාවේ සිට ආසියාවට ප්‍රවාහණය කල  USS Indianapolis නෞකාවේ අවසන් ඉරණමේ වැදගත් තතු බොහොමයක් පසුගිය සතිඅන්තයේදි හෙලිදරව් වුනා.




USS Indianapolis නෞකාව ඇමරිකා නාවික හමුදාව සතුව තිබූ ප්‍රභල නෞකාවක් ලෙස හැදින්වීම වරදක් නොවේ. දක්ෂ නැවියන් අතින් පාලනය වූ ඉන්දියානාපොලිස් , ලෝක යුද්ධයේදි නිරන්තරයෙන්වර්ණ පෙන්වූ නෞකාවකි. 1945 දී  ඉතා රහසිගත මෙහෙයුමක් සදහා නෞකාව යොදාගැනිමට තීරණය විය.

පරමාණු බෝම්බ නිෂ්පාදනයට අවශ්‍ය  බලගැනිවීමකට ලක්කල යුරෝනියම් හා බෝම්බ කොටස් ඇමරිකාවේ සිට මරියානා දූපත් සමූහයට අයත් ටිනියන් දූපත් වෙත රහසිතව ප්‍රවාහනය කිරිමට නෞකාවට භාරවයි. මෙම අමුද්‍රව්‍ය භාවිතයෙන් තැනු පරමාණු බෝම්බය (ලිට්ල් බෝයි) පසුව හිරෝෂිමාවට දැඩි හානියක් සිදුකල බව ඔබ අප දන්නා කරුණකි. 
රහස් මෙහෙයුමට දායක වූ නැවියන් දැන සිටියේ විශාල ලී පෙට්ටියක් ප්‍රවාහණය කරන බව පමනි. එහි අන්තර්ගතය, නුදුරු දිනක මේසා විශාල හානියක් සිදුකරන බව ඔවුන් නොදත්තේය.  


1945 ජූලි  මස රහසිගත මෙහෙයුම සදහා පිටත්වූ නෞකාව ඉතා වේගයෙන් තම ගමනාන්තය කරා ලගාවූ අතර, පැවරුණු කාර්යය සාර්ථක ලෙස ඉටු කලේය. ඉදිරි සටන් කටයුතු සදහා පිලිපින දූපත් වලට ගමන් කරන විට ඉන්දියානාපොලිස් ඉරණම එහි ගමනට හරස්වනවා.

1945 ජූලි 30 වැනිදින පිලිපීන මුහුදේදි  I58 ජපාන සබ්මැරිනයක ටෝපිඩෝ ප්‍රහාරයකට ඉන්දියානාපොලිස් නෞකාව ඉලක්ක වෙනවා. ප්‍රහාරයෙන් දැඩි හානියට පත්නෞකාව මිනිත්තු 12 වැනි සුලුකාලයක් ඇතුලත මුහුද විසින් ගිලගන්නවා.  

බේරාගැනිමේ මෙහෙයුම් අතරතුර


ඒවනවිට නෞකාවේ 1196 ක් පමණ වූ නැවියන් ප්‍රමාණයක් සේවයේ නියුක්ත වී සිට ඇති අතර, මින් දිවිබේරාගැනිමට සමත් වන්නේ 317 දෙනකු පමණයි. දියට වැටුණු බොහෝ පිරිසක් මිය යන්නේ විජලනයෙන්, කරදිය විසවීමෙන් හා මෝරන්ගේ ප්‍රහාර වලිනි. මෙය ඇමරිකානු නාවික ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම හානියක් ලෙස හැදින්වේ.

ප්‍රහාරයෙන් දිවිගලවාගැනිමට වාසනාව ලද ඉන්දියානාපොලිස් නෞකාවේ එවක කපිතාන් ‘‘චාල්ස් මැක්වේ‘‘ මහතාට අනතුර වලක්වානොගැනිම යන චෝදනාව මත යුධාධිකරණයක් හමුවට යාමට සිදුවිය. මෙම යුධාධිකරණය හමුවේ සාක්ෂි දීමට ඉන්දියානාපොලිස් නෞකාවට ප්‍රහාර එල්ල කල ජපාන සබ්මැරිනයට අණදුන් ‘‘මොචිත්සුරා හෂිමතෝ‘‘ කැදවීම ආන්දෝලනයක් ඇතිකල විශේෂ සිදුවිමක් විය. යුධාධිකරණය හමුවේ මැක්වේ මහතා නිදහස් වුවද, පසුව සියදිවි හානිකර ගත්තේය.

හෂිමොතෝ

මැක්වේ

පිලිපීන මුහුදේ ගිලිගිය ඉන්දියානාපොලිස් නෞකාවේ ගිලිගිය ශේෂයන් වසර 72 පසුව සොයැගිනීමට කෝටිපති ව්‍යාපාරික පෝල් ඇලන් පසුගියදා සමත්විය. ඇමරිකානුවන්ට මෙය ඉතා වැදගත් අනාවරණයකි.










ඉන්දියානාපොලිස් ගැන තවත් සොයන්න ආසනම්,
නිකලස් කේජ් ගේ රංගනයෙන් හැඩවුනු
USS Indianapolis: Men of Courage
චිත්‍රපටය නරඹන්න.



ජපානයට විශාල හානියක් සිදුකල බෝම්බ කොටස් ප්‍රවාහණය කල නෞකාව,
ජපානය අතින්ම විනාශ විය.
දෛවයේ සරදමක්ද?
කර්මය පඩිසන් දීමද?

යුද්ධයේ කෘරභාවයෙන් වින්දිතයන් බවට පත් සියල්ලන්ටම අප සොව පල කරමු!!
ලොව කිසිතැනක නැවත යුද්ධයන් ඇතිනොවේවා යන්න අපගේ ප්‍රාර්ථනාවයි!!

1 comment:

  1. ලොව කිසිතැනක නැවත යුද්ධයන් ඇතිනොවේවා යන්න අපගේත් ප්‍රාර්ථනාවයි

    ReplyDelete