Monday, August 14, 2017

ගර්භණි පරික්ෂාව පිරිමින්ටත් ‘‘පොසිටිව්‘‘ වෙනවාද??

අද කතා කරන්න යන්නේ පිරිමි අයට  වැදගත් මාතෘකාවක් ගැන.
එදිනෙදා මේක ගැන කතා නොවුනත්, දැන සිටිය යුතු දෙයක්.
ඇත්තටම මේක ගැන ලියන්න නිමිත්ත ආවෙත් මූණුපොතෙන්






Facebook එකේ මිතුරෙක් විසින් පහත Fun Fact එකේ කියලා තියන කතාව නිවැරදිද කියලා විමසා සිටියා.



පිරිමි කෙනෙක්ට ගර්භණි පරික්ෂාව ‘‘පොසිටිව්‘‘ වෙන්න පුලුවන්ද? එහෙම වුනොත් පිළිකාවක් යැයි සැක කරන්න පුලුවන්ද? 

මේ ප්‍රශ්ණ දෙකටම පිළිතුර - ඔව්!

ජනේලය තුල කලින් ගෙදරදිම ගර්භණි පරික්ෂාව සිදුකරන ආකාරය ගැන විස්තර කලා මතක ඇති. නොකියවපු යාලුවන්ට ලිපිය අවසානයේ ලින්ක් එක දක්වා තිබෙනවා. 

ගර්භණි භාවය පරික්ෂා කිරිමේදි  පරික්ෂා කරන්නේ මුත්‍රා වල අඩංගු hCG (මානව කොරියෝනක ගොනැඩොට්‍රෝෆීන් ) හෝමෝනය ඇතිද නැතිද කියලානේ. ගර්භණී මවකගේ මේ හෝමෝනය හැදෙනවා. පිරිමියෙක්ට ආවේ කොහෙන්ද?

මෙහෙමනේ,

hCG හෝමෝනය හදන්නේ මානව කළල බන්දය (වැදැමහ) මගින් බව ඇත්ත. එහෙනම් හම්බවෙන්න ඕනා ගෑණු අයගේ විතරයිනේ. නමුත් එහෙම නැ. hCG හෝමෝනයේ උපඒකක තියෙනවා. මින් ඇල්ෆා උපඒකකය ගෑණු පිරිමි දෙගොල්ලන්ගේම හමුවන සාමාන්‍ය එකක්. ගර්බණිභාවය වැනි විශේෂිත අවස්ථා වලදි බීටා  hCG හැදෙනවා. ගර්භණි පරික්ෂණයේදි හදුනාගන්නේ  අන්න ඒ උපකොටස තියනවාද කියලයි.

නමුත් සිරුරේ ඇතිවන ‘‘සමහර පිළිකා‘‘ තත්ත්වයන් නිසා ද hCG හැදෙන්න  පුලුවන්. ගැණු පිරිමි භේදයක් නැ. මේ නිසා පිරිමි අයගේ උනත් ගර්භණි භාවය පරික්ෂා කිරිමේ දී පොසිටිව් වෙන්න පුලුවන්.

මොනවගේ පිළිකා තත්ත්වද මගින්ද මෙහෙම වෙන්නේ?

පිරිමි අය අතර ප්‍රධාන ලෙස වෘෂණ ආශ්‍රිත පිළිකා තත්ත්වයන් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවෙන්න පුලුවන්. 

පිරිමි අය අතර වෘෂණ පිළිකා (Testicular cancer) එතරම්ම සුලභ නැතත්, යෞවන විය හා මැදිවියේ  පිරිමින් අතර දකින්න පුලුවන් තත්ත්වයක්. 

වෘෂණ ගැන සරලව කතා කරලා ඉමුකෝ.



පිරිමින්ගේ උදරයෙන් බාහිරව වෘෂණ කෝෂ තුල වෘෂණ පිහිටනවා. වෘෂණ තුලදි ශුක්‍රාණු නිපදවීම හා පුරුශ ප්‍රජනක හෝමෝනය වන ටෙස්ටොස්ටෙරෝන් නිපදවනු ලබනවා. ශුක්‍රාණු නිෂ්පාදනය ක්‍රමවත්ව පවත්වාගැනිමට අවශ්‍ය උෂ්නත්වය පවත්වාගැනිමට තමයි වෘෂණ, වෘෂණ කෝෂ තුලට අවරෝහණය වෙලා තියෙන්නේ.

වෘෂණ වලත් පිලිකා ඇතිවෙන්න පුලුවන් නේ. එක් වෘෂණයක් හෝ වෘෂණ දෙකම පිළිකාවට බිලිවෙන්න පුලුවන්.  මෙවන් පිළිකාවක මුල් අවධියේදි වෘෂණ මත වේදනා රහිත කුඩා ගැටති ඇතිවිම දකින්න ලැබෙනවා. පස්සේ තමයි වැඩේ දරුණු වෙන්නේ. 

පිරිමියෙක්ට ගෙදරදිම කරන ‘‘ස්වයං වෘෂණ පරික්ෂාවකින්‘‘ වෘෂණ වල අසාමාන්‍යතාවන් ගැන හදුනාගන්න පුලුවන්. ඒ නිසා මට හිතුනා මේ ස්වයං පරික්ෂණය දන්න නොදන්න කාටත් තේරෙන විදිහට කියලා දෙන්න.

ස්වයං පරික්ෂාව කරන්න නිදහස්, පෞද්ගලික තැනක් තෝරාගන්න.
ස්නානයකින්  පසුව  පුලුවන්නම් හොදයි.
කණ්නාඩියක් ඉස්සරහා පරික්ෂණය කරන්න පුලුවන්නම් අමතර වාසියක්.
වෘෂණ කෝෂය තුල වෘෂණ ලිහිල් වන අවස්ථාව වෙනකං ඉන්න. 
එතකොට පරික්ෂාව කරන්න පහසුයි.

පළමුව, වෘෂණ කෝෂය මත සමේ තත්ත්වය බලන්න. ඉදිමුමක් හෝ පෙර නොවූ අසාමාන්‍යයතාවක් තියනවාද බලන්න.
දැන් වෘෂණ වෙත යොමුවෙන්න. ඇගිලි මත වෘෂණයක් බැගින් තබාගෙන මහපටැගිල්ලෙන් එහි මතුපිට අතගා පරික්ෂා කර බලන්න. ඇගිලි අතර මෘදුව කරකවා පරික්ෂා කරන්න බලන්න. 
වෘෂණ වල පවතින්නේ සුමුදු මතුපිටකි. අසාමාන්‍ය ඉදිමුම්, නෙරුම් හෝ තද ස්ථාන හමුවේදැයි බලන්න. මෙම ගැටිති වේදනා රහිත ගැටිති විය හැකියි.
වෘෂණ දෙකම මේ ආකාරයට පරික්ෂා කරන්න.



අනිවාර්යයෙන්ම මතක තබාගත යුතු දෙයක් තියනවා මෙතනදි,
වෘෂණ මත අපිවෘෂණය(epididymis) පවතිනවා. මෙය නෙරුමක්/වැදැල්ලක් ලෙස හසුවෙන්න පුලුවන්. මෙය ශරිරාංගයක්ම බැවින්, අසාමාන්‍යතාවක් ලෙස වරදවා වටහාගනු එපා!!!

නෙරුමක්, ගැටයක්...අසාමාන්‍යතාවක් ඇතිනම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
කල් දැමිමෙන් හෝ නොසලකාහැරිමෙන් පාඩුව ඔබටමයි.

අලුත් යමක් දැනගන්න ඇතියි සිතනවා!
සබැදි ලිපි

වෛද්‍ය විද්‍යාව ලේබලයට පිවිසිමෙන් මේ හා සබැදි කාරණා බොහෝමයක් දැනගත හැකිවේවි!

No comments:

Post a Comment