Monday, August 28, 2017

මුහුදු කොල්ලකරුවෝ ඇසක් වසා සිටින්නේ ඇයි?

මුහුදු කොල්ලකරුවන් යැයි කියු සැනින් එක් ඇසක් වසාගත් රෞද්‍ර මුහුණක් ඇති පහරන්නෙකු ගේ රුපයක් ජනිත වනු ඇත.
බොහෝ අවස්ථාවලදි මුහුදුකොල්ලකරුවන් ව නිරුපනය කිරිමේදි එක් ඇසක් ආවරණය කරගත් රූපකායක් තමයි පෙන්න තියෙන්නේ.
ඇයි මෙහෙම??





සටනේදි ඇතිවූ අනතුරක් හෝ හදිසි අනතුරක් නිසා ඇසක් අහිමි වූ අවස්ථා වලදි අඩුපාඩුව වසා ගැනිමට එකැස් ආවරණ පැලදීම සිදුකර තිබෙනවා. පර්සියානු බොක්කේ තම ආධිපත්‍ය පැතිරවූ  අල් ජලාහිමා (al-Jalahimah) ද එවැන්නෙකි. සටනදි ඇසට සිදුවු හානිය නිසා ඇසක් ආවරණය (eye patch) කරගත් ඔහු ඉතිහාස පොත් අනුව එවැන්නක් කල අයවලුන් අතර පුරෝගාමියෙකි.

සැම විටම ඇසක් ආවරණය කරගන්නේ හුදෙක්ම හානියක් නිසාම නොවන බව විද්‍යාත්මක මේදෙස බැලිමේදි පසක් වේ.

නෞකාවකදි තට්ටුව මතට හොදින් හිරු එලිය වැටි ආලෝකමත් වටපිටාවක් තිබුනද, තට්ටුව යට කලාපයේ ඇත්තේ අදුරු තත්ත්වයකි. අපි මේ කතා කරන්නේ මීට සියවස් කිහිපයකට පෙර තත්ත්වයක් ගැන. අද මෙන් විදුලි ආලෝකයෙන් ආලෝකමත් වූ නෞකා එවක තිබුනේ නැනේ. 

මිනිස් ඇසකට අාලෝකයේ සිට අදුරට ගියාම ඇස හුරුවෙන්න යම් වේලාවක් ගත වෙනවා. මේ අත්දැකිම ඔයාලාත් විදලා ඇති. හොදට එලිය වැටෙන තැනක ඉදලා අදුරු කාමරේකට ආවාම හොදින්ම පෙනිම ලැබෙන්න ටිකක් වෙලා යනවා. 

සටනක් යන අවස්ථාවක ඇස හුරුවෙන්න කාලය ගතවිම අවාසියට හේතුවක්. මේ නිසා කොල්ලකරුවන් විසින් වැඩි ආලෝකය මධ්‍යයේ සිටින විට එක් ඇසක් වසා සිටිනවා. අදුරු පෙදෙසට ආවාම වසා සිටි ඇස විවෘත කරනවා. මෙයින් ඔවුන්ට පෙනිම සම්බන්දව අමතර වාසියක් හිමිවෙනවා. 

විද්‍යාත්මක පැත්ත එයයි.
මේ කරුණ පිලිබදව ඇමරිකාවේ පැසිෆික් විශ්වවිද්‍යාලය මගින්ද පරික්ෂනයක් සිදුකලා.

අදුරට හුරුවිම පිලිබද මතය ගැන සැකයක් නැති වුනත්, කොල්ලකරුවන් විසින් අක්ෂිආවරණ පැලදීම පිලිබදව නම් ඉතිහාස පොත් අතරින් මතුවන්නේ පරස්පර අදහසක්. මොකද රූප වල ඇදෙන තරම්, චිත්‍රපටි වල පෙන්වන තරම් (Pirates of the Caribbean වැනි..), ප්‍රබන්ද පොත්වල කියන තරම් මේ සප්ත මහා සාගරයේ යාත්‍රා කල මුහුද මංකොල්කරුවන් මේ ආවරණ පැලද සිටියා හෝ ඔවුන් අතර මෙය සුලබව භාවිතා වුනා යැයි මුලාශ්‍ර හමුවන්නේ නැ. 



අක්ෂි ආවරණයෙන් ලැබෙන වාසියටත් වඩා, මෙය මුහුදු කොල්ලකරුවන් ගේ බාහිර ලක්ෂණයක් බවට පත්වූයේ ප්‍රබන්දයන්ගෙන් හා කටකතා වලින් බවට ද නිගමනයකට එලැබිමට අවකාශය ඇත.


2 comments:

  1. ඔය වගේම එකක් තමා කරාබු... ඒවා කරාබු වගේ හදාපු ඇබ... මුහුදු මංකොල්ලකාරයින් කරාබු පැළඳුවේ නැවේ යුද්ධ අවස්ථාවලදී ඇතිවන අධික ශබ්දයෙන් කනට හානි වෙන එක වලක්වගන්න... යුද්දෙදි කරාබුව ගැලෙව්වා ඒ ඇබේ කනේ ගහගත්තා...

    ReplyDelete
    Replies
    1. මිතිල තවත් කරුණු එකතු කරලා.
      ස්තුතියි

      Delete