Tuesday, September 19, 2017

රාජ නිතිය රජපවුලටම පාරාවළල්ලක් වෙයි.

කාටහරි කරදරයක් වුනාම උදව් කරන්න අපි දෙවරක් හිතන්නේ නැ නේ. වතුරේ ගිලෙන්න යන පුද්ගලයකුගේ දිවි බේරන්න තම දිවි නොතකා ඉදිරිපත් වු වීරයන් ගැන නිතර අසන්නට ලැබෙනවා.
නමුත් 
උදව් කරන්න හැකි පිරිසක් බලා සිටයදිම දිගේ ගිලි යන්නට අවාසනවන්ත රජපවුලක රදලයින් පිරිසකට සිදුවුනා.
ඒ අමුතුම නිතියක් නිසා.






මේ කදුලු කතාව අහන්න ලැබෙන්නේ සියම් රටෙන්.

19 වැනි සියවස මැද භාගයේ සියමේ එවකට රජකම දැරු සව්වන රාමා රජුට දිව  සුනන්දා කුමරිරතන කුමරිය මෙලෙව එලිය දකිනවා. හිරිමල් යෞවනය හසුකරන සමයේදිම විවාහාපත්විමට ඇයට සිදුවනවා.

පස්වන රාමා රජුගේ  ප්‍රථම බිසව වන ඇය, නැකමින් ඔහුගේ අර්ධ සෙයුරියක්. රාමා රජුගේ ප්‍රධාන බිසවුන් සියල්ලම ඔහුගේ අර්ධ සොයුරියන් ලෙස පෙළවැල දෙස බැලිමෙදි පෙනියනවා.

1880 වසරේ දිනක ඇගේ ඉරණම විසදෙන්නේ කිසිවෙකු නොපතු පරිද්දෙනි.

එවකට ඇය එක්දරු මවක් වු අතර දෙවැනි දරු ප්‍රසුතිය සදහා සුදානම් වෙමින් සිටියාය. මෙසමයේ ග්‍රිස්ම රජමාලිගාවට යාමට ඇය සහපරිවර සමග  ගග දිගේ යාත්‍රා කලාය.

නොසිතු ලෙස එක්වරම ⁣යාත්‍රාව පෙරලිනි. සුනන්දා බිසව, ඇගේ දියණිය ඇතුලු පිරිස දියට වැටින. උපකාර ඉල්ලිය. නමුදු කිසිවෙකු ඔවුන්ට සරන වූයේ නැත. ඒ රාජ නිතිය නියාවෙනි.

එවක පැවැති නිතිය අනුව රජපවුල ස්පර්ෂ කිරිමට තහනම් විය. නිතිය නොසලකා කටයුතු කරන්නන්ට අත්වුයේ මරණයයි.  දියට බැස රජබිසව ට උපකාර කිරිමට අසල සිට පිරිස බියවුයේ මේ රාජ නිතිය නිසායි.

සිද්ධිය ඇසින් දුටුවන්ගේ සටහන් අනුව, ඇතැමෙක් විසින් දියට වැටුනු රජ බිසව හා  වෙත පොල් ගෙඩි විසික් කර ඇතත් ඒවා අල්වා ගැනමට ඔවුන්ට හැකිව ලැබි නැත.

අහෝ ඛේදයකි!
හව්හරණක් නොලද
බිසව හා ඇගේ දියණිය ගිලි මරුමුවට පත්වුවාය.

නිති සැදිමේදි එහි මුඛ්‍ය පරමාර්ථය කුමක් විය යුතුද යන්න මොනවාට පැහැදිලි කල අවස්ථාවකි මෙය.

5 comments:

  1. ඉතාම අවාසනාවන්ත කතාවක්. මෙය අද කාලයටත් වලංගුයි. හිතන්න කවුරුහරි වාහනයක් පදවාගෙන යනවිට තමාගෙ රථයට කවුරුහරි යටවුනා යැයි සිතන්න. වටේ ඉන්න නරඹන්නෝ උත්සාහ කරන්නේ අනතුර සිදුකල පුද්ගලයා හිරකරගෙන එම වාහනයත් හොල්ලන්න නොදී ඉන්න එක . අනතුරට භාජනය වී සිටින පුද්ගලයාගේ ජීවිතයට වඩා වැඩි අවදානයක් යොමු කරන්නේ නැත. නමුත් නීතිය තුල තමාගේ රථයට කිසිවෙකු අනතුරට ලක් වුවහොත් එම තුවාලකරු ලඟම ඇති රෝහලට ගෙන යාමේ උපරිම වගකීම තියෙන්නේ ඔහුට (හෝ ඇයට) . එය පැහැර හැරීම දඬුවම් ලැබිය හැකි වරදකි. ස්තූතියි! වටිනා ලිපියක්!

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට තුති මිතුරේ

      Delete
  2. දැන් මෙහෙම බැලුවම ඉස්සර කාලේ... නෑ ඉතින් මෑත කාලෙත් රජගෙදර කට්ටිය ස්පර්ශ කරන්න ගිහින් වෑන් වල ට්‍රිප් ගියපු ය එක්ක බැලුවහම..

    හැබෑටම බොලේ දැන් රජ පවුල ගිලෙන්න යනකොට ඒ ඔක්කොම කැලේ !! ආන්න ඒකයි වෙනස! වෙනස සැපද?

    ReplyDelete
  3. බොහොම හොද ලිපියක් ගොඩක් දේවල් දැනගන්න ලැබුනා බොහොම ස්තූතියි.අපිට නොමිලේ ගෙදරට ගෙන්න ගන්න පුථවන් ප්‍රී අයිටම්ස් ගැන ලිපියක් දානවනම් ගොඩක් ආස වේවි හැමෝම සුභ දවසක් ජය වේවා!

    ReplyDelete