Monday, September 11, 2017

නූතන නාරිවේදයේ පියා හා වහල් පරික්ෂණ

විද්‍යාව මතම පදනම් වි මොලයෙන්  පමණක් කටයුතු කිරිමේදි  සිත අමතක වෙන්න පුලුවන්. හොද නරක චාරිත්‍ර වාරිත්‍ර වලින් ඔබ්බට ගොස් සංඛ්‍යා හා දත්ත මත පදනම් වෙන්න පුලුවන්.
මේත් කියන්න යන්නේ එවැනි එක් පරික්ෂණ මාලාවක් ගැනයි.
මෙයින් ලොවට ලැබුණු ඵලය මහත් වුවත්,  ආ මග ගැන විවේචන බොහෝයි.







19 වැනි සියවසේ ඇමරිකාවේ විසු ජේ.එම්.සිම්ස් වෛද්‍යවරයා, නූතන නාරිවේදයේ පියා ලෙස සැලකේ. ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ශල්‍යකර්ම ශිල්පීයක්‍රම හා මෙවලම් හදුන්වාදීමේ පුරෝගාමියා වූයේ ඔහුය. කාන්තාවට ප්‍රතිකාර කිරිමට අපුලක් දැක්වූ වාකවානුවක තම පරික්ෂණ මෙහෙය වූ සිම්ස් විසින් යෝනිමාර්ග පරික්ෂාවේදි භාවිතාකරන ස්පෙකියුලම නිපදවීමටත්, යෝනිමාර්ගය ආශ්‍රිත බගන්දරා සුව කිරිමේ සැත්කම් හදුන්වාදිමත් සිදුකලේය.

තම පරික්ෂණ ඔස්සේ වැදගත් අනාවරණයන් හෙලිකරමින් ‘‘නූතන නාරිවේදයේ පියා‘‘ යන නාමය උපයා ගැනිමට ඔහු සමත් වුවද, පරික්ෂණ වලදි ඔහු අනුගමනය කල ක්‍රියාපටිපාටිය නිරන්තරයෙන් විවේචනය බදුන් වේ. කලු ජාතික වහල් කාන්තාවන් නිර්වින්දනය කිරිමකින් තොරව සැත්කම් වලට භාජනය කරමින්, පරික්ෂනාගාර මීයන් ගේ ඝනයේ සැලකිම සිදුකල ඔහු වෛද්‍ය ආචාරධර්ම වලපල්ලට යැවු බව රහසක් නොවේ.




19 වැනි සියවස මුලභාගයේ දකුණු කැලිෆෝනියාවේ උපත ලද ඔහු, තම වෛද්‍ය දිවිය අරබන්නේ ලැන්කැස්ටර් නගරයේදිය. නමුත් රෝගින් ප්‍රතිකාර සම්බන්දව ඇතිවූ ගැටලුවක් හේතුවෙන් පසුව  වහල් මෙහෙය දැඩිව පැවතුනු මොන්ටිගෝමරි වෙත මාරු විය.

වර්ණබේදවාදියකු වූ ඔහු කලු ජාතිකයන්ට කැමැත්තක් දැක්වූයේ නැත. සුදු ජාතිකයන්ට වඩා කලු ජාතිකයන්ගේ බුද්ධිය අවම යැයි ඔහු තරයේ විස්වාස කලේය. මොන්ටිගෝමරි තුල  සිම්ස් හට නිරන්තරයෙන්  වහල් ප්‍රජාව සමග ගනුදෙනු කරන්නට විය. ඔහු ප්‍රතිකාර කලේ එවකට සුදුමිනිසුන්ට අයිති යැයි සැලකුණු වහල් ප්‍රජාවක් වෙතය.  රෝහලක් පවා තැනිමට සිම්ස් හට හැකිවිය.

ස්ත්‍රි ප්‍රජනක පද්ධතිය ගැන විශේෂඥ දැනුමක් හෝ අධ්‍යානයක් නොලද සිම්ස් එතරම් කාන්තාවන්ට ප්‍රතිකාර කිරිමට උනන්දු නොවූවද, එක්තරා සිද්ධියක් මුලු කතන්දරයම වෙනස් කිරිමට සමත්වුනා.

දිනක් ඔහු වෙත රැගෙන ආවේ අසු පිටින් වැටිමෙන් තුවාල ලත් කාන්තාවකි. උකුල ප්‍රදේශයේ වේදනාවක් ඇතිබව පෙන්විය. කාන්තාවට ප්‍රතිකාරකිරිමට නම් යෝනිමාර්ගය නිරික්ෂනය කිරිමට සිදුවන බව වෛද්‍ය සිම්ස් හට පසක් විය. අවස්ථානුකූලව අතැගිලි භාවිතයෙන් යෝනිමාර්ගය පරික්ෂා කලද, මේ නිමිත්ති කොටගෙන වෛද්‍ය සිමිස් විසින් වඩා පහසුවෙන් නිරික්ෂන සිදුකිරිමට  ස්පෙකියුලම නිර්මාණය කලේය.




එමෙන්ම කාන්තාවගේ යෝනිමාර්ගය තුල බගන්දරාවක් ඇතිබව ද ඔහුට වැටහි ගියේය. යම් කාන්තාවන් තුල දරු උපත්වලින් පසුව ප්‍රජනක අවයව හා බහිශ්‍රාවි අවයව අතර අසාමාන්‍ය සම්බන්දකයක් සිදුවිමේ හැකියාවක් ඇත. එවකට මෙය සදහා ප්‍රතිකාරයක් නොවු අතර නිසි ප්‍රතිකාර සොයා වෛද්‍ය සිම්ස් විසින් පරික්ෂණ අරබන ලදි.

වෛද්‍ය සිම්ස් විසින් තම පරික්ෂණ සදහා යොදාගත්තේ කලුජාතික වහල් කාන්තාවන්ය. වහල්හිමියන් වෙත ගාස්තු ගෙවිමෙන් අනතුරුව පහසුවෙන් කාන්තාවන් සපයා ගැනිමටහැකිව තිබිනි.  කලු ජාතික කාන්තාවන් ඔවුන් පෙලෙන අපහසුතාවන්ගෙන් මුදවන ලෙස කල ඉල්ලිම අනුව, ප්‍රතිකාල කල බව පැවසූවද, ඉතිහාසය කරුණු දක්වන ආකාරයට වෛද්‍ය සිම්ස් විසින් ප්‍රතිකාරයට වඩා පරික්ෂණ සදහා කාන්තාවන් යොදාගෙන ඇතිබව පෙනියයි.




කලු ජාතිකයන්ට සුදු ජාතිකයන්ට වඩා දරාගැනිමේ හැකියාව ඇති බවත්, වේදනාව දැනිම අඩු බවත් ඔහු විස්වාස කලේය. 

වෛද්‍ය සිම්ස් ගේ පරික්ෂණ වාර්තා අතුරින් යෞවන වියේ පසුවු ලුසි නම් කලුජාතික ස්ත්‍රියගේ සැත්කම කැපිනෙන සුලුය. නිර්වින්දනයකින් තොරව සිදුකල සැත්කමේදි ඇයට දැඩි වේදනාවක් ඇතිවූ බව සිම්ස් විසින්ම වාර්තා කරයි. සැත්කමෙන් අනතුරු ඔහු සිතා ඇත්තේ ඇය තවදුරටත් ජිවත් නොවනු ඇති බවයි, නමුදු මාස කිහිපයක ඇවැමෙන් අැය සුවපත් විය.

යෝනි මාර්ගය ආශ්‍රිත මුල්කාලින සැත්කම් සාර්තක නොවුවා වැනිය. බොහෝමයක් අසාර්ථක විය. සිව් වසරක ඇවැමෙන් කලු ජාතින් යොදාගෙන කල සැත්කම් 30කින් පමණ අනතුරුව  සාර්ථකව සැත්කම කිරිමේ පූර්ණ කිරිම ඔහු උගත්තේය.

ඉන්පසු නිර්වින්දක භාවිතයෙන් සුදු ජාතික කාන්තාවන් හට සැත්කම් කිරිමට ඔහු පෙලබිනි. නිව්යොර්ක් නගරයට සංක්‍රමණය වන ඔහු පලමු කාන්තා රෝහල ආරම්භ කලේය. යම් අවස්ථාවක ඔහුගේ රෝගියකු මියගිය විට එහි වගකිම ඔහු දැරුවේ නැත. තමන් නිවැරදිය යන මතයේ වෛද්‍ය සිම්ස් දැඩිව එල්බ සිටියේය.

ඔහුගේ පරික්ෂණ හා හෙලිදරව්කිරිම් සම්බන්දව එසමයේ දැඩි ආන්දෝලනයක් ඇතිවිය. සුදු ජාතික වෛද්‍යවරුන් පවා ඔහුට විරුද්දව අදහස් දැක්වූ අවස්ථා ඇත. ගානට වැඩි පුද්ගලයකු ලෙස ඔහු සමකාලිනයන් අතර හංවඩු ගැසිනි.

වෛද්‍ය සිම්ස් නව මානයක් හෙලිදරව් කිරිමට සමත් විය.

ඔහුගේ නිර්මාණ අදද බාවිතා වේ.

නමුදු එය අත්පත්කරගැනිමට ඔහු අනුගමනය කල
මාර්ගය
ඔහුට ලැබීමට තිබූ කීර්තිය හා ගෞරවය උදුරා ගත්තේය.

- රොෂීන් ප්‍රනාන්දු









No comments:

Post a Comment