Friday, August 24, 2018

ඇග රස්නෙයිද? උණ වගේද?

අවසන් වරට උණ හැදුනු අවස්ථාව මතකද?




උණ වැළදිමේදි, සාමාන්‍ය සිරුරේ උෂ්නත්වයේ අගයට වඩා වැඩි අගයක් කරා සිරුරේ උෂ්නත්වය වැඩි වීමක් සිදුවේ. බොහෝවිට මේ සදහා ව්‍යාධිජනකයින් ඇතිකර බෝවන රෝග (බැක්ටිරියා,වෛරස,පරපෝශිත වැනි..) හේතුවන අතර සිරුරේ  බෝ නොවන රෝග නිසාද ඇතිවිය හැක.

මිනිස් සිරුරේ තාප යාමන මධ්‍යස්ථාන පිහිටා ඇත්තේ හයිපොතැලමසෙහිය.



ව්‍යාධිජනක ක්ෂුද්‍රජිවි ආක්‍රමණයකට සිරුර ලක්විමෙන්(බාහිර්ජන්‍ය ලෙස) හෝ සිරුර අභ්‍යන්තර රෝගයක් නිසා (බෝ නොවන රෝග තත්ත්ව වැනි) හෝ මිනිස් රුධිරයට  උණ ඇතිකරවන සංයෝගය එක්විය හැක. රුධිරය ඔස්සේ පයිරෝජන් හයිපොතැලමස කරා ගමන් කරයි. එහිදි හයිපෝතැලමසේ ප්‍රශස්ථ ක්‍රියාවලියට බාධා ඇතිකරයි.

හයිපොතැලමසේ තාප සංවේදි කොටස් වල ක්‍රියාව පයිරොජන් හේතුවෙන් වෙනස් කරයි. උනුසුම් සංවේදන ගෙන එන ස්නායු පථ අකර්මන්‍ය කරන අතර සිසිල් සංවේදන ගෙනඑන ස්නායු පථ උත්තේජනය කරයි. මේ නිසා හයිපොතැලමසේ උශ්නත්ව සංවේදක වලට දැනි යනුයේ සිරුරේ උෂ්නත්ව අඩුව ඇති පරිද්දෙනි. මේ නිසා හයිපෝතැලමසේ  උෂ්නත්ව කඩයිම් අගය (setpoint) වැඩි වේ. 


නව උෂ්නත්ව අගය කරා සිරුරේ උෂ්නත්වය වැඩිකිරිම සදහා විවිධ ක්‍රියා සිදුවේ.

හයිපෝතැලමසේ තාපහානි මධ්‍යස්ථානය නිෂේදනය කරයි. එමගින් සිරුරේ තාප හානිය අවම කරයි.
තාපලාභි මධ්‍යස්ථානය උත්තේජනය කරයි. එමගින් පේශි සංකෝචන, වෙව්ලිම වැනි උෂ්නත්වය නිපදන ක්‍රියා ඇරඹේ.

මෙසේ ව්‍යාජ අගයක් වෙත උෂ්නත්වය සිරුමාරු විමට උත්සහ කිරිම නිසා, සාමාන්‍ය දේහ උෂ්නත්වයට වැඩි අගයක් කරා ගමන්කිරිමෙන් උණ ඇතිවේ.

මෙමගින් ශරීරයට අත්වන වාසි-
  • උෂ්නත්වය ඉහල යෑමත් සමග ව්‍යාධිජනක බැක්ටිරියා හා වෛරස වල ක්‍රියා වලට බාදා ඇතිවේ. බොහෝ රෝගකාරක ක්ෂුද්‍රජිවින් මිසෝෆිලිකයන්  වන අතර ඔවුන් ගේ ක්‍රියාකාරි ප්‍රශස්ථ උෂ්නත්ව අගය සෙල්සියස් 37 කි. සිරුරේ උෂ්නත්වය ඉහලයැමත් සමග ඔවුන්ගේ ක්‍රියා අඩපන විම හෝ මියයැම සිදුවේ.
  • උෂ්නත්වය වැඩිවිමත් සමග සුදු රුධිරානු වර්ග නිපදවිම, චලනය හා ක්‍රියාකාරිත්වය ඉහල යයි. එමෙන්ම ප්‍රතිදේහ නිපදවිම ඉහල යයි.එමගින් සිරුරේ ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණය බලගැන්වේ.
  • ධුලක වර්ග වල ක්‍රියාකාරිත්වයට බාධා ඇතිවේ.
  • උෂ්නත්වය ඉහල යැමත් සමග තමන් රෝගයකට ගොදුරුව ඇති බවට ධාරකයාට (මිනිසාට) දැනුම්දිමක් ලැබේ.
සාමාන්‍යෙයන් හටගන්නා උණ රෝග ලක්ෂණය දින තුනකින් පමණ සමනය වේ. අැතැම් අවස්ථාවල උණ ලක්ෂණය දිගින් දිගටම හෝ විටින් විට මතුවන සේ අඛණ්ඩව පැවැතිය හැක. එබැවින් එවැනි අවස්ථාවල රෝග ලක්ෂණ ඇතිකරන්නට හේතුවන රෝග විනිෂ්චය කරගැනිමට වෛද්‍යවරයකු හමුවිම අත්‍යවශ්‍ය වේ.


No comments:

Post a Comment