Tuesday, August 28, 2018

හෙන්රි පීරිස් (පුනරුද නගරයේ පුරාවත)

පානදුර පුරහල භූමියේ ගාලූ පාර අන්තයේ මදක් ඉදිරියට නැමුණු පුද්ගලයකුගේ ප්‍රතිමාවක් ඔබ දැක ඇති. මේ පුද්ගලයා කවුරුන්දැයි ඔබ දන්නවාද?



එතුමා නම්, ක්‍රි.ව 1947 පලමු පාර්ලිමේන්තුවට පානදුර කොට්ඨාශයෙන් තේරිපත්වූ මන්ත්‍රීවරයා වන හෙන්රී පිරිස් මහතා ය. මහතෙල්ගේ හෙන්රි පීරිස් (එම්.හෙන්රි පීරිස් ) උපන්නේ 1910 දි. පියා අන්තෝනි පිරිස් නම්විය. මුලික අධ්‍යාපන ගාල්ලේ ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන්. අධ්‍යාපනයෙන් පසුව වතුලිපිකරුවකු ලෙස රැකියාවට එක්වුවද කලාව කෙරෙහි වූ සහජ හැකියාව මෝදුවන්නට විය. එවක ලක්ජනතාව පාගාදැමු සුදු අධිරාජ්‍යවාදින්ට එදිරිව පෑන හැසිරවීමට හෙතෙම පසුබට නොවීය. ලංකා සමසමාජ පක්ෂයේ සමසමාජ පත්‍රයේ කතෘවරයෙක් ලෙසත් පිරිස් මහතා සේවය කලා. බ්‍රිතාන්‍යයන් පත්‍රය තහනම් කිරිමටත් නිදහස් මතධාරි මාධ්‍යවේදීන් දඩයම් කිරිමත් හේතුවෙන් පීරිස් මහතාට දිවි ගලවාගැනිමට තැන තැන සැගවී සිටිමට සිදුවුණා. පීරිස් මහතා බොල්ෂෙවික් සමසමාජ පක්ෂය නියෝජනය කරමින් ලාම්පුව ලකුණින් පානදුර කොට්ඨාශයෙන් 1947 පාර්ලිමෙන්තු මැතිවරණයට ඉදිරිපත් වේ. ඔහුගේ ප්‍රතිවාදියා වූයේ පානදුරේ පතාකයකු වන සුසන්තා ද ෆොන්සේකා මැතිතුමාය. හෙන්රි පිරිස් මහතා ඡන්ද 16,435 ද ෆොන්සේකා මහතා ඡන්ද 13,889 ද ලබාගත්තේය. ඒ අනුව මැතිවරණයෙන් වැඩිඡන්ද 2546ක ජයක් ලබාගනිමින් පීරිස් මහතා පලමු පාර්ලිමේන්තුවට තේරීපත්විය. 1952 මහමැතිවරණයෙන් එජාප අපෙක්ෂක ක්‍රිස්ටෝෆර් කන්නන්ගර මහතා හමුවේ පරාජයට පත්වන අතර පීරිස් මහතා දිවියේ සැදෑසමය කලාව වෙනුවෙන්ම කැපකලේය. 49 වැනි වියේදි එනම් 1959 දී එතුමා අප අතරින් සමුගත්තේය. හෙන්රි පිරිස් මහතා, ජොනි සිල්වා මෙනවිය සමග විවාහාපත්වේ. ඔවුන්ට ජනදාස පීරිස් නම් පුත්‍රයකි. ජිනදාස පීරිස් මහතාද පියාගේ අඩිපාරේ යමින් ජනමාධ්‍යවේදියකු බවට පත්වු අතර ලෙක්හවුස්,ගුවන්විදුලිය ඇතුලු විවිධ සංස්ථා හා අමාත්‍යංශ වල මුල්පුටු ගණනාවක් හෙබවීය. - රොෂීන් ප්‍රනාන්දු සබැදි ලිපි
කොස්මාමා

No comments:

Post a Comment