Friday, August 10, 2018

අහස පාට මාරු කරන හැටි

දවල්ට නිල් පාටින් දිස්වන අහස
සවස් යාමයේදි තැඹිලි රතු පාටින් දිස්වෙනවා ඔබ දැක ඇති.
අහස පාට මාරු කරන්නේ කොහොමද?




විද්‍යුත් චුම්බක තරංග වර්ගයකි, දෘෂ්‍ය ආලෝකය.
අපට පෙනෙන දෘෂ්‍ය ආලෝකය සැදෙන්නේ වර්ණ 7ක සම්මිශ්‍රණයෙනි. 

  • රතු
  • තැඹිලි
  • කහ
  • කොල
  • නිල්
  • ඉන්ඩිගෝ
  • දම්


පෘථිවිය කරා පැමිනෙන සූර්ය කිරණ (ආලෝක කිරණ) වායුගෝලයේ පවතින කුඩා අංශුන් හා අණු (දූවිලි අංශු, ජල අංශු...) වල වැදි තම මාර්ගය වෙනස්කර ගනි. ප්‍රකිරණය නම්වේ.

දෘෂ්‍ය ආලෝකයේ දම්, නිල් ආලෝකයට අදාල තරංග ආයාම සාපෙක්ෂව කෙටිය. ඒවා වැඩිවශයෙන්‍ෙ ප්‍රකිරණය වැඩිය. රතු තැඹිලි ආලෝක තරංග ආයාම දිගු වන වල ප්‍රකිරණය අඩුය. 



විවිධ අංශු වල වැදිමෙන් විසිරි යන ආලෝක කිරණ වල වැඩියෙන් නිල් ආලෝකය ප්‍රකිරණයෙන් මහත් සේ වායුගෝලය තුල විසිරි යෑම නිසා අහස නිල් පැහැයෙන් දිස්වේ.

පෘතුවියේ භ්‍රමණය හේතුකොට ගෙන දහවල් කාලයට වඩා අලුයම (හිරුනැගිම) හා සැදැ කාලය (හිරු බැසිම) යන අවස්ථාවලදි මිනිස් ඇස කරා ලග වීමට සූර්යාලෝකය වැඩි දුරක් වායුගෝලය තුල ගමන්කල යුතුය. (රූප සටහන බලන්න)

දවල් හා සවස පිහිටුම

සැදැ කාලය තුල සුර්යාලෝකය වායුගෝලය තුල වැඩි දුරක්ගමන් කිරිමේදි, වැඩි වශයෙන් නිල් ආලෝකය විසිරියෑම නිසා දෘෂ්‍ය පථයෙන් ඉවත්වන අතර රතු තැඹිලි ආලෝකයන්  මිනිස් ඇස කරා ලගා වේ.

මේ හේතුවෙන් ඉර බැසයන සමයේදි අහස රතු තැඹිලි වර්ණයෙන් (reddish) දිස්වේ.

No comments:

Post a Comment