මෙක්සිකෝවේ ගොආනාජුආටෝ හී මමිකරණයට ලක්වූ සිරුරු ප්‍රදර්ශණයට තබා තිබෙනවා. මෙම මමි ස්වභාවිකව මමිකරණයට ලක්වූ සිරුරු ලෙසයි සැලකෙන්නේ. ඒ ගැනයි අද කතාව.
1833 වසරේදි මෙක්සිකෝවේ දරුණු ලෙස කොලරා රෝගය පැතිර ගියා. මේ හේතුවෙන් විශාල පිරිසක් මිය ගියා. වසංගතය පාලනය සදහා මිය ගිය සිරුරු ඉතා ඉක්මනින් භුමිදානය සිදුකලේය.
1870 වසරේදි මෙක්සිකෝ රජය විසින් සිරුරු භුමිදානය කිරිම වෙනුවෙන් බද්දක් අය කිරිම ආරම්භ කලේය. මියගිය අයගේ ඥාතින් විසින් සිරුරු භූමිදානය වෙනුවෙන් බදු ගෙවිය යුතු අතර, බදු නොගෙවන්නේ නම් වල දමා ඇති සිරුරු නැවත ගොඩගැනිම සිදුවිය.
ඒ අනුව ඥාතින් විසින් බදු නොගෙවු අයගේ සිරුරු සුසාන භුමි වලින් නැවත ගොඩගැනිම සිදුවිය.
මෙසේ ගොඩගත් සමහරක් සිරුරු නරක් නොවි හොද තත්ත්වයෙන් තිබු අතර, ඒවා සුසාන භුමිය අසල ගොඩනැගිල්ලක තැම්පත් කරන ලදි. මෙක්සිකෝවේ දේශගුණ තත්ත්ව හේතුවෙන් සිරුරු ස්වභාවිකව මමිකරණයට ලක්ව තිබිනි.
මෙසේ වෙනත් ගොඩනැගිල්ලක ගබඩා කර ඇති මමිකරණය වු සිරුරු බැලිමට සොහොන්පල්ලන් විසින් ඥාතින්ගෙන් මුදල් අයකර ඇත. 19 වැනි සියවස අවසානයේදි ගොආනාජුආටෝ මමි වෙත සංචාරක ඇස යොමුවිය.
මෙක්සිකෝවට පැමිණි පරික්ෂකයින් විසින් මෙම මමි පරික්ෂණ වලට ලක්කර ලදි. සමහරක් සිරුරු නිරික්ෂණයේදි පැහැදිලි වුයේ, එම පුද්ගලයින් මිය යැමට පෙර මියගියා යැයි සිතා භූමිදානය කර ඇති බවයි.
ඇග්නාසියා අගුයිලා ද එවැනි මියගියා යැයි සිතා වලදැමු කාන්තාවක්. ඇය දැඩි ලෙස රෝගාතුරව සිට ඇති අතර, රෝගි තත්ත්වය හේතුවෙන් හෘදය අකර්මන්‍ය ව ඇත. ඒ මොහොතේ ඇය මියගියා යැයි සිතා වල දැමුවද. පසුව සිරුර ගොඩගෙන බැලිමේදි නිරික්ෂණය වූයේ ඇය විසින් හිස පහත්කරගෙන ඇගේම අත සපාගෙන ඇති ආකාරයයි.
1958 වසරේදි මෙක්සිකෝ රජය විසින් භුමිදාන බද්ද ඉවත් කල අතර, සිරුරු නැවත ගොඩගැනිම තහනම් කරන ලදි.
1969 වසරේදි සිරුරු ගොඩගෙන තැම්පත් කල ගොඩනැගිල්ල කෞතුකාගාරයක් බවට පත්කරන ලදි.
ලොව කුඩාම මමිය ද තැම්පත් කර ඇත්තේ මෙම කෞතුකාගාරයේයි. එය භ්‍රෑණයකුගේ මමිකරණය වූ සිරුරකි.
- රොෂීන් ප්‍රනාන්දු
No comments:
Post a Comment