Monday, July 31, 2017

උදුගොව්වන් කෑම ගැන ඔබ දැනුවත් ද?

උදුගොව්වන්  කෑම ගැන මිතුරන් අසා ඇති. හිසේ තැනින් තැන රවුම් හැඩයකට කෙස් හැලියාම සිදුවෙනවා.
උදුගොව්වන් කෑම කිව්වාම බොහෝ දෙනෙක්ට හිතෙන්නේ මොනයම් හෝ සතෙක් විසින් මෙය සිදුකරනවා කියලා.
නමුත් මේ ලිපියෙන් පසුව ඔබ බොහෝ දේ දැනගනිවි.




හිසේ තැනින් තැන කාසියක පමණ ප්‍රමාණයේ රවුම් ලෙස කෙස් රහිත කැලැල් ඇතිවිම, උදුගොව්වන් කෑම ලෙස ප්‍රකටයි. වෛද්‍ය විද්‍යාවේදි මෙම තත්ත්වය Alopecia areata ලෙස හදුන්වනවා. මෙය වේදනා රහිත තත්ත්වයක්. ලමාවියේ අය අතර සුලබය. නමුත් මැදිවියේදිද දැකගත හැක.

මෙය ඇතිකරන්නේ සතෙක් කෑම විසින්ද?
නැත. කොහෙත්ම නැත. උදුගොව්වන් කෑම ලෙස පැවසූවත් මෙය සිදුවන්නේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා සබැදි දෝශයක් හේතුවෙනි. 
ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් සිරුරේ ඇති කේෂ මූලයන් ආගන්තුක ද්‍රව්‍යයක් ලෙස හදුනාගෙන එයට පහර දී ඉවත්කිරිමට උත්සහ කරයි. මෙහි ප්‍රතිපලක් ලෙස රෝම විනාශ වේ.

බෝ නොවන රෝගයකි.

අලොපීසියා ඇතිවන්නේ හිසේ පමණද?

හිසට අමතරව සිරුරේ අනෙකුත් ප්‍රදේශ වලද මෙය ඇතිවිය හැක. රැවුල, ඇහිබැම වැනි ස්ථාන වලද ඇතිවිය හැක.  Alopecia totalis තත්ත්වයේදි හිසේ සම්පූර්ණ කෙස්ම ඉවත්විය හැකි අතර, සිරුරේම රෝම ඉවත්වන තත්ත්වයට පත්වීම Alopecia universalis ලෙස හැදින්වේ.

බලපාන හේතු මොනවාද?
පවුල් පසුබිම/පවුලේ සාමාජිකයන්ට වැළදී තිබිම.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත ගැටලු හා රෝග
මානසික තත්ත්ව

වරදවා වටහා ගැනීම.
දිලීර රෝග හා යම් යම් රෝග නිසා ද උදුගොව්වන් කෑමට සමාන කෙස් හැලීම් දැකිය හැක. එවැනි අවස්ථා රෝගින් වැරැදි ලෙස වටහා ගනි. විශේෂඥ වෛද්‍යවරයකු හමුව රෝගය නිෂ්චය කරගැනිම වැදගත් වේ.

ප්‍රතිකාර මොනවාද? 
උදුගොව්වන් කෑම සුවකිරිමට නිෂ්චිත ප්‍රතිකාරයක් නැත. නමුත් කෙස් වර්ධනය වේගවත් කිරිම සදහා ප්‍රතිකාරයන් සිදුකල හැක. කෙස් හැලිමෙන් මද කලකට පසුව නැවත එම ස්ථානයන්ගේ කෙස් වර්ධනය වීම දැකගත හැක. වඩා වැදගත් වන්නේ නිෂ්චිතව රෝගය හදුනාගැනිමයි.

මෙයින් ජීවිතයට බලපෑමක කෙසේද? 
මෙය බෝ නොවන රෝගයකි. වේදනා රහිතය. අසනීප ගතියක් පෙන්නුම් නොකරයි. නමුදු කෙස් යනු අපගේ බාහිර ස්වරූපයේ කැපි පෙනෙන අංගයකි. බාහිර අලංකාරය පෙන්වන්නකි. කෙස් අහිමිව යෑම මානසික පීඩාවක් ඇතිකල හැක. වෛද්‍යවරයකු හමුවන්න.. ගැටලු විසදාගන්න.

-රොෂීන් ප්‍රනාන්දු

වෛද්‍ය විද්‍යාව ලේබලය වෙත පිවිසිමෙන් ඔබේ දිවියට වැදගත් ලිපි කියවිය හැක.
අලුත් වන ලිපි දැනගන්න
Follow කරන්න. 

4 comments:

  1. Im suffering with this problem ..please let me know some medicine

    ReplyDelete
  2. මගේ බාබාට මාස තුනයි.එයාටත් මේ රෝගය හැදිලා .බෙහෙත් ගන්න හොඳයිද එයාට 🙏🙏🙏

    ReplyDelete
  3. මගෙ මහත්තයගෙත් මෙහෙම් කොන්ඩෙ ගිහින්

    ReplyDelete
  4. Thank you so much. I got these whole points. Its really help to us to know about this disease. I learnt some special things about this

    ReplyDelete