Saturday, July 22, 2017

ගැඹුරු තෙලේ අයිස් ක්‍රීම් බදිමු!!!

අයිස් ක්‍රීම් කොයි කවුරුත් ආස දෙයක් නොවැ. සීත අතුරුපසක් වන  අයිස්ක්‍රීම් බදින්න පුලුවන් කිව්වොත්,
එන්න අපි හදමු ගැඹුරු තෙලේ බැදපු අයිස් ක්‍රීම්





සාමාන්‍යයෙන් ජනේලයේ කතා කරන්නේ ඉතිහාසය විද්‍යාව ගැන නොවැ. වෙනසකටත් එක්ක විවිධ සංචාර වලදි ඇස ගැටුනු විශේෂ ආහාර වර්ග ගැනත් කතා කරන්න හිතුවා. යාලුවෝ කැමැති වේවි! 
නිවාඩු පාඩුවේ හදලා බලන්න.

අයිස් ක්‍රීම් තෙලේ බදින්න ආකාර කීපයක්ම තියනවා. 
කරලා බලමු නේද?

අයිස්ක්‍රීම් කට්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය


  • ඔබ කැමැති රසකින් අයිස්ක්‍රීම්
  • බිත්තර 
  • දැවටීමට බිස්කට් කුඩු


ක්‍රමය


පලමුව කියන්න ඕනා, පහත කෑම හදන්න සැලකිය යුතු කාලයකට කලින් ඔබ ගන්න අයිස්ක්‍රිම් වලින් ස්කූප්ස් අවැසි පමණට තැටියක් මතට දාලා ශීතකරණයේ තියලා තියන්න. එහෙම කලාට හොදට ඝණ වෙලා හිටිනවා. හදාගන්නත් ලේසියි.

ඝන තත්ත්වයේ ඇති අයිස්ක්‍රීම් ස්කූප්ස්/ බෝල  ගෙන එය බිත්තර සාරු හා බිස්කට් කුඩු වල දවටා බැදගන්න. පසුව ආයිත් මෙම බෝලය ශීතකරණයේ දමන්න.  සීතරගත් පසුව පෙර පරිදිම නැවත දවටා ගන්න. නැවත ශීතකරණයේ මදක් තබන්න. පසුව තෙලෙන් බැදගන්න.
ලේසියි නේ.



කැමැති නම් බිස්කට් කුඩු වෙනුවට කෙලොග්ස් / කෝන්ෆ්ලෙක්ස් හෝ වෙනත් රසවත් ආදේශකයක් බාවිතා කරන්න පුලුවන්. චෝකලට් සිරප් ටිකකුත් දාගත්තානම් පට්ට.

අයිස් ක්‍රීම් + පෆ් පේස්ට්‍රී

පෆ් පේස්ට්‍රී යොදාගෙන  බේක් කරන්න නොව බදින්නයි මේ යන්නේ. 

පෆ් පේස්ට්‍රි හොයාගන්න නැතිනම් පැටිස් කවරේ උනත් අවුලක් නැ.


අවශ්‍ය ද්‍රව්‍ය

  • පෆ් පේස්ට්‍රි ( වෙලදපොලෙන් ගන්න පුලුවන්)
  • කැමැති අයිස්ක්‍රිම් එකක්.
කලින් වගේම ලේසි වැඩක්. පෆ් පේස්ට්‍රි එකෙන් කැල්ලක් අරගෙන අයිස්ක්‍රිම් ස්කූප් එකක් මැදට දාලා නවාගන්න. නැවත ශීතකරනයේ මද වේලාවක් තියලා, බැදගන්න.

අයිස්ක්‍රීම් + කේක්  බදිමු
ටිකක් මාංඤ්ඤවිකයි වගේ නේද? ඒ වුනාට අමුතුම ගතියක් තියනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

  • ස්පොන්ජ් කේක්/බටර් කේක් /  අයින් කෑලි ටිකක් හරි කමක් නැ
  • කැමැති අයිස් ක්‍රීම් වර්ගයක්
  • බැටර් එක හදන්න පාන් පිටි
සාමාන්‍ය දිග පලල තියන කේක් කැල්ලක් අරගෙන රෝල පින් එකක් ආධාරයෙන් තලා ගන්න. ඒක මතින් අයිස්ක්‍රිම් ස්කූප් එකක ප්‍රමාණයක් තියලා හොදට ආවරණය කරගන්න. 
පාන් පිටි වලට වතුර ටිකක් දාලා අනලා උකු බැටර් හදාගන්න. වැඩිය දියාරු වෙන්න දෙන්න එපා. අයිස්ක්‍රීම් බෝලය ශීතකරණයෙන් අරගෙන මෙම බැටර් එකේ දවටාගන්න. දැන් බැදගන්න.

කැමැති නම් කෝන්ෆ්ලෙක්ස්/කෙලෝග්ස් වර්ග වලින් දවටාගන්නත් පුලුවන්. චොකලට් සිරප් දාගත්තතෝ මරු.

ආස හිතුනාද?
හදලා බලන්න

හදලා ගුණ දොස් කියන්න අමතක කරන්න එපා.

- රොෂීන් ප්‍රනාන්දු

No comments:

Post a Comment