Wednesday, July 19, 2017

ඩාවින්ට අභියෝග කරන කේම්බ්‍රීය පිපිරුම

චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය ගැන නොඇසු කෙනෙක් නැතුව ඇති. නමුත් ඩාවින්ගේ තියරියට අභියෝග කරපු කේම්බ්‍රිය පිපිරුම (cambrian Explosion) ගැනනම් ගොඩක් අය දැනුවත් නැ. 
මොකක්ද මේ සිද්ධිය?
සරලව කතා කරමු.




මීට වසර බිලියන 4 කට පමණ පෙර පෘතුවිය මත ජීවය ඇතිවුනා කියලා විස්වාස කරනවා. පෘතුවිය තුල ජීවය සම්බවය වීම ගැන කතාවන ප්‍රධාන මත වලින් වර්තමානයේ වඩාත්ම සාකච්ඡාවට බදුන්වන්නේ කොස්මික් තියරිය හා ජීව රසායනික පරිණාමන වාදයයි. මේ පිලිබදව පෙර ලිපියක් දීර්ඝව සදහන් කලා. {ලිපිය අවසන එහි ලින්කුව දැක්වේ}

ජීව  රසායනික පරිණාමන වාදය යටතේ ආදී සුපය තුල ආදී සෛල ඇතිවෙලා ඔහොම ජීවය පටන් ගත්තා කියලා සලකලා ගැලපෙන විදිහයට අනුවර්ථනය වෙමින් පැමිනෙමින් ජීවින් පරිණාමය වෙමින් ඇති පැවතිලා තියනවා. 

ඔහොම ආපු කාල පරිච්ඡේදයේ මේ කියන්න යන වැදගත් සිදුවීම වෙන්නේ වර්ශ මිලියන 541 පෙර සීමාවට ලගාවීමත් සමගයි. එතෙක් පසුකරගෙන ආ සුවිශාල කාලය, ප්‍රාග් කේම්බ්‍රිය යුගය (Precambrian)  ලෙස සලකනවා. එය පෘතුවි ජීවිත කාලයෙන් 88%ක් තරම් විශාල කාලයක්.



වර්ෂ මිලියන 541 පෙර කේම්බ්‍රිය අවධිය පටන්ගැනිමත් සමග ජීවයේ සැලකිය යුතු වෙනසක් සිදුවෙනවා. මෙය කේම්බ්‍රිය පිපිරුම (cambrian Explosion)  ලෙස හදුන්වනවා. මෙය ඇත්තෙන්ම එක් අවස්ථාවක සිදුවූවක් නොව, වසර මිලියන 20ක් පමණ තුල වූ ක්‍රියාවලියක්. නමුත් සමස්ථ කාලය සමග සැලකූ විට කේම්බ්‍රීය පිපිරුම සිදුවීමට ගතව ඇත්තේ ඉතාම කෙටි කාලයක් පමණයි. පිපිරුමක් කියා සදහන් කලාට මෙය අපි දන්න පිපිරුමක් වගේ  නෙවෙයි. 

මෙම කාලය තුල පෙර සාගර වල නොවූ විරු ප්‍රධාන සත්ත්ව වංශ ඇතිවිම සිදුවෙනවා. ඇතිවු සත්ත්ව වංශ වල සතුන් පෙර සතුන්ට වඩා සංකීර්ණ වුනා. ඛනිජමය සැකිලි , කවච දරණ සතුන් වූ මේ අයවලුන් පිලිබදව පොසිල සාක්ෂි පවතිනවා. අද අපිට දක්නට ලැබෙන ප්‍රධාන සත්ත්ව වර්ග වල ආදීතමයන් වුනේ මෙයාලා. කෙටි කාලයක් තුල විශාල වෙනස්කම් සහිත පිරිසක් බිහිවිම නිසායි පිපිරුම නැතිනම්  ස්ඵෝටනය වැනි යෙදුමක් යොදන්නේ.







දැන් ඔයාලා අහයි එහෙම එකපාරටම වෙන්න බැරිද කියලා? මේකනේ සීන් එක. මීට හිටපූ ජීවීන්ට වඩා සැහෙන්න වෙනස් මෙයාලා. කලින් හිටපු නෂ්ඨ වීමකටත් ලක්වෙලා හිටියේ. ඩාවින් ස්වභාවික වරණ වාදයේ කියපු විදිහට තරගයක් ඇතිවෙලා, එයින් පිරිසක් තේරිලා ඒ අය අනුවර්තනය වෙලා පරිසරයට ගැලපෙන විදිහහයට යනවා. ඒ අනුව බැලුවොත් පෙර ජිවිනුයි අලුත් ජිවින් අතර යම් සබදතාවක් තියනවා. නමුත් කෙම්බ්‍රිය පිපිරුම සමයේ බිහිවුන ජිවින් ගේ තියන ලක්ෂණ, ඊට පෙර පැවැති ජිවින් අතර තියන ලක්ෂණ අතර පරතරය ඉතාමත්ව වැඩියි. දෙපාර්ශවයේ සබදතාව/ ලින්ක් එක නැතිවෙලා නැතිනම් අපි සොයානොගත්ත සැගවුනු තවත් පුරුකක් තියනවා.

කේම්බ්‍රීය පිපිරුම සමයේ ඇතිවූ නව ජිවින්ගේ ලක්ෂණ මොනාද?

  • ස්නායු පද්ධතියේ වර්ධනයක් පෙන්වීම.
  • ද්වීපාර්ශවික සමමිමිතිය.
  • ඛනිජමය සැකිලි / කවච දැරීම.
  • සංවේදි අවයව පහල වීම (අක්ෂි ලප වැනි)
  • වායු හුවමාරුව යම් විධිමත් ස්වරූපයක් තිබිම
  • ආහාර ජීර්ණ පද්ධතියකට මුඛය හා ගුදය ඇතිවිම
  • විලෝපික ක්‍රියා. ( අක්ෂි ලප හා සිරුරේ හැඩය නිසා මෙය ඇතිවූවා යැයි සැලකේ)
  • සංචරණ විධි
මේවා කොතරම් අද පවතින ජීවයට වැදගත් ද කියලා හිතාගන්න පුලුවන්නේ. අපේ  පූර්වජයා සිටිය හැක්කේ මේ සමය තුල වෙන්න පුලුවන්. 

මෙය සිදුවීමට බලපෑ සාදක මොනවාද?

කිහිපයක් පිලිබදව මත පවතිනවා. 

  • සාගර ජලයේ ඔක්සිජන් මට්ටම සැලකිය යුතු ලෙස ඉහල යෑම.
  • ප්‍රභාසංස්ලේශී ජිවින්ට හිතකර තත්ත්වයක් ඇතිවීම.
  • ඕසෝන් ස්ථරය ඇතිවිම.
  • පෘථිවි ග්ලැසියර් ආවරණය හීන විම. 
  • සාගරයේ ඛනිජ ලවණ මට්ටම් ඉහල යෑම
  • පෙර අවධියේ සිටි ඊඩියැක්‍රන් ඇතුලු විශේෂ නැතිවි යෑමත් මෙයට බලපාන්න ඇති.

වැනි කරුණු පෙන්වන්න  පුලුවන්. නමුත් මේ සියල්ල හරියටම හරි කියලා කියන්න බැ. මෙතරම් වෙනසක් කරන්න හේතු වුනාද යන්න සැකත් තියනවා. 

කේම්බ්‍රිය පිපිරුම ගැන මතවාද ගොඩයි. කතා ගොඩයි. සමහර විද්‍යාඥයින් මෙය නොවූවා යැයි ද වාද කරන අවස්ථා තියනවා. නමුත් අන්තවාදි වෙන්න ඕනා නැ. එක්වරම වසර මිලියන 20 තුල නොවු විරු ලෙස විශාල වෙනසක් වෙලා තියනවා. අපි හොයාගන්න ඕනා මේ වෙනස වුනේ කොහොමද කියලා? ඉතාමත් විවාදාත්මකයි.
අපි දන්න තියරි අනුව මේක පැහැදිලි කරන්න අමාරුයි. අන්න එතැනයි ඩාවින්ටත් අවුල් ගියේ. නැතිනම් අපි සොයානොගත් පුරුකක් සැගව ඇත්ද?

නමුත් කේම්බ්‍රිය පිපිරුම හේතුවෙන් තමයි අද මිනිසා මේ පොලව මත ඉන්න අවස්ථාව ලැබෙන්නේ. මොකද අද පවතින ජීවයේ මූලික දේවල් බිහිවන්නේ මේ සමය තුලයි.
ඒ නිසා මිනිසාම මේ මහා වෙනස්කමට හේතුවත් කවදාහෝ හොයාගනිවී.

- රොෂින් ප්‍රනාන්දු

සබැදි ලිපි



3 comments:

  1. බොහොම හොද ලිපියක් ගොඩක් දේවල් දැනගන්න ලැබුනා බොහොම ස්තූතියි.අපිට නොමිලේ ගෙදරට ගෙන්න ගන්න පුථවන් ප්‍රී අයිටම්ස් ගැන ලිපියක් දානවනම් ගොඩක් ආස වේවි හැමෝම සුභ දවසක් ජය වේවා!

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියි,
    බොහොම හොද ලිපියක්.

    ReplyDelete
  3. සුපිරියි.නියම ලිපියක් හොඳට පැහැදිලි කරල තියනවා ෆැනරසොයික් ඉයෝනයේ අනිත් යුග පිලිබඳවත් ලිපියක් දානවනම් ගොඩක් වැදගත්..✌️

    ReplyDelete