හිමෙන් වැසුනු ඇලස්කාව දැන් ඇමරිකාවට අයත් ප්‍රාන්තයක් උනාට, ඉස්සර මේ බිම අයිති වෙලා තිබ්බේ රුසියානු අධිරාජ්‍යයටයි.
නමුත් රුසියාව විසින් අක්කරයක් සත 2 ගානේ කුනු කොල්ලයට වගේ ඇමරිකාවට විකුනා දමනවා.
ඇයි ඇලස්කාව විකිනුවේ? වාසියක් ද පාඩුවක්ද?
උතුරු ඇමරිකාවේ වයඹ අන්තයේ පිහිටි ඇලස්කාව, වර්ගප්‍රමාණ අනුව ඇමරිකා එක්සත් ජනපදය සතු විශාලතම ප්‍රාන්තයකි. හිමෙන් වැසුනු සීතල පරිසරයක් පැවැතියද, උණුසුම් බොරතෙල් , ස්වභාවික වායු ගන්දයත්, රන්තරන්වල දිස්නයත් හේතුවෙන් සීතල හා අදුර කපාහැර ඇලස්කාව සමෘදිමත් ප්‍රාන්තයක් බවට පත්විය.
ක්‍රි.ව 1867 දක්වා ඇලස්කා බිම අයත්ව තිබුනේ රුසියානු අධිරාජ්‍යය සතුවයි. රුසියානු පාලනයෙන් දුරස්ථව පැවැති ඇලස්කාව තුල එතරම් ජනගහනයක් වාසය කලේ නැ. හම් වෙලෙන්දන් හා දඩයක්කරුවන් ගේ තාවකාලික වාසස්ථානයක් විය. ඇලස්කා බිමේ සැගව ඇති තෙල් හෝ රත්තරන් ගැන කිසිවෙකුත් දැන සිටියේ නැත.
ක්‍රි.ව 1853- 1856 සමයේ කලු මුහුද හා ක්‍රිමියානු අර්ධද්වීපය ආශ්‍රිතව ක්‍රිමියානු යුද්ධය පැවතිනි. රුසියානු අධිරාජ්‍යය එක් අන්තයකත්, බ්‍රිතාන්‍ය ප්‍රංශය හා ඔටෝමාන් අධිරාජ්‍ය එක් අන්තයකටත් රොක්ව ගෙනගිය යුධ ව්‍යාපාරයේදි රුසියාව දරුණු පරාජයකට ලක්විය.
ක්‍රිමියානු යුද්ධයෙන් පසුව රුසියාව දැඩි මූල්‍ය අර්බුදයකට පත්විය. එමෙන්ම එලැබි වසර කිහිපය තුල බ්‍රිතාන්‍ය ඇලස්කාවට ආසන්න බ්‍රිතාන්‍ය කොලොම්බියාව තුල සීඝ්‍රයෙන් ජනාවාසකරණය ගෙනගියේය. යම් අවස්ථාවක යුද්ධයක් ඇතිවුහොත්, ඇලස්කාව අහිමි වීමේ අවධානමක් මෝදු වෙමින් පැවතිනි. ඇලස්කාව එවකට එතරම් වැදගත් තැනක් නොවූවද, නිකම්ම එය බ්‍රිතාන්‍යයට අයත්වනු දැකිමට රැසියාව රුචි නොවීය.
නිකම්ම නැතිවෙනවාට වඩා, එය විකුනා දැමිම යහපති යැයි රැසියානු අධිරාජ්‍ය දෙවැනි ඇලෙක්සැන්ඩර් හට පසක් විය. එයින් තමා මුහුණ දී ඇති මූල්‍ය ගැටලුව මෙන්ම යුධ බියද යම්තාක් දුරකට පහව යනු ඇතැයි ඔහු සිතන්නට ඇත.
සීවඩ් |
රුසියාව මුලින් මේ යෝජනාව බ්‍රිතාන්‍ය වෙත ඉදිරිපත් කලත්, බ්‍රිතාන්‍යයෙන් එතරම් සුබදායි පිලිතුරක් නොලැබුනු බව පැවසේ. ඉන්පසු රුසියාව හැරෙන්නේ ඇමරිකාව දෙසටයි. නමුත් එවකට ඇමරිකාව තුල පැවැති සිවිල් යුද්ධය, ඇලස්කා සාකච්ඡාව ප්‍රමාද කිරිමට හේතුවිය.
සිවිල් යුද්ධයෙන් පසුව නැවතත් දෙපාර්ශවය අතර විකිනුම පිලිබදව සාකච්ඡා ඇතිවිය. ඇමරිකානු පර්ශවය නියෝජනය කරමින් එයට සෙනට් සභික විලියම් සීවඩ් (William H. Seward) එක්වූ අතර, එඩ්වාඩ් ඩි ස්ටෝකල් (Eduard de Stoeckl) රුසියානු මතය ගෙනහැර පෑය.
සාකච්ඡා අතරතුර ලෝක ගෝලය අසල සිටින්ගේ ස්ටොකල් ය. |
කතාවෙන් කතාවෙන් අවසානයේ ඇමරිකානු ඩොලර් මිලියන 7.2 කට ඇලස්කාවේ මිල නියම විය. එය ආසන්න ලෙස අක්කරයකට සත 2ක් විය. 1867 මාර්තු 30 වැනිදින ඇලස්කාව අලෙවි කිරිම සිදුවිය.
චෙක්පත |
ඇමරිකා එක්සත් ජනපදය විසින් බ්‍රිතාන්‍ය යුධමය ලෙස පරාජය කර නිදහස ලබාගෙන තිබූ රටකි. ඔවුන් අතර එතරම්ම හොද ඇයි හොදැයියක් තිබුනේ නැත. සතුරාගේ සතුරා මිතුරා යන්නෙන් වාසි ලබාගත් රුසියාව ඇමරිකාවට ඇලස්කාව පවරා දී තම අධිරාජ්‍යයට බාධා පැමිණිම වලක්වා ගතී. එමෙන්ම නිකම්ම ඇලස්කාව අහිමිනොකරගෙන මුදලක්ද උපයාගත්තේය.
ඇලස්කාව, ඇමරිකාවට එක්කරගැනිමට සාකච්ඡා සිදුකල විලියම් සීවඩ් එවකට බැනුම් ඇසු බවද කිවමනාය. ඇලස්කාව ගැන සැවොම දැන සිටියේ ජනාශූණ්‍ය, ජිවත් වීමට අපහසු, හිමෙන් වැසුනු බිමක් ලෙසයි. මෝඩකමක් කර අයිස් ගොඩක් මිලට ගත්තා යැයි සීවඩ් එවකට බැනුම් ඇසීය.
මේ හැමෝගෙම කටවල් වැහෙන්නේ, 19 වැනි සියවස අග භාගයේදි ඇලස්කාවෙන් රත්තරන් මතු වීමත් සමගයි. ඒත් සමග ඇලස්කාවට බැනවැදි පිරිස, ඒ බිමට සංක්‍රමණය වූයේ රන් සෙවිමේ අටියෙනි. රන් පමණක් නොව බොරතෙල් හා ස්වභාවික වායුන්ද මතුවිමත් සමග ඇලස්කාවේ අගය තේරෙන්නට විය. එමෙන්ම ඇලස්කාව අත්පත් වීම නිසා බීරින් සමූද්‍ර සන්ධිය හා සාගර කලාපයේ යම් බලයක්ද ඇමරිකාවට නතුවිය.
රුසියාවට ඇලස්කාව විකිණීමෙන් පාඩුවක් වුනාද?
එවක වාතාවරණය හා අද වාතාවරණය අහසට පොලව මෙනි. ඇලස්කාව එවකට ආදායම් අඩු බිමකි. ඇලස්කාව ආසන්නයේ බුර බුරා නැගෙන යුධ බියකි. රුසියාවට මුදල් අහේනියකි. රුසියාව, භූමිය තබාගත්තානම් විටෙක එය යුද පරාජයක්ද සමග නැතිවෙන්නට තිබිනි. තමනගේම බිම වූ ක්‍රිමියාවේදි ලද පරාජය , තමන්ට දුරින් පිහිටි යුධ බලය අවම ඇලස්කාවේ ගැටුමක් ඇතිවුවහොත් විදදරා ගැනිමට සිදුවිය හැකි බව රුසියාව වැටහිනි. ප්‍රබල අධිරාජ්‍ය දෙකක් මුහුණට මුහුණ සටන් වැදිමට ඇතිවූ බියක්ද පැවැතිනි. අවසානයේ විකුනා දමා හිත නිදහස් කරගත්තේ අත බරකරගනිමිනි.
ඉතිහාසය එසේ සිදුවිය!!!
- රොෂීන් ප්‍රනාන්දු
සබැදි ලිපිලොව ප්‍රථම ජීව අවි ප්‍රහාරය මෙයද?
න්‍යෂ්ඨික යුද්ධය වැලැක්වූ මුහුද යට තුන්කොන් සටන
යුරෝපයේ බෞද්ධ රට
දිනපතා පලවන අලුත් ලිපි කියවන්න Follow කරන්න
යාලුවන්ටත් දැනගන්න share කරන්න
hmmmm
ReplyDeleteබොහොම හොද ලිපියක් ගොඩක් දේවල් දැනගන්න ලැබුනා බොහොම ස්තූතියි.අපිට නොමිලේ ගෙදරට ගෙන්න ගන්න පුථවන් ප්‍රී අයිටම්ස් ගැන ලිපියක් දානවනම් ගොඩක් ආස වේවි හැමෝම සුභ දවසක් ජය වේවා!
ReplyDelete