Tuesday, July 18, 2017

ඩෙංගු වලදි පට්ටිකා මට්ටම පහල යන්නේ ඇයි?

ඩෙංගු උවදුර!!
රටම වෙළාගෙන තිබෙන අවස්ථාවක්..
ඩෙංගු රෝගීන් තුල දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් ලෙස 
පට්ටිකා ප්‍රමාණය අඩුවිම දැක්විය හැකියි.
මේකට හේතුව කුමක්ද?






ඩෙංගු රෝගය ඇතිකරන්නේ, ඩෙංගු වෛරසය (DENV) මගින්. වහකයා වන්නේ මදුරුවන් මගින්. පසුගිය දශක කිහිපය තුල ලෝකයේ නිවර්තන හා උපනිවර්තන කලාපයට ඩෙංගු දැඩි හිසරදයක් වුනා. 

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රි ලංකාව අරබයා 2017 ජූලි 11 වනදින නිකුත්කල වාර්තාව අනුව, දිවයිනෙන් ඩෙංගු රෝගීන් 82543 වාර්තාව ඇති අතර 250 ක් අප අතැර ගොස් තිබෙනවා. වැඩිම රෝගීන් වාර්තාව ඇත්තේ බස්නාහිර පලාතෙන්. අද වන විට මෙම සංඛ්‍යා තවත් වැඩිවෙලා. 



ඩෙංගු රෝගීන් තුල පට්ටිකා ප්‍රමාණය සිඝ්‍රයෙන් පහල බැසීම දකින්න පුලුවන්. ඇයි මෙහෙම වෙන්නේ?

පට්ටිකා, රුධිර කැටිගැසිමට දායක වෙනවා. පට්ටිකා නිපදවනු ලබන්නේ අස්ථි ඇට මිදුලු තුලයි. නිරෝගී පුද්ගලයකුගේ රුධිරය ඝන මිලිලිටරයක් තුල පට්ටිකා 150,000  - 450,000 ප්‍රමාණයක් හමුවනවා.

ඩෙංගු වෛරසය ශරිර ගත වීමත් සමග ඇට මිදුලු වලට පහර දී ඒවායේ ක්‍රියාකාරිත්වය බාධා පමුණවනවා. මේ හේතුවෙන් රුධිර සෛල නිෂ්පාදනයට බාධා පැමිණෙනවා. එමෙන්ම ආසාධනයෙන් පසුව නිපදවන සමහරක් ප්‍රතිදේහ මගින්ද පට්ටිකා විනාශ වන බව සොයාගෙන ඇත. රුධිර සංසරණ පද්ධතියේ රුධිර වාහිනි වල අන්තශ්චද සෛල වලට වෛරසය ආසාධනයෙන්, එම සෛල පට්ටිකා වලට එදිරිව ක්‍රියාකර රුධිරයේ පට්ටිකා ඉවත්කරයි.

මෙවැනි හේතු නිසා රුධිරයේ පට්ටිකා ප්‍රමාණය පහල බසි. රෝගියාගේ රුධිරයේ පට්ටිකා ප්‍රමාණය 100,000/mm3 ට අඩුනම් රෝහල් ගතකිරිම අත්‍යවශ්‍ය වේ.

අවාසනාවකට තවමත් ඩෙංගු රෝගයට ප්‍රතිකාරයක් / එන්නතක් සොයාගැනිමට සමත්ව නැත. නමුත් රෝගය කලින් හදුනාගැනිම මගින් අසාධ්‍යවීම අවම කරගත හැක.


මදුරුවන් බෝ වන තැන් විනාශ කරන්න.
මදුරු දෂ්ඨනය වලක්වා ගන්න.

අසල්වැසියාගේ මරණයට ඔබ චූදිතයකු නොවන්න!!!

No comments:

Post a Comment