Wednesday, June 1, 2016

ජිවින් සම්භවය වුනේ කොහොමද?

ජිවින් ඇති වුනේ කොහොමද කියලා හැමෝටම ගැටලු තියෙන්න පුලුවන්. ඒ නිසා ජිවින් සම්බවය ගැන ප්‍රධාන මත 4 ගැන කතා කරන්න හිතුවා.



ජිවින් පෘථිවියේ ඇති වීම ගැන එක එක මතවාද මිනිසුන් අතර තියනවා. මේ මත සමහරක් විද්‍යාත්මකයි. සමහරක් ආගමානුකූලයි.ජිවින් සම්භවය ගැන මෙතෙක් ලෝ පුරා සාකච්ඡා වූ මත සියල්ලම, ප්‍රධාන මත 4කට බෙදා දක්වන්න පුලුවන්. 
  


1. මැවීම් වාදය...

මැවීම් වාදය කියන්නේ ජිවින් ඇතිවීම ගැන කතාකරන පැරණිතම මතය කිව්වොත් නිවැරදියි. සියලුම ජිවින් සර්වබලධාරි දෙවියන්/මහබ්‍රහ්මයා විසින් මැවූ බවයි මෙම වාදයට අනුව කියවෙන්නේ. මේ වාදය ලෝ පුරා පතුරවලා තියෙන්නේ ආගම් විසින්.

2. ස්වයං සිද්ධ ජනන වාදය

ස්වයංසිද්ධ ජනන වාදය ලොවට ඉදිරිපත් කලේ ග්‍රීක දාර්ශණික ඇරිස්ටෝටල් විසින්. ස්වයං සිද්ධ ජනන වාදයට අනුව, ඕනෑම වෙලාවක අජිවි ද්‍රව්‍ය වලින් ජීවය ඇති වෙනවා යැයි සදහන් වෙනවා. මීයන් වැනි සතුන් ඇති වෙන්නේ රෙදි කෑලි වලින් බවත්, ඉහද පනුවන් ඇති වෙන්නේ නරක් වූ මස් වලින් බවත් වැඩිදුරටත් මේ මේ වාදයේ සදහන්.
පසුකාලිනව ෆ්‍රැන්සිස්කෝ රෙඩි මෙම වාදයට අභියෝග කරමින් ඉහද පනුවන් ඇති වෙන්නේ පරණ මස් වලින් නොව, ඒ මත ඇති මැසි බිත්තර වලින් බව පරික්ෂණාත්මක ඔප්පු කලා. එමෙන්ම ලුවි පස්චර් විසින්ද ස්වයංසිද්ධ ජනන වාදය, පරික්ෂණාත්මකව අසත්‍ය බව ඔප්පු කර තිබෙනවා.

3 . කොස්මොසොයික් වාදය‍

පෘථිවිය මතට ජිවින් පැමිණියේ, පෘථිවිය මත පතිත වූ උල්කාවක් හෝ එවැනි අභ්‍යවකාශ වස්තුවකින් හෝ වෙනත් දියුණු ජිවින් විශේෂයන් මගින් බව, මෙම වාදය අනුව කියැවේ.
කොස්මොසොයික් වාදය පිලිබද පලමු සටහන් හමුවන්නේ ග්‍රීක ජාතික ‘‘ඇනෙක්සාගොරස්‘‘  ගේ වාර්තා වලිනි. 
අදටත් සෞරග්‍රහ මණ්ඩලයට පිටින් විශ්වයේ විවිධ ග්‍රහයන් මත ජිවින් සිටින බව සමහර විද්‍යාඥයන් විස්වාස කරයි. ශ්‍රී ලාංකීය විද්‍යාඥ ‘‘චන්ද්‍රා වික්‍රමසිංහයන්‘‘ මේ පිලිබදව පරික්ෂණ කරන ප්‍රමුඛ පෙලේ විද්‍යාඥවරයෙකි.


4. ජෛව රසායනික පරිණාමනය පිලිබද වාදය 

ආදි වායුගෝලය විවිධ වායු වලින් පිරි පැවැති ඇත. විද්‍යූත් විසර්ජන , සූර්ය ශක්තිය, ගිනිකදු විදාරණය හා විකිරණ ක්ෂයවීම හේතු කොට ඇතිවන ශක්තිය යොදාගෙන මෙහි රසායනික අණු ඇතිවිය. මේ අණු ජලය හා එක්වී පෝෂක සපිරි ආදි සූපය ඇතිවිය. ආදි සාගරය, ආදි සූපයෙන් ආරම්භ වූ බව සැලකේ. ආදි සූපය තුල ඇමයිනෝ අම්ල, නයිට්‍රජනීය භෂ්ම, සරල සිනි, නියුක්ලියෝටයිඩ,ලිපිඩ අඩංගු වූ බව පැවසේ. මෙම සංකීර්ණයෙන් ආදි සෛල ඇතිවූ බව තවදුරටත් විස්තර කෙරේ.
මෙම වාදය ඉදිරිපත් කලේ ඇලෙක්සැන්ඩර් ඔපාරින් හා ජෝන් හැලඩේන් විසිනි. පසුව ආදි පෘථිවි තත්ත්වය ප්ලාස්කු මත ඇති කරමින් ස්ටැන්ලි මිලර් හා හැරල්ඩ් යුරි විසින් මෙය පරික්ෂණාත්මකව තහවුරු කරන ලදි. නමුත් මිලර් පරික්ෂණ වලදි ආදි සූපයේ රසායනික සංයෝග නිපදවාගත හැකිවුනා.
                                           
මිලර් ගේ පරික්ෂාව
ඉහත සියල්ල වාදයන් වේ. බුද්ධියෙන් කරුණු විමසා තේරුම් ගැනිම අපේ යාලුවන්ට බාරයි.

-රොෂින් ප්‍රනාන්දු

12 comments:

  1. බොහෝම ස්තූතියි.මට ඕනි කරුණු ඔක්කොම හම්බවුනා.🙂🙂👩‍🎓

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියි මේ කරුණු වලට.

    ReplyDelete
  3. ගොඩක් ස්තුතියි මගේ පොතට ගොඩක් තොරතුරු ලැබුණා.

    ReplyDelete
  4. ගොඩක් ස්තුතිය ....

    ReplyDelete
  5. Thanks a lot mama Hoya Hoya hotiya karunu godak hamba vuna

    ReplyDelete