Thursday, June 2, 2016

සින්දුවක් නිසා නම වැටුන ‘‘ලුසි‘‘

ලුසි කියන පොසිලය ගැන ඔයාලා අහලා ඇති. 
අද කතාව ඒ පොසිලයට නම වැටුන හැටි ගැනයි.



ලුසි කියන්නේ ඉතියෝපියාවෙන් හමුවු වසර මිලියන 3.2 පමණ පැරැණි පොසිලයක්. මෙම පොසිලය සොගත්තේ ඩොනල්ඩ් ජොන්සන් මහතා ප්‍රමුඛ කැනීම් කණ්ඩායමක් විසින්. ලුසිගේ වයස වන මිලියන 3.2 ගනන් කලේ ආගන්-ආගන් කාල නිර්ණ ක්‍රමය මගින්.

ලුසි අයිති වෙන්නේ Austrolopithecus Afransis විශේෂයට. දෙපයින් ගමන් කල මුල් පිරිසෙන් කෙනෙක් ලෙස තමා ලුසිව හදුන්වන්නේ.

ඉතියෝපියාවේ දි ඩොනල්ඩ් ඇතුලු පිරිස කැණීම් කරනකොට නිතරම එකදිගටම අහලා තියෙන්නේ බීට්ල්ස් සංගීත කණ්ඩායම විසින් ගායනා කරන Lucy in the Sky with Diamonds කියන ගීතය. ඉතින් පොසිලය සොයාගත්තාම පරික්ෂකයෝ හිතලා තියනවා තමන් නිතර අසන ගීතයේ අඩංගු ලුසි කියන නම මේ පොසිලයට දැම්මොත්, ගොඩක් ජනප්‍රිය වේවි කියලා. එයාලා හිතපු විදියටම ඒක උනා.

ලුසි පොසිලය


බීට්ල්ස් කියන්නේ එංගලන්තයේ ප්‍රකට සංගීත කණ්ඩායමක්. ලොව එතෙක් මෙතෙක් වැඩිම ආදායමක් ඉපැයූ සංගීත කණ්ඩායම වන්නේත් බීට්ල්ස් සංගීත කණ්ඩායමයි.

බීට්ල්ස් සංගිත කන්ඩායම
- රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment