Saturday, June 25, 2016

පිපිරිමක් නොවන මහා පිපිරුම - Big Bang

BIG BANG කියන සංසිද්ධිය ඔයාලා අහලා ඇති. නමුත් ගොඩක් අය හිතන් ඉන්නේ  BIG BANG කියන්නේ බෝම්බයක් පිපුරුවා වගේ සිදුවිමක් කියලා. BIG BANG කියන නමෙන් කියැවෙන්නෙත් එවැනි අර්ථයක්. නමුත් එහෙම දෙයක් නෙවෙයි වුනේ. ඒ ගැනයි මේ ලිපිය.





මිට වසර බිලියන 13.8 පමණ පෙර විශ්වයේ විසිරිලා තියන වස්තු හැමදේම තිබ්බේ එකට එක්තැනකට ගොනු වෙලා. එම ස්ථානයේ අධික ගුරුත්වයක් තිබුනා. වායු පමණක් නොව ඉලෙට්‍රෝන  පවා හිරවෙලා තිබ්බා. අලෝකය මේ තුලින් ගමන් කරෙත් නැ අධික ගුරුත්වය නිසා. ඒ නිසා ඉතා අදුරු ස්වරුපයක් තමා තිබුනේ. 



නමුත් අවකාශයේ වුන ක්ෂණික මෙන්ම අතිදැවැන්ත ප්‍රසාරණය නිසා එක්තැනක ගොනුවෙලා තිබුනු වස්තුන් අංශුන් සියල්ල විසිරිමකය ලක්වුනා.  මෙය තමයි අපි  BIG BANG කියලා හදුන්වන්නේ. 

උදහරණයක් ලෙස  බැලුමක් පුම්බන්නට පෙර ඒ මත තිත් කිහිපයක් තබා බැලුම පුම්බන්න. ඔයාලාට පෙනේවි, බැලුමේ තැබු තිත් ඇත් වන බව. ඒ වගේ දෙයක් තමායි මෙතනත් වෙන්නේ.  තිත් මන්දාකිනි ලෙස සැලකුවහොත් ප්‍රසාරණයත් සමග මන්දාකිනි දෙකක් අතර ඇති අවකාශය වැඩි වෙනවා. ඒ අනුව දුර වැඩි වෙනවා.

ක්ෂණිකව    BIG BANG එක උනා කියලා කියන්න තියන හොද උදාහරණයක් තමයි, කොස්මික් මයික්‍රෝෙව්ව් බැග්‍රවුන්ඩ් එකේ  උෂ්නත්ව පැතිරිම ඒකාකාරි විම. කොස්මික් මයික්‍රෝෙව්ව්  බැක්ග්‍රවුන්ඩ් කියලා කියන්නේ   BIG BANG එක වෙච්ච වෙලාවේ නිදහස් වෙච්ච තාප විකිරණ නිකුත්විම පෙන්වන සිතියමක්.  එසේකොස්මික් මයික්‍රෝෙව්ව්  බැක්ග්‍රවුන්ඩ් එකේ උෂ්නත්ව පැතිරිම ඒකාකාරි වෙන්න නම් ඉතා ක්ෂණිකව මෙම  BIG BANG එක විය යුතුයි.

එඩ්වින් හබල් 

මෙම  ප්‍රසාරණය ගැන පලමුව අනාවරණය කරන්නේ එඩ්වින් හබල් විසින්. ඔහු තම හබල් දුරේක්ෂය මගින් අනාවරණ කරගන්නා විශ්වයේ තියෙන මන්දාකිනි ඉතා වේගයෙන් ඇත් වෙනවා කියලා.  මෙසේ විශ්වය ප්‍රසාරණය වෙන්නේ  ආලෝකයේ වේගයටත් වඩා වැඩි වේගයෙන්. එමෙන්ම මෙසේ මන්දාකිනි ඇත්විමේ වේගය නැත්තම් විශ්වය ප්‍රසාරණය විමේ වේගය එන්න එන්නම වැඩි වෙනවා.       

ඉදිරියේදි තවදුරටත් මේ ගැන කතාකරන්න බලාපොරොත්තු වෙනවා.
රැදෙන්න කියලා ඉල්ලා සිටිනවා

- රොෂීන් ප්‍රනාන්දු

1 comment:

  1. අපිට මේ ගැන තව ටිකක් ලියන්නකෝ. මෙච්චර වේගයෙන් මන්දාකිණි ඈත් වෙනකොට කාලේ සමගත් ප්‍රශ්න තියෙනවාද?

    ReplyDelete