Thursday, June 23, 2016

තම සුරතලාට සෙනට් ධුරයක් දුන් අධිරාජ්‍යයා

මොන රටේ හිටියාත් දේශපාලඥයෝ කරන්නේ අමුතුම වැඩ. තමන්ගේ යාලුමිත්‍රයින්ට සැලකිම නිතරම කරන දෙයක් නේ. නමුත් මේ කියන්න යන්නේතමන්ගේ සුරතලාට සෙනට් පදවියක් දුන් අධිරාජ්‍යෙයක් ගැන‍යි මේ කතාව





ක්‍රිව 37 - 41 කාලය තුල රෝම අධිරාජ්‍යයා වූ කලිගුලා සතුව ‘‘ඉන්සයිටිටස්‘‘ නම් අශ්වයෙක් සිටියා. කලිගුලා මේ අශ්වයාට ගොඩක් ආදරේ කරලා තියනවා. 

කලිගුලා 


ඒ නිසා ඉන්සයිටේටස් වෙනුවෙන්ම කිරිගරුඩ වලින් ස්තාලයක් තනවා දිලා තියනවා. අශ්වයාට කැම වර්ග දෙන ඔරුව තනා තිබිලා තියෙන්නේ ඇත්දල වලින්.  ලාඩම් රනින් තනා තිබු බව ද සදහන් වෙනවා. සුයිටෝනියස් නම් එවකට සිටි ඉතිහාසඥයා විසින් රචිත ලියැවිලි වල ඉන්සයිටෙටස් හා කලිගුලා අධිරාජ්‍යයාගේ ක්‍රියා උපහාසයට ලක්කර තිබේ.

ඉන්සයිටේටස් මත නැගි කලිගුලා


රජුගේ සෙනට් මඩුල්ලේ සිටි සමහර සෙනට් සභිකයින් එතරම් ක්‍රියාශිලි නොවු අය මෙන්ම වංචනිකයින් බව දත් රජු,  තම අශ්වයා වන ඉන්සයිටේටස් ව සෙනට් සභිකයකු ලෙස පත්කර තම රජසභාවට කැදවන ලදි. මෙම ක්‍රියාව මගින් වැඩක් නොකරන සෙනට් සභිකයින් සමච්චලයට ලක්කර ඇත.  

විශ්ව සාහිත්‍ය තුලද ඉන්සයිටේටස් හට විශේෂ තැනක් හිමිවේ.

- රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment