Sunday, June 19, 2016

මැරෙන දවස හරියටම ගනන් බැලූ විද්‍යාඥයා

මරණය ගැන කතා කරන්න ගොඩක් අය අකමැතියි. නමුත් යම් කෙනෙක් මැරෙන දවස විද්‍යාත්මකව ගණනය කරනවා කියලා ඇසුවෙත් පුදුම වෙයි.වැඩේ කියන්නේ  සත්‍ය ලෙසම ගණනය කරපු දිනම මිය යනවා. 




ඒබ්‍රහම් ඩි මොවිරා උපත ලබන්නේ 1667 මැයි 26 වැනි දින ප්‍රංශයේ ෂැම්පේන් හිදියි. ඔහු  දක්ෂ ගණිතඥයකු ලෙස ප්‍රසිද්ධව ඇත.  මොවිරා සමිකරණය හදුන්වාදෙන ලද්දේ මොහු විසින්ය. සම්බාවිතාවය සම්බන්දව ප්‍රවිණයෙකි.



මොවිරා අයිසැක් නිවුටන් හා එඩ්මන් හේලි වැනි ප්‍රසිද්ධ විද්‍යාඥයින් සමග සබදතා පවත්වා තියනවා.

මොවිරා, 87 වැනි වියේදි පමණ ස්වයං නිරික්ෂණයක් සිදුකරනවා. ඒ අනුව ඔහු හෙලිකරගන්නවා තමන් සැමදාම පෙර දිනයට වඩා වැඩිපුර  මිනිත්තු 15ක්  නිදාගන්නා බව.  ඔහු අනාවැකි පල කරනවා, වැඩිපුර නිදාගන්නා මිනිත්තු 15 හි එකතුව පැය 24ක් වු දිනයේදි ඔහු මියයන බව.

අනාවැකි පලකල අාකාරයටම  1754 නොවැම්බර් 27 දින මොවිරා මිය යනවා. නමුත් වෛද්‍ය විද්‍යාත්මකව හෙලි වූයේ මොවිරා මිය ගියේ අධික නින්ද්‍රාව නිසා බවයි.

- රොෂින් ප්‍රනාන්දු 

No comments:

Post a Comment