Friday, June 24, 2016

BBC ගස්වල ‘‘ස්පැගටි‘‘ වවයි

‘‘ස්පැගටි‘‘ ඔයාලා හැමෝම දන්න ආස කැමක් නේ. ස්පැගටි ගස්වල  වැවෙනවාද? 
එහෙම අහලා තියනවාද?
කාලෙකට පෙර ලොවම කැලබු කතාවක් ගැනයි මේ කියන්න යන්නේ.


 



1957 අවුරුද්දේ අප්‍රේල් මාසේ මුල්ම දිනයේදි BBC ආයතනය විසින් ‘‘පැනෝරමා‘‘ යන වැඩසටහන මගින් විඩියෝ දර්ශණයක් ප්‍රසිද්ධ කරනවා. 



මෙම දර්ශණ වල ඇතුලත් වුනේ ස්විස්ටර්ලන්තයේ ගමක  පිරිසක් ස්පැගටි ගස්වලින් ස්පැගටි වගාකරන හා නෙලන අාකාරයයි.  ස්පැගටි ගස් වගා කරන ආකාරය, ඒ ගැන කල පරික්ෂණ, ස්පැගටි නෙලාගන්නා ආකාරය, නෙලාගත් ස්පැගටි වලින් ආහාර සකසාගන්නා ආකාරය වැනි සවිස්තර වාර්තාවක් මෙහි අන්තර්ගත වුනා.  




මෙය ඇත්තටම අප්‍රේල් පලමුවෙනි දින ජනතාව මෝඩයාට ඇන්දවිම සදහා නිර්මාණය කල විඩියෝවක්.  

එදින මෙම වැඩසටහන මිලියන 8ක පමණ පිරිසක් නැරබූ අතර, නැරබිමෙන් පසු අති විශාල පිරිසක් BBC ආයතනය අමතා ස්පැගටි පැල ඉල්ලා තිබෙනවා. එවිට BBC ආයතනයේ වාර්තාකරුවන් පිලිතුර ලෙස ලබා දි ඇත්තේ, ස්පැගටි කැල්ලක් තක්කාලි සෝස් සහිත ටින් එකකට දමන ලෙසත්, එයින් ප්‍රතිපල ලැබෙනු ඇති බවත්ය. 

එංගලන්ත ජාතිකයින් විශාල පිරිසක්,  ස්පැගටි නම් පාස්තා වර්ගය නිපදවනුයේ පාන් පිටි වලින් බව නොදත් බව මෙයින් හෙලි වුනා. 

කොහොමින් හරි BBC යේ අප්‍රේල්  මෝඩයාගේ  දින විඩියෝව නම් සාර්ථක වුනා.

- රොෂින් ප්‍රනාන්දු 

No comments:

Post a Comment