Monday, June 20, 2016

වීසා ගන්න ප්ලේන් පූජා කරන අමුතුම දේවාලය

 එක එක විදියේ දේවාල රට පුරා ලෝකේ පුරාම තිබ්බාත්, විදේශ රටවල විසා ලබාගැනිම සදහා ප්ලේන් අනුරු පුජාකරන දේවාලයක් ගැන ඔයාලා අහලා තියනවාද? 






‘‘ශහිඩ් බාබා නිහාල් සිං‘‘ දේවාලය පිහිටා අැත්තේ, ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ ජලන්දාර් දිස්ත්‍රික්කයේ ටල්හාන් කියන ගම්මානය තුලයි.  යම් අයෙකුට විදේශ රටවල වීසා ලබාගැනිමට අවශ්‍ය නම් මෙම දේවාලයට ගුවන් යානාවක ආකෘතියක් පූජා කිරිම මගින් එම අවශ්‍යාතව සපිරෙන බව බැතිමතුන්ගේ මතයයි.

සැම ඉරිදා දිනකම බැතිමතුන්ගෙන් පිරියන දේවාලයට දිනකට සැලකිය යුතු තරම් ගුවන් යානා අනුරු ප්‍රමාණයක් පූජා කරනු ලැබේ. දේවාලය අවට ඇත්තේ පලතුරු වට්ටි වෙලදසැල් නොව ගුවන්යානා අනුරු අලෙවිකරන සෙල්ලම් බඩු වෙලදසැල් ය. ගම්වාසින්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ බැතිමතුන්ට සෙල්ලම් බඩු අලෙවි කිරිමයි.  
  

පූජා ලෙස ලත් ගුවන් යානා

ගුවන් යානාවක් පූජා කරනන් පැමිනි බැතිමතෙක් 

මෙම ගුවන්යානා පූජාව කවුරුන් විසින් ආරම්භ කරන ලද්දක්දැයි දේවාලයේ කලමනාකාරිත්වය පවා නොදනි. ඉඩකඩ මදකම හේතුවෙන්, දේවාලයට ලැබෙන ගුවන්යානා ආකෘති අවට ගම්වල දරුදැරියන් අතර බෙදාදිමද කලමනාකාරිත්මය මගින් සිදුකරනු ලබයි..

ඔන්න ඔයාලාගෙත් විසා අයැදුම්පත් ප්‍රතික්ෂේප වෙනවානම් මේ දේවාලයට ගිහින් බලන්න පුලුවන් . 

- රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment