Sunday, June 19, 2016

ලේ වලින් ගස් කොල ලක්ෂ හතක ලියූ ‘‘කතා​සරිත්සාගරය‘‘

එන්න කන්න බොන්න මිහිරේ  සැමටයි ආරාධනා
ඔබේ හඬ කිදී සිදී යයි  කතා සරිත් සාගරේ..
ගුණදාස කපුගේ මහතා ගයන විදුලි මිනිපහන් ගිතයේ මෙම පද ඔබ අසා ඇති. මෙහි සදහන් ‘‘කතාසරිත්සාගරය‘‘ යනු සාගරයක් වන් පොතක් බව ඔබ දන්නවාද? එහි පසුබිම් කතාව ගොඩක් රසවත්. මේ ලිපිය ඒ ගැනයි.








මේක අපේ අල්ලපු රටේ  වෙච්ච දෙයක්. ‘‘කතාසරිත්සාගරය‘‘ යන පොත ඇත්තක් වුවත්, එහි වටා ඇති මේ කියන කතාව නම් ජනප්‍රවාදයක්. නමුත් එහි ඇති රසයට එය ජනප්‍රවාදයක් විම කිසිත් බලපැමක් නැ.

 ශිව දෙවියන් විසින් පාර්වති දේවියට ලස්සන කතාවක් කියනවා. මේ කතාව ශිවදෙවියන්ගේ සේවකයෙක් වුන පුෂ්පදත්ත විසින් හොරෙන්  අසාගෙන ඉදලා තියනවා. පසුව පුශ්පදත්ත විසින් මේ කතාව එයාගේ බිරිදට කියලා. බිරිද වටේ ඉන්න හැමෝටම කියලා. මේ ගැන කෝප වුන පාර්වති පුෂ්පදත්තව තම දිව්‍යෙලා්කයෙන් එලවා මිනිස් ලොව ඉපැදිමට ශාපයක් කරලා තියනවා.  

පුෂ්පදත්තගේ බිරිද පැමිනෙනවා තම ස්වාමියාට නිදහස් පතාගෙන පාර්වති දේවිය ලගට. ඇයට අනුකම්පා කරන පාර්වති දේවිය පවසා සිටින්නේ, වින්ධ්‍යා කන්දේදි  පුෂ්පදේව හට කාණභුත නමින් නොමිනිසෙකු හමුවන බවත් එහිදි මෙම කතාව පවසා පුෂ්පදේවට තමගේ ශාපයෙන් මිදිය හැකි බවත්.

මිනිස් ලොව උපන් පුෂ්පදත්ත, ඉහත අාකාරයෙන් කතාව පවසා තම ශාපයෙන් මිදෙයි.  පුෂ්පදේවගේ සොයුරු  මාල්‍යවාන්ධ ද මිනිස් ලොව උපදි. ඒ ගුණාඩ්‍ය නමිනි. ගුණාඩ්‍ය හට කාණාභූත මගින් මෙම කතාව අසන්නට ලැබේ.

ගුණාඩ්‍ය විසින් මෙම කතාව ‘‘බෘහත් කතා‘‘ ලෙසින් පෛශාචි බසින් ගස්වල කොල ලක්ෂ 7ක රචනා කරනු ලබයි. ජනප්‍රවාද වල සදහන් පරිදි මෙය ලියැවෙන්නේ ලේ වලිනි. 

ගුණඩ්‍ය විසින් බෘහත් කතා පොත  තම රජුවන සාතවාහන රජුට පිලිගන්වනවා. නමුත් එකල  පෛශාචි භාෂාව අඩුකුලේ යැයි සම්මත භාෂාවක්. ඒ නිසා රජු පොත ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා කලකිරෙන ගුණාඩ්‍ය කැලේ ලොකු ගිනිමැලයක් ගහලා පොතේ පිටු එකිනෙක කියවමින් පොත ගිනි තියනවා. කතාව කොතරම් ලස්සනද කියනවානම්, ඒක අහන්න කැලේ ඉන්න සත්තු පවා ගිනිමැලේ වටේට එක්වුනාලු. මෙසේ කොල එකිනෙක කියවමින් ගුණාඩ්‍ය කදුලු සලමින් ගිනිතියලා තියනවා.

මේ ආශ්චර්ය ආරංචිවිමෙන් රජු වහාම ගුණාඩ්‍යව නැවත කැදවලා තියනවා.  නමුත් ඒ වෙනකොටත් කොල ලක්ෂ 6ක්ම ගිනිතියලා අවසන්ලු. 

පලමුව පෛශාචි බසින් ලියැවුනු බෘහත් කතා ග්‍රන්ථය, සෝමදේව විසින් සංස්කෘත බසට කතාසරිත්සාගරය ලෙස පරිවර්ථනය කරලා තියනවා. 

මේ පොත් මාලාව සිංහලට පරිවර්තනය කරන ලද්දේ හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමියන් විසිනුයි.


- රොෂින් ප්‍රනාන්දු

පලි
මෙය මාගේ 50 වැනි ලිපියයි. ලිපි 50ක් පුරාවට ඔබ දැක්වු සහයෝගය අගයමි. 
ස්තුතියි

1 comment:

  1. ela ela.... digatama liyanda......... supiri wadak......

    ReplyDelete