Monday, June 20, 2016

මුද්දරයක් විකුනා බෞද්ධ සමිති ශාලාවක් තැනු ලංකාවේ මුද්දර රජු

කොලඹ තරුණ බෞද්ධ සමිති ශාලාව තැනිම සදහා ඉතා දුලභ මුද්දරයක් වෙන්දේසි කිරිමේ කතාවයි අද මේ ලිපියෙන් දිග හැරෙන්නේ.





අර්නස්ට් ද සිල්වා මහතා යනු විසිවැනි සියවසේ ලංකාවේ සිටි ධනවත්ම පුද්ගලයෙකු ලෙස හැදින්වූහොත් නිවැරදියි.   ඉඩම් හිමි වැවිලිකරුවෙකු මෙන්ම වෙලද ව්‍යාපාරිකයෙකු මෙන්ම දානපතියකු ලෙසද ඔහු කිර්තිය උපයාගෙන තිබුනා.

සිල්වා මහතාගේ විනෝදාංශය වූයේ මුද්දර එකතු කිරිමයි. ඔහු සතුව ඉතාම දුලබ මුද්දර එකතුවක් තිබුනා. එබැවින් ඔහු ලංකාවේ මුද්දර රජු යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබනවා.

දිනක් එතුමාගේ නිවස්නය වන ‘‘සිරිමතිපායට‘‘  පැමිණි  කොලඹ තරුණ බෞද්ධ සංගමයේ සාමාජිකයින් පිරිසක් තමන් විසින් ඉදිකරගෙන යන ශාලාව පිලිබදව තොරතුරු සිල්වා මහතාට සැල කර සිටියහ‍.

ඉතා දුර්ලභ මුද්දරයක් වන ‘‘පැන්සයේ මුරුසි මුද්දරය‘‘ අර්නස්ට් ද සිල්වා මහතා සතු වුනා. මෙම මුද්දරයේ විශේෂත්වය වූයේ POSTPAID යන වදන POST OFFICE  ලෙස වැරැදියට මුද්‍රණය වි තිබිමයි. ඒ නිසා මෙම මුද්දරය මුද්‍රණය කිරිම නවතා දැමුවා. එබැවින් මෙය වටිනා මුද්දරයක් වුවා.

සිල්වා මහතා විසින් මෙම දුර්ලභ පැන්සයේ මුරුසි මුද්දරය එංගලන්තයට යවා වෙන්දේසි කරවා ලැබුනු මුලු  මුදල, කොලඹ තරුණ බෞද්ධ සමිති ශාලාව ඉදිකරනු පිිණිස පරිත්‍යාග කරනු ලැබුවා.


- රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment