Thursday, June 2, 2016

සියාරා ලියෝන් වලට සුදු මිනිසාගේ මිනිවල කියන්නේ ඇයි?

ඔයාලා අහලාත් ඇති, අප්‍රිකානු රටක් වන සියාරා ලියෝන් වලට ‘‘සුදු මිනිසාගේ මිනිවල‘‘ කියලා කියනවා.
අද කතාකරන්නේ ඒ නම වැටුන හැටි ගැන.




යාරා ලියොන්, බටහිර අප්‍රිකානු රාජ්‍යයක්. සියාරා ලියොන් යටත් කරගත්ත බටහිර ජාතින්ට,විවිධ වසංගත වලින් දැඩි බලපෑමක් එල්ල වුනා.
                                   


සියාරා ලියොන් යටත් කරගත් බ්‍රිතාන්‍යයන්ට මැලේරියාව,කහඋණ වැනි වසංගත වලින් දැඩි බලපැමක් එල්ල වුනා.19 වැනි සියවසේ මුල් කාලයේ මෙම වසංගත දරුණු ලෙස පැතිර ගිහින් තියනවා. මාස 7ක් ඇතුලත සියාරා ලියොන් පාලනය කල ආණ්ඩුකාරයන් දෙදෙනකු වසංගත රෝග හේතුවෙන් මිය ගිය අතර, තවත් ආණ්ඩුකාරයෙක් රෝග තත්ත්වය උත්සන්න වීමෙන් නැවත සිය රට බලා ගිහින් තියනවා. වසංගත සමයේ සියාරා ලියොන් වල වැදගත් පරිපාලන කටයුත්තකටවත් කනිෂ්ඨ පෙලේ බ්‍රිතාන්‍ය නිලධාරියෙක් ගිහින් නැ. බොහෝ විට ආධුනික නිලධාරින් තමා යවලා තියෙන්නේ. ඒ වගේම හමුදා නිලධාරින් විශාල පිරිසකුත් මිය ගිහින් තියනවා.

මේ සමයේම ඝානා රාජ්‍යයට ගිය සුදු ජාතිකයන්ටත් මුහුණ දෙන්න උනේ මීට සමාන තත්ත්වයකටයි. බ්‍රිතාන්‍ය යුධ සෙබලුන්ගෙන් විශාල පිරිසක් මිය ගිහින් තියනවා වසංගත නිසා. 

-රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment