Friday, June 17, 2016

පලමුවරට සිංහල චිත්‍රපටයක් තහනමට ලක්කල ‘‘ජීන්ස් නැටුම ‘‘

සිංහල සිනමාවේ පලමුවරට සම්පූර්ණ ලෙස  චිත්‍රපටයක් තහනමට ලක්වූයේ එහි ප්‍රසිද්ධ  නිලියක් ජින්ස් ඇදුමකින් සැරසි නර්ථනයක යෙදිම වැනි කරුණු නිසා බව ඔබ දන්නවාද? 



සිංහල සිනමාවේ  පලමු වරට පූර්ණ ලෙස වාරණයට ලක්වූ චිත්‍රපටය වන්නේ 1960 දී එල්.එස්.රාමන්ද්‍රන් විසින් අධ්‍යක්ෂණය කල ‘‘නලගන‘‘ චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය නිපදවනු ලැබුවේ ශක්ති සමන්තා විසින් අධ්‍යක්ෂණය කල ‘Hill Station‘‘ නම් හින්දි චිත්‍රපටය ආශ්‍රය කොටගෙනයි.

Hill Station හින්දි චිත්‍රපටය

රවින්ද්‍ර රූපසේන සුනිල් ලෙසත්, එඩි ජයමාන්න සෑම් ලෙසත්, ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න විකි ලෙසත්, රුක්මනි දේවි ප්‍රේමා නම් නලගන ලෙසත් චිත්‍රපටයේ රංගනයට දායක වේ.  සුනිල් හා ප්‍රෙමා ගේ ප්‍රේමය අතරට පැමිනෙන විකි ගේ ක්‍රියා අභිමුව ඔවුන් දෙපලට සිදුවන අකටයුතුකම්  ගැන කතාවේ අන්තර්ගත වේ.

රුක්මනි දේවි
එඩි ජයමාන්න


මෙම චිත්‍රපටයේ අන්තර්ගත වූ අසම්මත ප්‍රේම සම්බන්දතා, භෘගාරාත්මක ජවනිකා දැඩි විරෝධයට ලක්විය. මෙහි දර්ශණ සංස්කෘතියට නොගැලපෙන බවත් සමාජය නොමග යවන බවත් පවසමින් රැගුම්පාලක මණ්ඩලය මෙම චිත්‍රපටය තහනමට ලක් කරන ලදි. 

මෙම චිත්‍රපටයේ රුක්මනි දේවිය විසින් සමාජශාලාවක් තුල ජීන්ස් ඇද නර්ථනයක යෙදෙන ආකාරයද  දැඩි දෝශදර්ශණයට ලක්වූයේය.  

එවකට පැවැති සමාජ වාතාවරණය මෙම කරුණින්ම පැහැදිලි වේ. 

නමුත් පසුව, බර්නාඩ් අලුවිහාරේ මහතාගේ මැදිහත් විම යටතේ නලගන චිත්‍රපටයට දැමු තහනම ඉවත්කර ප්‍රදර්ශණය සදහා අවස්ථාව ලබා දුනි. සිනමාව කෙරේ දේශපාලන මැදිහත් විමේ ආරම්භය එසේ සිනිටුහන් විය.

-රොෂීන් ප්‍රනාන්දු

No comments:

Post a Comment