Tuesday, June 14, 2016

පොරොන්දමට පෙර රීසස් ගැනත් බලන්න.

බදින්න හදනකොට පොරොන්දම් ගැලපුවාට, දෙදෙනාගේ රැධිරය බලන්නේ අඩුවෙන් නේ. දෙදෙනාගේ රැධිරයේ රිසස් සාධක මත අනාගත දරුසම්පතට බලපෑමක් වෙන්න පුලුවන් කියලා ඔයාලා දන්නවාද? ඕං කලබල වෙන්න එපා. සරලවම මේ ගැන අපි කතාකරමු.
                    
                                          
සමහර පුද්ගලයන්ගේ රතු රැධිර සෛල වල ප්ලාස්ම පටලයේ රිසස් සාධකය (Rh) කියලා ප්‍රතිදේහ ජනකයක් තියෙන්න පුලුවන්. මේ Rh ප්‍රතිදේහ ජනකය තියන අයගේ රැධිරය Rh+ රැධිරය ලෙස හදුන්වනවා. සරලවම පොසිටිව් රුධිරය කියන්නේ මේකට. මේ Rh ප්‍රතිදේහ ජනකය නැති රුධිරය තමයි Rh-නැත්තම් නෙගටිව් රුධිරය කියන්නේ.

රිසස් නොගලපීම නිසා වන ගැටලුව ඇතිවෙන්නේ Rh- කාන්තාවක් හා Rh+ පිරිමියෙක් විවාහප්‍රප්ත උනොත් පමණයි.(කලින්ම කියනවා ඕං බය වෙන්න එපා. බෙහෙත් තියනවා)


මේ දෙදෙනාගේ විවාහයෙන් පසුව පලමුව පිලිසිදගන්නා දරුවා Rh+ දරුවෙක් උනොත්, මේ ලමයා ප්‍රසූත වෙන වෙලාවේ කලලබන්ධය බිදි යන අවස්ථාවේ භ්‍රෑණයාගේ රුධිරය මවගේ රැධිරයට එක් වෙන්න පුලුවන්. අම්මාගේ රැධිරය Rh- නිසා Rh+ වන දරුවාගේ රැධිරයට විරුද්ධව ප්‍රති Rh ප්‍රතිදේහයක් හදනවා. පලමු දරුවාට කිසිම බලපැමක් නැ. ඒ ලමයා හොදින්..

නමුත් දෙවැනි දරුවෙක් පිලිසිදගත්ත වෙලාවේදි ඒ භ්‍රෑණයාත් Rh+ උනොත් පලමු දරු ප්‍රසූතිය වෙලාවේ හැදිලා අම්මාගේ ඇගේ තිබ්බ ප්‍රති Rh ප්‍රතිදේහ, කලලබන්ධය හරහා ඇවිත් භ්‍රෑණයා වෙත පැමිණිලා භ්‍රෑණයාගේ රතු රුධිර සෛල විනාශ කරනවා. දරු ගැබට හානි වෙනවා.
බය වෙන්න එපා. මේකට ප්‍රතිකාර තියනවා කියලා කිව්වානේ මුලින්ම.

මවගේ රැධිරය Rh- හා පියාගේ රැධිරය Rh+ නම් අදාල මව තම පලමු ප්‍රසූතිය කල පසු ඉක්මනින්ම ඇයට ප්‍රති Rh එන්නතක් නැත්තම් ‘‘රෝගම්‘‘ කියන එන්නත ලබාදෙනවා. මේ එන්නත මගින් කරන්නේ මවගේ ඇග තුල ප්‍රති Rh ප්‍රතිදේහ ඇතිවිම ඉතා අවම කිරිම. 

දැන් දෙවැනි ලමයා Rh+ උනා කියලා භ්‍රෑණයාට හානි වෙන්න තියන ඉඩකට අඩුයි.

වෛද්‍ය විද්‍යාව නොදියුණු සමයේ මේ ගැටලුව බහුුලව පැවතුනත්, දැන් නම් බය වෙන්න දෙයක් නැ. නමුත් ඔයාලා දැනුවත් වීම ඉතා වැදගත් නේ.

-රොෂින් ප්‍රනාන්දු

2 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. තව තව දේවල් කියන්නකෝ බයොලොජි වලිං
    අපි ආසයි ඉගෙන ගන්න

    ReplyDelete