Wednesday, June 22, 2016

සිංහල සිනමාවේ පලමු විකට නිලිය

ලංකාවේ සිනමාවේ විකට චිත්‍රපට කොතෙකුත්  හැදෙනවා. ඒවා ඇත්තටම විකටද නැද්ද කියන එක වෙනම පැනයක්. :) 
අද කතාව ලක් සිනමාවේ පලමු විකට නිලිය ගැන.






ඇය නමින් ‘‘ජෙමිනි කාන්තා‘‘ නම් විය. 1925 වසරේ මාතලේ මිවක්කුබුරේ උපන් ඇය  මැලේ ජාතිකයෙක් විය. 

ඇය ලක් සිනමාවේ පලමු විකට නිලිය බවට පත්වෙන්නේ, 1947 වසරේ තිරගත වූ මෙරට පලමු කාතානාද චිත්‍රපටය වන කඩවුනු පොරොන්දුව චිත්‍රපටයේ ‘‘ජොසිබබා‘‘ චරිතය නිරුපනය කිරිමත් සමගයි.

කඩවුනු පොරොන්දුව මෙරට චිත්‍රපට ඉතිහාසයේ වැදගත් මංසලකුණක් බව නොරහසකි. බි.ඩබ්.ඒ. ජයමාන්න මහතාගේ මිනර්වා නාට්‍ය කන්ඩායමේ නාටයයක් අනුසාරයෙන් චිත්‍රපටය නිෂ්පාදනය කෙරින.  

කඩවුනු පොරොන්දුවේ දෙබස් ලිඛිත  භාෂාවෙන් ලියැවුනු වේදිකා නාට්‍ය දෙබස් මෙන් වූ අතර, විකටයින් වූ  ජොසිබබා හා මනප්පු චරිත වල දෙබස් කටවහරට සමිප විය. ඒ අනුව විචාරකයින් පවා පවසා සිටියේ, චිත්‍රපටයේ රසය රැදුනේ ජොසිබබා වැනි චරිත තුලින්  බවයි. 

ජෙමිනි කාන්තා කඩවුනු පොරොන්දුවේ ගිත ගායනයටද එක් විය. ඇය ගායනා කල ‘‘නෝනාගේ ආලේ‘‘ ගිතය අදද ජනප්‍රිය ගිත වේ. 

ජෙමිනි කාන්තා එඩි ජයමාන්න සමග ගායනා කල ගිතයක්



ඉන්පසු වසර ගනනාවක් වෘතියමය නිලියක ලෙස මෙන්ම ගායිකාව ලෙස වැජබෙන්නටද  ජෙමිනි කාන්තා වරම් ලදි. 
ඇය ජිවන නාටකය අවසන් කරන විට පුරෝගාමි නිලියක ලෙස තම සලකුණ තමා අවසන් ය.

- රොෂින් ප්‍රනාන්දු 

No comments:

Post a Comment