Saturday, June 18, 2016

විශ්වයට ගිය ‘‘ආයුබෝවන්‘‘

1977 වසරේදි නාසා අායතනය විසින් අභ්‍යවකාෂ  ගත කල වොයේජර් 1 හා වොයේජර් 2 යානා වල අරමුණ වූයේ මෙතෙක් අප ගවේෂණය නොකල දුරකට ගොස් විශ්වය ගවේෂණය කිරිමයි. 
මෙම යානා දැනට සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවතට ගමන් කර අවසන්. මෙම යානා තුල ඇති රන් තැටි තුල සිංහල භෘෂාවත් අන්රතර්ගත බව ඔබ දන්නවාද?

එ් ගැනයි මේ කතාව




පෘතුවියේ නියෝජිතයා ලෙස වොයේජර් යානා වල එක් කාර්යයක් වන්නේ මතු දිනෙක දි දියුණු බුද්ධිමත් ජිවින් කොට්ඨාෂයක් හමුවේ පෘතුවියේ වගතුග පැවැසිමයි. ඒ අනුව  මෙම යානාවෙහි තැටියක් තුල ඊට ගැලපෙන ශබ්ද ඇතුලත් කිරිම පැවරුනේ කෝනල් විශ්වවිද්‍යාලයේ ආචාර්ය කාල් සේගන් මහතාටයි. තම විශ්වවිද්‍යාලයේ සිටින විවිධ ජාතින්ගෙන් සමන්විත සිසුකැල යොදාගෙන කාල් සේගන් මහතා මෙය මනා ලෙස සිදුකරනු ලැබුවා

කාල්  සේගන් මහතා

ඒ අනුව  රන් ආලේපිත තැටියක් තුල විවිධ ශබ්ද  හා විවිධ භෘෂා වල සුභපැතුම් ඇතුලත් කරන්න ඔහු තිරණය කලා. තැටියේ භාෂා 55කින් සුබපැතුම් ඇතුලත් කරන්න ඔහු සමත් වුනා.







මෙහි සිංහල සුබපැතුම වන ‘‘ආයුබෝවන්‘‘ යන සුබපැතුම එක්කරනු ලැබුවේ ‘‘ආචාර්ය කමල් ඩි ආබෘ‘‘ මහතා විසිනුයි. තැටියේ අන්තර්ගත සුබ පැතුම් සියල්ල පහත හඩපටයෙන් ඔබට ඇසිමට හැකි අතර, එම හඩපටයේ  1:57 වැනි මිනිත්තුවේදි ආයුබෝවන් සුබපැතුම පවති.  



විශේෂත්වය වනුයේ වොයේජර් තුල දේශපාලනඥයින්ගේ සුබපැතුම් හෝ කතා අන්තර්ගත නොවිමයි. මෙහි අන්තර්ගත එකම රාජ්‍ය නායක සුබපැතුම වන්නේ එවකට ඇමරිකානු ජනාධිපති ජිමි කාටර්ගේ ලිඛිත පණිවිඩයක් පමණි. සේගන් සමස්ථ ක්‍රියාවලියම  දැනුමට මුල්වී සිදුකල බවට මෙය හොදම සාධකයකි.

මෙය දූපතක අතරමං වූ පුද්ගලයකු තවත් අයෙකු වෙත බෝතලයක් තුල පණිවිඩයක් යවන්නා සේ බව කාල් සේගන් මහතා පවසයි. මතු දිනෙක පිටසක්වලයන් මෙම පණිවිඩය දුටුහොත්/ඇසුහොත් ඔවුන් කුමක් සිතාවිද?


-රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment