Wednesday, June 15, 2016

දුටු තැන මරා දමනු

‘‘තුර්කි ජාතිකයෙක් දුටු තැන මරා දමනු‘‘

මේක අයිස්ලන්තයේ වසර ගනනාවක් පැවැති අමුතුම නිතියක්.
මේ නිතිය වැටෙන්නේ ආක්‍රමණයක් නිසා.




දාහත්වන සියවසේ මුල්භාගයේ වහල් හිමි නාවික හමුදාපතින් අතර  වැඩිම වහල්ලු අල්ලගන්න කෙනා තොරන ඔට්ටුවක් දානවා. මේ ඔට්ටුව නිසා, 1627 වසරේදි ඔටෝමාන් අධිරාජ්‍යයේ  මොරොක්කෝව හා ඇල්ජිරියාව පාලනය කරන මුරාත් රෙයිස් (ජැන් ජැන්සූන්) කියන ඕලන්ද ජාතික සෙනෙවියා විසින් අයිස්ලන්තයට අදාල දූපත් ආක්‍රමණය කරනවා. ඒ වහලුන් රැස්කර ගැනිමේ අරමුණින්. මෙම ආක්‍රමණයේ එක් වැදගත් කමක් තමයි, යුරෝපානුවෙක් ගේ නායකත්වය යටතේ යුරෝපා රටක්ම වහල් සේවය උදේසා ආක්‍රමනය කිරිම.

මුරාත් රෙයිස්


මෙම ආක්‍රමණයේදි අයිස්ලන්තයේ දූපත් එකිනෙක ආක්‍රමණය කරමින් ඉතා මිලේච්ඡ ලෙස ගම්වැසියන් ඝාතනය කරමින්, තවත් පිරිස් වහලුන් ලෙස අල්ලගනිමින් දූපත් අතර ගමන් කරනවා.

එක් දූපතකදි, මේ ආක්‍රමණයට බයේ  මිනිසුන් සියයක් පමණ ගල්ගුහාවක සැගවිලා තියනවා. අවාසනාවට, මේ මිනිසුන් සමග සිටි බල්ලෙක් ගුහාව අතර ඉව කරමින් සැරිසරන එක දැකලා තියනවා ආක්‍රමණිකයින්. මේ ගැන සැක සිතලා ගුහාව පරික්ෂා කරාම සැවිලා සිටි පිරිස අල්ලගෙන තියනවා. මේ ගුහාව cave of hundred යන නමින් හදුන්වනවා.  මෙවැනි සිදුවිම් බොහෝයි.

cave of the hundred

1000කට ආසන්න පිරිසක් වහලුන් අල්ලගත්තාත්, ආක්‍රමණිකයන්ගේ මිලේච්ඡ ක්‍රියා නිසා  ඇල්ජිරියාට ගෙන්න ලැබෙන්නේ සුලු පිරිසක් පමණයි. මේ පිරිසව ඇල්ජිරියාවේදි වහලුන් ලෙස විකුනා දමනවා.

මෙසේ විකුනා දැමු වහලුන් විසින්, තමාට සිදුවු අභාග්‍ය ගැන තම රජු වන අයිස්ලන්තයේ සිව්වැනි ක්‍රිස්ටියන් රජු වෙත ලියා දන්වනවා. එදා සන්නිවේදන මාධ්‍ය ඉතා මන්දගාමි වූ නිසා, මෙම ලිපි සබදතාව සිදුවන්නේ ඉතා මන්දගාමි ලෙසයි. දශකයකට පමණ පසු  ක්‍රිස්ටියන් රජු තම වැසියන් මුදාගන්න පැමිනෙන විට ඉතිරිව සිටින්නේ ඉතාම සුලු පිරිසක් පමණයි.

සිව්වැනි ක්‍රිස්ටියන් රජු

අයිස්ලන්තය කියන්නේ එතරම් ජනගනයක් වෙසෙන රටක් නෙවෙයි. මෙම ආක්‍රමණ නිසා අයිස්ලන්තයේ ජනගහනය තවත් අඩු වෙනවා. මේක අයිස්ලන්තයට දරුණු ලෙස බලපානවා. ආක්‍රමණයට හසුවු සමහර දූපත් අදටත් ජනශූන්‍යයි. 

මේ ආක්‍රමණය සෘජුවම කලේ තුර්කි අධිරාජ්‍යය නොවුනත්, මෙහි වගකිම පැවරෙන්නේ තුර්කි අධිරාජ්‍යය වෙතයි. 

මේ නිසා අයිස්ලන්තය විසින් නිතියක් දානවා, ‘‘තම රට තුලදි තුර්කි ජාතිකයෙකු මරාදැමිම වැරැදක් නොවන‘‘ වග. නමුත් මේ නිතිය ක්‍රියාත්මක වුනේ නැ. 1970 දශකයේ මැද භාගයේදි තමයි මේ අමුතුම නිතිය ඉවත් කරනු ලැබුවේ. නමුත් අදටත් අයිස්ලන්ත ජාතිකයෙක්, තුර්කිවැසියෙක් දුටුවාම දෙවියන් සිහිකිරිම සාමාන්‍යයි.

- රොෂින් ප්‍රනාන්දු 

1 comment: