Sunday, June 12, 2016

අහම්බයකින් වෙදකමට පැමිණි සිනහා වායුව

නයිට්‍රස් ඔක්සයිඩ් (N2O) යන අවර්ණ  වායුව ගැන මිතුරන් අසා ඇති. මෙම  වායුව  ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ සිනහා වායුව කියන නමින්. මොකද මෙම වායුව ආඝ්‍රාණය මගින් සිනහාව උපද්දන නිසා.  මෙම වායුව ශල්‍යකර්ම වලදි නිර්වින්දකයක් ලෙසත් භාවිතා කරනවා.  සිනහා වායුව නිර්වින්දයක් වුනේ අහම්බෙන්. ඒ ගැනයි මේ කතාව.


19 වැනි සියවසේදි යුරෝපය හා ඇමරිකාව පුරා නයිට්‍රස් ඔක්සයිඩ් නැත්තම් සිනහා වායුව ප්‍රසිද්ධ වෙලා තිබ්බේ සැදැ සාද වලදි මෙන්ම සර්කස් වලදි මිනිසුන් සතුටු වෙන උපක්‍රමයක් ලෙසයි. පිරිස වට වෙලා වායුව ආඝ්‍රාණය කරමින් සිනහා වෙමින් සතුටු වෙලා තියනවා. 


ඇමරිකාවේ ජිවත් වුන ‘‘ක්වින්සි කෝල්ටන්‘‘ කියන්නේ සිනහා වායුව යොදාගනිමින් සංදර්ශණ ඉදිරිපත් කල පුද්ගලයෙක්. ඔහු මෙම සංදර්ශණ ඇමරිකාව පුරා ගෙනගියා.
                    
ක්වින්සි කෝල්ටන්

1844 වසරේ ඔක්තොම්බරයේ දිනකදි, කනෙක්ටිකට් වලදි  මෙවැනිම සංදර්ශණයක් පවත්වනවා. මෙම සංදර්ශනයේදි කෝල්ටන් විසින් ප්‍රෙක්ෂකාගාරයේ සිටි ‘‘සැමුවෙල් කූලි‘‘ කියන පුද්ගලයා වේදිකාවට නංවාගෙන ඔහුට සිනහා වායුව ආස්වාසයට ඉඩ දි, තම සංදර්ශනයේ අංගයක් ඉදිරිපත් කරනවා. 

මෙම අංගය අවසානයේ වේදිකාවෙන් බසින කූලී ගේ කකුල බංකුවක වැදි තුවාල  වෙනවා. තුවාලය ලේ ගලන තරමින් ලොකුයි. මේ අවස්ථාවේ මෙම සංදර්ශණය බලන්න පැමිණි ‘‘ හොරස් වේල්ස්‘‘ නම් වෛද්‍ය වරයා විසින් කූලිගේ තුවාලය බලනවා.  වෛද්‍ය හොරස් තේරුම්ගන්නවා, කූලිට තම තුවාලයේ වේදනාව දැනෙන්නේ නැ කියලා. 
 
වෛද්‍ය හොරස් වේල්ස්
වේල්ස් වෛද්‍යවරයා සිතනවා, කූලිට වේදනාව නොදැනෙන්නේ නයිට්‍රස් ඔක්සයිඩ්  වායුවේ බලපැමෙන් කියලා. මේ ගැන දිගට පරික්ෂණ කරන වේල්ස් විසින් නයිටස්, වේදනා නාශකයක් ලෙස එලිදකිනවා.

වේල්ස් විසින් තම සගයා වුන‘‘ජෝන් රිග්ස්‘‘ ගේ  දතක් නයිට්‍රස් ඔක්සයිඩ් වායුව මගින් නිර්වින්දනය කර ගලවා දමනවා. එය ශල්‍යකර්ම වලදි මෙම වායුව භාවිතා කල පලමු අවස්ථාව ලෙස ඉතිහාස ගත වෙනවා.
ජෝන් රිග්


අහම්බයකින් ඉතා වැදගත් සමාරම්භයක් සනිටුහන් වූ අවස්ථාවක් ලෙස මෙම සිදුවිම දැක්විය හැකියි.

- රොෂින් ප්‍රනාන්දු.

1 comment:

  1. මේ IQ and General Knowledge Rosheen Chathura නේද?? :)වටිනා රසවත් ලිපියක්! දිගටම ලියන්න..

    ReplyDelete