Saturday, June 11, 2016

අතේ තියන දුරකතනයේ SAR අගය ගැන ඔබ දැනුවත්ද?

ජංගම දුරකතනය කියලා කියන්නේ දැන් ගොඩක් පොදු දෙයක්. නමුත් ජංගම දුරකතනය නිසි ප්‍රමිතියේ නොතිබිම, ඔබේ ශරිර සෞඛ්‍යයට බලපාන්න පුලුවන්. ජංගම දුරකතන වල SAR අගය ගැනයි මේ කතාව.


ජංගම දුරකතන වලදි සන්නිවේදනයට භාවිතා කරන්නේ විද්‍යුත් චුම්බක තරංග කියලා යාලුවො දාන්නවානේ. ඇමතුමක් ගනිද්දි ජංගම දුරකතනය තියෙන්නේ මොලයට  අාසන්නව නිසා, ජංගම දුරකතන වලින් නිකුත් වන තරංග සිරුරට උරාගැනිම ගැන දැනුවත් විම අතිශය වැදගත්.

Specific absorption rate (SAR)  යනු ජංගම දුරකතනයකින්/ ජංගම සන්නිවේදන උපාංගයකින් නිකුත් වන විදයූත් චුම්බක තරංග ශරිරයට උරාගැනිමේ වේගයයි. SAR අගය මනිනු ලබන්නේ, කිලෝග්‍රැමයට වොට් වලින්.
                              


ඇමරිකාව තුල  SAR අගය 1.6 ඉක්මවන දුරකතන අලෙවිය තහනම්.
යුරෝපය තුල SAR අගය 2 ඉක්මවන දුරකන අලෙවිය තහනම්.

භාවිතයට වඩාත් සුදුසු වන්නේ   SAR අගය 0.35 - 1.59 අතර පරාසයේ පවතින ජංගම දුරකතනයි.

ජංගම දුරකතන පමණක් නොව, රැහැන්රහිත හෙඩ්සෙට් වල පවා SAR අගය ගැන සැලකිලිමත් විය යුතුයි.

ලංකාව තුල සිමාවක් නොමැතිව අඩු මිලට ජංගම දුරකතන හා උපාංග පැතිරෙමින් පවතින නිසා,  SAR අගය වැනි කරුණු ගැන ඇති අවධානය අඩුයි.


ඔබත් අදම තම දුරකතනයේ හෝ උපාංග වල SAR අගය සොයාගන්න. 
හැකිතරම් SAR අගය අඩු දුරකතනයේ හෝ උපාංග භාවිතා කරන්න.

- රොෂීන් ප්‍රනාන්දු

No comments:

Post a Comment