Thursday, June 9, 2016

රෝම ඉලක්කම් රිති


හැමෝම වගේ රෝම ඉලක්කම් ගැන දන්නවානේ. රෝම සංඛ්‍යාංක වල තියන වැඩිය කතා නොවන නිති ගැනයි අද කියන්න යන්නේ....

                                              


1. රෝම ඉලක්කම් නිරුපනය කිරිමට කැපිටල් අකුරු 7ක් යොදාගනි.

I (1)
V (5)
X (10)
L (50)
C (100)
D (500)
M (1,000)

2. රෝම සංඛ්‍යා තුල බින්දුව (0) ක් නොමැත. එය රෝම ඉලක්කම් වර්ථමානයේදි භාවිතා කිරිමේදි මුහුනදෙන බලවත් ගැටලුවකි.
මෙයට පිලියමක් ලෙස පසුකාලිනව N (නුල්ල) හදුන්වා දුන්නත්, එය එතරම් ජනප්‍රිය නොවීය.

3. කිසි විටෙක එකම අංකය අවස්ථා 3කට වඩා අනුයාතව ලිවිය නොහැක.
උදාහරණ - 9 ලිවිමේදි VIIII ලෙස ලිවිය නොහැක්කේ I, 3 වරකට වඩා අනුයාතව යෙදෙන බැවිනි. එබැවින් IX ලෙස ලියනු ලැබේ.

4. බින්දුව නොමැති බැවින්, විශාල සංඛ්‍යා නිරූපනය කිරිමේදි යම් සංඛ්‍යාවක් උඩින් කෙටි ඉරක් ඇද, අදාල සංඛ්‍යාව දහසයෙන් ගුණකර ලැබෙන අගය නිරුපනය කල
බව පෙන්විය හැක.
උදාහරණ -       _
5000 ලිවිමේදි V ලෙස දැක්විය හැක. මෙහි අදහස නම් V යනු 5 වන අතර උඩින් ඇති ඉර මගින් 5 ,1000 න් ගුණකර 5000 නිරුපනය කර ඇති බවයි.

5. රෝම ඉලක්කම් ගුණ කිරිම හා බෙදිම සංකිර්ණ හා පියවර ගනනාවකින් යුතුවීම රෝම ඉලක්කම් ප්‍රචලිත නොවිමටද බලපෑ ප්‍රයෝගික ගැටලුවකි

6. ඓතිහාසික වැදගත්කම හේතුවෙන් රෝම සංඛ්‍යාංක අභාවයට යාමට නොදි පවත්වාගෙන යයි.

- රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment