Wednesday, June 29, 2016

විටෙක මාරක පිලිකාකාරක වන මානව පැපිලෝම වෛරස

අපේ සමේ ඉන්නන් ඇති කරවන මානව පැපිලෝමා  වෛරසය වර්ගත් විටෙක පිලිකාකාරකයි. ඒ ගැනයි අද කතාකරන්න යන්නේ.

   


පැපිලෝමා වෛරස පවුලට අයත් මෙම මානව පැපිලෝමා වෛරස විශාල ගනනක් සොයාගෙන තියනවා. 

මින්වෛරස බොහෝමයක් ලිංගාශ්‍රිත නොවන සාමාන්‍ය ඉන්නන්/කුෂ්ඨ ඇතිකරන අතර, වෛරස වර්ග 40ක් පමණ ලිංගාශ්‍රිතව ඉන්නන් ආසාධනය කරනවා. 



සමහර වෛරස කිසිදු ලක්ෂණයක් පෙන්විම හෝ කිසිදු හානියක් නොකරයි. 



වෛරස, ලෝ රික්ස් හා හයි රික්ස් ලෙස වර්ග කරන්න පුලුවන්. 

මින් ලෝ රික්ස් වෛරස මගින් පිලිකා නොවන ඉන්නන් ඇතිකරනවා. උදාහරණ ලෙස HPV11 හා HPV6 ලිංගාශ්‍රිතව ඉන්නන් ඇතිකරනවා. සම මත පමණක් නොව මුක කුහරය හා උගුර ප්‍රදේශය ආසාධනය කරන්නයද මානව පැපිලෝවා වෛරස වලට පුලුවන්. 

හයි රික්ස් වෛරස මගින් පිලිකා ඇතිකරනවා. HPV16 හා HPV18 මේ අතුරින් බහුලවම පිලිකාඇති කරනවා. HPV16 හා HPV18 මගින් ගැබ්ගෙල පිලිකා ඇතිකරවන්න පුලුවන්.(සැම මානව පැපිලෝම වෛරසයක් සදහාම අංකයක් ඇත) 

වැඩේ කියන්නේ සමහර අයට පැපිලෝමා වෛරස වැලදුනා කියලා කිසිම ලක්ෂණයක් පේනනුම් කරන්නේ නැ. සමහර අයගේ වෛරස ශරිරගත වෙලාත් අවුරුදු ගානකට පස්සෙයි ලක්ෂණ මතු වෙන්නේ. මානව පැපිලෝමා වෛරස කොතරම් පැතිරිලාද කියලා කියනවානම්, ලොව ඉන්න ජනගහනයෙන් ඉතා විශාල ප්‍රමාණයකට එක් වර්ගයක හෝ වෛරසයක් ආසාධනය වෙලා තියෙන්න පුලුවන්. 

ගැබ්ගෙල පිලිකා හදුනා ගැනිමට  පැප් පරික්ෂාව සිදුකරයි. 

පැප් පරික්ෂාවේදි යෝනිමාර්ගයේ/ ගැබ්ගෙලේ සෛල ප්‍රමාණයක් ලබාගැනිම සිදුකරනවා. මෙසේ ලබාගත් සෛල පරිකෂණයට ලක්කිරිමෙන් ඒවා පිලිකා සෛල ද නැතිනම් පිලික‍ා සෛල ලෙස වර්ධනය වියහැකි සෛල ද යන්න සොයාගනු ලබනවා. 

ප්‍රධාන ලෙස ගැබ්ගෙල පිලිකා හදුනාගැනිමට මෙම පරික්ෂාව සිදුකරනවා. සාමාන්‍යයෙන් පැප් එකක් කරන්න සුදුසු වෙන්නේ ඔසප් චක්‍රයේ 10-20 අතර දිනකදි. පරික්ෂාවට පැය 24 කට පමන පෙර සිට ලිංගික සබදතා මදක් නැවැත්විය යුතුයි. 

ස්පැකියුල උපකරනය මර්ගයෙන් යෝනි මාර්ගය යම් තරමකට පුලුල් කරගෙන ලි ස්පැටුලාවක්  බාවෙිතයෙන් සෛල වෙන්කර ගනු ලබනවා. පැප් පරික්ෂාව වේදනා රහිතයි. නමුත් සමහර දෙනෙක්ට මෙය අන්කන්ෆටබල් වෙන්න පුලුවන්. පැප් පරික්ෂාවෙන් පසු සමහර දෙනාට සුලු ලෙස රුධිර වහනයක් වෙන්නත් පුලුවන්. සාමාන්‍යයෙන් 30-60ත් අතර වයසේ පසුවන කාන්තාවන් වසර 3ක‍ට වරක් පැප් පරික්ෂාව සිදුකර ගන්නේ නම් මැනවි. වයස්ගත වෙත්ම වෛද්‍ය උපදෙස් මත පරීක්ෂාව නැවතිමටද අවස්ථාව ඇත. 

පැප් පිරික්ෂාව ලංකාවේ සැම සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරි කාර්යාල වල සුවනාරි සායන වලදි නොමිලේම සිදුකරගත හැක.  

එමෙන්ම,
පැප් පරික්ෂාවේ ප්‍රතිපල අසාමන්‍යෙ වු පමනින්ම එය පිලිකාවක් ලෙස අනවශ්‍ය බියක් ඇතිකර ගතයුතු නැත. විවිධ ආසාධන, ඔසප් චක්‍රයේ ගැටලු, නිදිය ලබාගැනිමේදි වු අක්‍රමාකතා, ලිංග‍ේන්‍ද්‍රයන්ට උපත්පාලන උපකරන නිසිලෙස ඇතුල් නොකිරිමේදි වු ගැටලු වැනි විවිද හේතු නිස‍ා ප්‍රතිපල අසාමන්‍යෙ විය හැක. එබැවින් කලබල නොවි, විශේෂඥ වෛද්‍ය උපදෙස් පැතිම නුවනට හුරුයි.

මානව පැපිලෝම වෛරස සම ස්පර්ශයෙන් ඉතා පහසුවෙන් ව්‍යාප්ත වෙන්න පුලුවන්. ලිංගික සබදතා මගිනුත් ව්‍යාප්ත වෙන්න පුලුවන්. එම ලිංගික සබදතා අභ්‍යන්තර ලිංගික සබදතා විය යුතුම නැ. 

මුක ලිංගික ක්‍රියාවලින් වුවද වෛරස ශරිර ගත වෙන්න පුලුවන්. ලිංගික සබදතා මගින් බෝවන බැවින්, ලිංගික සබදතා පැවැත්විමේදි ආරක්ෂාකාරි විම සිදුකල යුතුයි. 

මානව පැපිලෝමා වෛරස වර්ග සදහා වැක්සින හදුන්වා දි තිබෙනවා. මෙම වැක්සින සියලුම පැපිලෝමා වෛරස සදහා බලනොපාන බවත් සදහන් කල යුතුයි.

No comments:

Post a Comment